මම්මොන්ට මේසේ උඩ තියෙන ෆයිල් ඔක්කොම විසි කරලා දාන්න තරම් කේන්තියක් ආවත් එයා ඒක පාලනය කළා.. හරියට හැමදාම කළා වගේ..
මම්මොන් ෆයිල් ඔක්කොම එක එක පෙරලන ගමන් නැවත නැවතත් එකම දේවල් හොදින් අධ්‍යනය කළේ මේ පාර නම් කොමහරි මොනා හරි හොයා ගන්නවා කියලා හිතන ගමන්..
ඒ අතර කාර්යාලයේ දොර විවෘත කළේ හෙවන්..
" මම්මෝන් "
" මොක ද ? "
" මේක ඔයාට "
හෙවන් දික් කළේ විනිවිද පේන කවරයක්.. එකේ ඇතුළේ තිබුණේ පරණ කාලේ පාවිච්චි කරපු කළු පාට ටේප් පටි කිහිපයක්..
" ම්ම් ඔතනින් තියන්න "
" මම්මොන්! "
" ඕහ් හෙවන් මොකද !? "
" මේ මොනවා ද කියලවත් දන්නවා ද ? "
" නෑ "
" මාත් එක්ක තරහින් කියලා දන්නවා ඒත් පෞද්ගලික දේවල් එළියේ තියලා වැඩේට අවධානය දෙන්න "
" පෞද්ගලික දේවල් ඇතුළට ගෙනාවේ මම ද ඔයා ද ? "
" මේවා සේජාෆ් ගේ ගෙදරින් හම්බෙලා තියෙන්නේ "
මම්මොන්ගේ ප්‍රශ්නෙන් ලිස්සලා යන ගමන් හෙවන් කීවා..
" මොකක්? ඕවා පරීක්ෂණ කරද්දී හම්බුනේ නෑනේ "
" මේවා එදා මරණය වුණු දවසෙමයි හම්බවෙලා තියෙන්නේ.. පොලිසියට විමර්ශන වලට මේක එවන්න අමතක වෙලා "
" වට් ද අක්ෂුවල් ෆක්!.. අමතක වෙලා? හහ්!! "
මම්මොන් හයියෙන් කෑගැහුවේ සාමාන්‍යයෙන් මේ වගේ සාක්ෂ්‍ය කාටත් කලින් මම්මොන් අතට ලැබෙන්න ඕනේ නිසා..
" මං දන්නවා මේක පොලිසියේ වැරද්දක් නෙමෙයි. මං හිතන්නේ මේක අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් පරක්කු කළා "
" දන්නවා. එයාලට ඕනේ මාව යවන්න. ඕක ඔතනින් තියලා ඔයා යන්න "
" හරි "
" හෙවන් මං අද හවස ගෙදර එන්නේ නෑ ඔයා තනියම ඉන්න බැරි නම් කෝලාගේ ගෙදර යන්න "
" මයි ඇස්! මැරුණත් කෝලාගේ ගෙදර යන්නේ නෑ "
හෙවන් ගස්සාගෙන ගියේ මම්මොන් හිනා වෙනකොට..
_________________________________________
22:31
23:30
08.07.22©anti-social-cat
චැපී දෙකක් කොහෙවත් ඉන්න කපල් එකක් වෙනුවෙන් වැය වුණු නිසා කතාව දික් වුණා ( ~_~ )
(217)
YOU ARE READING
𝐃𝐈𝐒𝐆𝐔𝐈𝐒𝐄 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ ]
Mystery / Thriller" Once you ignored, They giveup and let the EVIL " SINHALA NON FANFICTION REALISM BUT FICTION NOT A LOVE STORY " එයා හරි මූසලයි..! " " එහ් එයාට ඒක ඇහුණා " ___________________________________ 19.31 12.05.22 PUBLISHED -: 07.07.22 at 12:50 FINISHED...