Author's pov-
කොෆි ශොප් එකේ මේසෙක වාඩිවෙලා හිටපු ටේහ්යුන් ෆෝන් එකේ තිරය උඩපහල යැව්වෙ කටකොනේ ඇදුන අමුතු හිනාවක් එක්ක. කොල්ලා කිසිම කෑමක් අරගෙන තිබුනෙත් නෑ. එයා හිටියෙ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්. ඒ කෙනා එනකම් ෆෝන් එක ඔබ ඔබ හිටපු ටේහ්යුන්ගෙ ඇස් සැරින් සැරේ එයාගෙ පැත්තකින් මේසෙ උඩ තිබුන ලොකු ලියුම් කවරෙටත් ගියා.
කොල්ලගෙ හිතෙ තිබුන සැකය, වරදකාරී හැගීම දැන් ටිකක් නැතිවෙලා. එ නිසා ටේහ්යුන් හිටියෙ පුංචි උද්යෝගෙකින්. උද්යෝගෙ වැඩි කමටදෝ සැරින් සැරේ කොල්ලගෙ කටින් පුංචි තනුවකුත් පිට පැන්නා. එයා වැරැදි තීරණයක් නෙවෙයි අරගෙන තියෙන්නෙ. එයා හිතපු විදියට වැඩ සිද්ධ නොවුනොත්, එයා රැවටිලා තිබුනොත් මේ ලොකු ලියුම් කවරෙ ඇතුලෙ හැංගිලා තියන ලියකියවිලි ඉරලා දානවා කියලායි ටේහ්යුන් ප්ලෑන් කරගෙන හිටියෙ. ඒත් දැන්නම් එහෙම කරන්න ඕන්නෑ වගෙ.
ටිකකින් පුරුදු හැඩරුවක් ඇස් කොනට පේද්දි ටේහ්යුන් ඔලුව උස්සලා අමුත්තා දිහා බැලුවා.
"ඔයා ඒක කලා එහෙනම්."
කොල්ලගෙන් පිට උන පලවෙනිම වචන ටික ඒක. ඒකට ජන්කුක් පුංචි හිනාවක් දාන ගමන් ටේහ්යුන්ට විරුද්ධ පැත්තෙ පුටුවකින් වාඩි උනේ කොල්ලගෙ උරේ එල්ලගෙන ඉදපු බෑග්ගෙක ඊට එහා පුටුවෙන් තියලා.
ඊළගට ජන්කුක්ගෙ ඇස් කෙලින්ම ටේහ්යුන් ලග නැවතුනා. එක වචනයක්වත් කටින් නොකිව්වත් ඒ ඇස් වල ලියවුන වචන ගොඩාක් ටේහ්යුන්ට එක බැල්මකින් කියවගන්න පුලුවන්. ඒ තරම් නමක් නැති බයක්දෝ, නොසන්සුන්කමක්දෝ නොතේරෙන හැගීම් ගොන්නක් ඒ බෝල ඇස් වල පිරිලා.
හායූන්ගෙ බත් බෝලේ... හහ්...
හේතුවක් නැතුවම එකපාර ඔලුවට ආපු දෙයින් ටේහ්යුන්ට පොඩි හිනාවක් ගියා. අද හායූන් කොල්ලව දැක්කම මොන මගුලක් වෙයිද කියලා ටේහ්යුන්ටම හිතාගන්න බෑ. ඒ කෙල්ල කලින් හායූන්ම උනානම් සමහරවිට ජන්කුක්ව දැක්ක ගමන් බදාගනී.
ටේහ්යුන් මුකුත් කතා නොකරන පාර ජන්කුක් ෆෝන් එක අතට ගත්තා.
YOU ARE READING
Emotionless puppet || JJK [Completed]
Fanfictionකාගෙවත් ඇගිලිතුඩු කියන දේ කරනවා ඇරෙන්න රූකඩයකට කොහෙන්ද හැගීම් රසවිදින්න අයිතියක්? ❤️