Author's pov-
කාලෙකට කලින් යාලුවො තුන් දෙනාම එන්න පෙරුම් පුරපු සෝල් යුනිවසිටි එකේ අද හිටියෙ ජන්කුක් විතරයි. ජන්කුක් ආයෙමත් තනි වෙලා තිබුනා. අර කලින් කිසිම යාලුවෙක් නැති කාලෙ වගේම ජන්කුක් ආයෙමත් දැන් යුනිවසිටි එකේ අයට පේන්නත් ගතකලේ තනි උන ගුප්ත ජීවිතයක්. ඒත් ඉස්සර වගෙ අනිත් ළමයි යාලුවො එක්ක ඉද්දි ජන්කුක් ඒක විකාර හැගීමක් වගෙ දැක්කෙ නෑ. මොකද ජන්කුක්ටත් යාලුවො ගැන ලස්සන අත්දැකීම් තිබුන නිසා. ජන්කුක්ට ඒවා ගොඩාක් මතක් උනා.
ජන්කුක්ටත් වඩා සෝල් යුනි එන්න බලාගෙන හිටියෙ හායූන් වගේම ටේහ්යුන්. ඒත් අද එයාලා ගැන කිසිම විස්තරයක් ජන්කුක්ට හොයාගන්න බැරි වෙලා ගිහින්.
ලෙක්චර්ස් වලට සහභාගි වෙන්න විතරයි ජන්කුක් උනත් යුනිවසිටි එකට ආවෙ. අඩුම තරමෙ පුංචි කෑමක් ගන්න තරම්වත් කාලයක් ජන්කුක් ඒ තුළ රැදුනෙ නෑ. වැඩේ ඉවර උන ගමන්ම හන්වූ එක්ක ආයෙමත් ඔෆිස් එකට යන කොල්ලා වැඩත් එක්ක කාර්යබහුල උනා.
එතකොට එයාට අනිත් ළමයි වගෙ විනෝදය පිරුන විශ්වවිද්යාල ජීවිතයක් නොලැබුනා කියලා දුක් වෙන්න ඕනි වෙන්නෙ නෑනෙ.
ජන්කුක් එයාම නිර්මාණය කරන 'යුන්ගුම්' කාර් එක වෙනුවෙන්ම කැප වෙන්න පටන් ගත්තා. ඒකෙන් එයාට සතුටක් දැනුන නිසා. වෙන කිසිම දේකට දෙන්න බැරි සතුට එයාගෙම නිර්මාණයෙන් ලැබුන නිසාම ජන්කුක් පිස්සුවෙන් වගෙ මහන්සි උනේ එයාගෙ නිර්මාණය තවතව ඔප් නන්වන්න.
අනිත් අතට ජන්කුක් යාලුවො ඇති කරගන්න ඒ තරම් දක්ෂත් නෑ. අදටත් ජන්කුක්ට ඒ යාලුවො දෙන්නා ඇරුනම එකම යාලුවෙක්වත් නෑ. උත්සාහ කලානම් තව ජන්කුක් ගැන අවධානෙන් ඉන්න ළමයි අතරින් කීපදෙනෙක්වත් ජන්කුක් එක්ක කතාබහ කරලා ඉන්න තිබුනා උනත් ජන්කුක් සම්බන්දතා ඇති කරගන්න ඒ තරම් දක්ශයෙක් උනේ නෑ.
අඩුම තරමෙ ළමයෙක් කතා කරන්න උත්සාහ කරද්දි ටිකක් මානුශීය විදියට හිනාවෙන්නවත් ඒ වගෙ වෙලාවට ජන්කුක්ගෙ මොලේ හරිහැටි වැඩ කලේ නෑ. එයා හිනාවෙන්න ඕනි කියලා හිතුවත්, හිත ඇතුලෙන් කොච්චර කලබල උනත් පිටින් කිසිම ප්රතිචාරයක් දුන්නෙ නෑ.
YOU ARE READING
Emotionless puppet || JJK [Completed]
Fanfictionකාගෙවත් ඇගිලිතුඩු කියන දේ කරනවා ඇරෙන්න රූකඩයකට කොහෙන්ද හැගීම් රසවිදින්න අයිතියක්? ❤️