Jungkook pov-
ඒ මූසල දවසෙන් පස්සෙ අද වනතුරුත් මට මගෙ කෙල්ලව දකින්න ලැබුනෙ නෑ. සමහරවිට එයාගෙ ඔම්මයි අප්පයි එයාව මෙහෙන් දුරකට අරගෙන යන්න ඇති. මෙහෙන් නෙවෙයි මගෙන් දුරකට.
කොහොමහරි එයාව මට දුර ඉදලාවත් දකින්න පුංචිම අවස්ථාවකවත් ලැබුනෙ නෑ.
හායූන්ගෙ ගෙදර තියෙන්නෙ කොහෙද කියලා මම කොහොමත් දැනගෙන හිටියෙ නැ. මම එයාව හොයන්න කියලාවත් දැනගෙන හිටපු එකම තැන චිකන් කඩේ විතරක් වෙනකොට ඒකත් හැමදාම තිබුනෙ වහලා දාලා. අඩුම තරමින් මගෙ කෙල්ල හොදින්ද දැනගන්න පුංචි ඉගියක්වත් ඒ පණ නැති කඩෙන්වත් මට ලැබුනෙ නෑ.
ටේහ්යුන්ගෙ නම්බර් එකට වදයක් වෙන තරම්ම මැසේජ් ගොඩාක් දැම්මත් කිසිම ප්රතිචාරයක් මට ලැබුනෙ නෑ. අඩුම තරමින් මම බලාගෙන හිටියා මගෙ නම්බර් එක බ්ලොක් වෙනකම් වත්. එහෙම උනොත් ටේහ්යුන් මගෙ මැසේජ් කියෙව්වා කියලාවත් මට හිත හදාගන්න තිබුනා. ඒත් හැමදාම ඒ මැසේජ් නිකම්ම සෙන්ඩ් උනා. හායූන්ගෙ නම්බර් එක වැඩ නොකල නිසාම හායූන් ගැන පුංචි පුංචි දේවල් පවා මම ටේහ්යුන්ට වද දිදි ඇහුවා. උත්තරයක් නැති උනත් මන් ඒක පුරුද්දක් කරගත්තා.
"සර් ජන්කුක්, මන් හිතනවා ඔබතුමා ලෑස්ති වෙලා ඇති කියලා"
ජෙයා ආයම්මගෙ කටහඩ දොරෙන් එපිට ඇහෙද්දි මම ඉක්මනින්ම පෝන් එක සයිඩ් ටේබල් එක උඩට අත ඇරලා ඇද උඩ වෙන් කරලා තිබුන ඇදුම අදින්න පටන් ගත්තා.
මිනිස්සු මට මුරණ්ඩු වෙන්න, තරහා පිටකරන්න ළදරුවෙක්ට දෙන තරම්වත් අවස්ථාවක් දෙන්නෙ නෑ.
මට එයාලට බනින්න ඕනි උනත්, මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා! කියලා කෑගහන්න ඕනි උනත්, දැකලාවත් නැති ගෑනියෙක් එක්ක කසාදෙ කරගන්න කියනකොට මට එපා කියලා අප්පගෙ මූණටම කියන්න ඕනි උනත්,
මට ඒ මුකුත්ම කරන්න බෑ.
මම අප්පට විරුද්ධව එකම එක වචනයක් කියන ඊළග තත්පරේම මගෙ නම ඉස්සරහා තියන ජියෝන් කෑල්ල නැතිවෙලා යයි. ඒ එක තත්පරෙන් මගෙ මහන්සිය, මේ තැන රදවගන්න මම කරපු සමහර පුංචි පුංචි කැපකිරීම් පවා නැත්තටම නැති වෙලා යයි.
YOU ARE READING
Emotionless puppet || JJK [Completed]
Fanfictionකාගෙවත් ඇගිලිතුඩු කියන දේ කරනවා ඇරෙන්න රූකඩයකට කොහෙන්ද හැගීම් රසවිදින්න අයිතියක්? ❤️