Jungkook's pov-
"ජන්කුක්, ඔයා කැමතිනම් අද අපි දෙන්නත් එක්ක අපේ කඩේට යම්. ටේහ්‍යුනුත් අද එනවා කිව්වා"
කටේ කෑම පුරෝගෙන කම්මුල් බෝල කරන් කෑම කන හායූන් එකපාරම එහෙම කියලා දැම්මෙ ටේහ්‍යුනුත් ඔලුව වනද්දි. මන් එයා දිහා බලාගෙන හිටියෙ ඇත්තටම එයා අදහස් කරපු දේ මට නොතේරුන නිසා. එයාට ඕනිද මාත් එක්ක කොහෙ හරි යන්න? ඔහ්හ්! ඩේට් එකක්- අනි අනියෝ එහෙමනම් ටේහ්‍යුන්ව එක්කන් යන්නෙ පාර පෙන්නන්නයැය්!.
"බලකරන්නැ බත්බෝලේ.. ඔයා කැමතිනම් විතරක්. ඔයත් දැන් අපෙ යාලුවෙක් හින්ද ඉතින් මම කිව්වෙ. අපෙ ඔම්මලත් අදුනගන්න පුලුවන් ඔයාට"
ඔම්මලාව අදුනගන්න?? හායූන්ගේ?? මේ මම???
ඒකට මගෙ ඔලුව තවත් විකාර වෙලා ගියා. මන් හිතන දේවල් විකාරයි තමයි. හායූන් දකිද්දි මගෙ හිතට එන සමහරදේවල් ජීවිතේට බලාපොරොත්තු තියාගන්න බැරි විකාර දේවල් තමයි. ඒ උනත් ඔම්මලා හම්බවෙන්න එයා ඇයි මාව එක්කගෙන යන්නේ? එයා අනිත් ළමයින්ව එහෙම එක්කන් ගිහිල්ලා ඇද්ද? ටේහ්‍යුන් ඇරෙන්න? ඒත් නැතුව ඇති.
ප්‍රශ්නනම් ගොඩායි. ඒත් මම අහන්නෙ කොහොමද?
ෆෝන් එක ගත්ත මම ඒකේ මට ඕනි දේ ටය්ප් කරලා හායූන්ට පෙන්නුවා.
'මම එහෙම එන එක හොදයිද? ඔයාලගෙ අම්මලා එකපාරම මාව දකිද්දි වැරදියට හිතයි'
"හපෝ! එයාලා මොනා හිතන්නද අනේ... ඔයා ඇවිල්ලා බලන්නකො බත්බෝලේ අපෙ ඔම්මලා අපි දෙන්නටම වඩා ඔයාට ආදරේ වෙයි. එයාලා එහෙම මුකුත් හිතන්නෑ. මන් කොහොමත් මගෙ හැම යාලුවෙක් ගැනම එයාලට කියනවනෙ. ඔයා ගැන විතරයි ලොකුවට මුකුත් නොදන්නේ. අනික අපේ නූඩ්ල්ස් තමා මේ සෝල් වල තියන හොදම නූඩ්ල්ස්. ඒවා එක පාරක් කෑවොත් ඔයාට හැමදාම කන්න හිතෙනවා ශුවර් ජන්කුක්. ඔන්න ඔයා නාවොත් ඔයාටමයි පස්සෙ පසුතැවෙන්න වෙන්නෙ හාද."
හායූන් කටර් එක වගේ මගේ දිහා බලන් කියවද්දි, හායූන් කියන වචනයක් වචනයක් ගානෙ 'ඔව්' කිකියා ඔලුව උඩපහල වන වන හිටපු ටේහ්‍යුන් හායූන්ගෙ කෑම ප්ලේට් එකෙන් මොනමොනවදෝ උස්සන හැටිත් මගේ ඇස් කොනට පෙනුනා. ඒත් හායූන් ඒක දැක්කෙ නෑ.
YOU ARE READING
Emotionless puppet || JJK [Completed]
Fiksi Penggemarකාගෙවත් ඇගිලිතුඩු කියන දේ කරනවා ඇරෙන්න රූකඩයකට කොහෙන්ද හැගීම් රසවිදින්න අයිතියක්? ❤️