Author's pov-
එලාම් එක වදිද්දි බ්ලැන්කට් එක අස්සෙන් හැංගිලාම බෙඩ් ටේබල් එකට අත යවපු හායූන් සද්දෙ නවතිනකම්ම දෙපාරක් තුන්පාරක් ෆෝන් එකේ එක එක තැන් ටච් කලා. ටච් කලාටත් වඩා කෙල්ල ඇගිල්ල උලුප්පගෙන ෆෝන් එකට ඇන්නා. ඊටත් විනාඩි පහ හයකට පස්සෙයි එයා සොම්බියෙක් වගේ ඇද දිගෙ බඩගාලා බිමට බැස්සෙ.
ඇස් බාගෙට වහගෙනම බාතෲම් එකටත් ගියපු කෙල්ල විනාඩි කීපයකට පස්සෙ ෆ්රෙශ් පිට එලියට ආවා. එයා දැන් පොඩි ළමයෙක් නෙවෙයි. ඉදලා හිටලා ළමා ගති මතු උනත් එයා දැන් වගකීම් පිරුන වයිෆ් කෙනෙක්. ඉතින් එයා උදේම නැගිට්ටා. නැගිට්ට ගමන්ම පොඩ්ඩක් විතර විකාර උනාට මොකද කෙල්ල වොශ් රූම් එකට ගිහින් එද්දි හොද සිහියෙන් එලියට ආවෙ.
ගෙදරම ලයිට්ස් ඔන් කරපු කෙල්ල මුලින්ම කලේ උණු උණු කෝෆි දෙකක් හදාගත්ත එක. ඊටපස්සෙ එයා ඒකත් අරගෙන ගෙදර අනිත් සාමාජිකයගෙ කාමරේ දොරත් ඇරගෙන කෙලින්ම ඇතුළට ගියා.
"ජන්කුක්... පරක්කුයී. නැගිටින්න....!"
කෙල්ල බරාස් ගාලා ජනෙල් රෙදි අයින් කලත් තවමත් වැටිලා තිබුනෙ ළා හිරු කිරණක්. ඒකත් කාමරේට හොදින්ම වැටුනෙ නෑ. ඒත් ඊලග මොහොතම කෙල්ල ජනෙල් කීපයත් ඇරලා දාපු නිසා ඇදේ ඉදපු කම්මැලියා නින්දෙන්ම මූණත් පුලුටු කරන් තව තව බෝල ගැහුනා. සීතලයිනෙ.
"කො ඉතින්.. ඔය දණහිස් දෙකත් කටේ ඇනෙනවා මනුස්සයෝ. කො නැගිටින්න. පරක්කුයි හොදටම."
කොහෙටදො අහු උන තැනකට බ්ලැන්කට් එක උඩින්ම දෙක තුනක් අතෑරපු කෙල්ල ජන්කුක් ඔලුව පේන විදියට බ්ලැන්කට් එක අයින් කලා. කොල්ලා ඉන්න විදියට කෙල්ලටම හිනාව නවත්තගන්න බෑ. තව චුට්ටක් ජන්කුක්ට වකුටු වෙන්න පුලුවන් උනානම් කොල්ලගෙ මූණ දණහිස් දෙක ඇතුළෙන් රදවගන්නත් තිබුනා.
"නැගිටින්න දැන්."
අමාරුවෙන් ඇස් ලොකු කරගත්ත කොල්ලා හා කියලා ඔලුවත් වනලා ඇදෙ ඉදත් ගත්තා. මොකද කොල්ලා දැන් අත්දැකීමෙන්ම දන්නවා එයා නැගිටිනකම්ම කෙල්ල කරදර කරන එක නවත්තන්නැති බව.
"කෝෆි එක බීලා මූණ සෝදගන්න මම කෑම හදන්නම්."
ඒකටත් කොල්ලා කලේ ඔලුව වනන එක. ඒත් කෙල්ල කාමරේ දොරෙන් නොපෙනි යනවත් එක්කම ජන්කුක් ආපහු ඇද උඩට කඩාගෙන වැටිලා බ්ලැන්කට් එක ඔතාගත්තා. වැඩිය නෑ. තව චුට්ටම චුට්ටක් නිදාගන්න. පොඩ්ඩමයි.
YOU ARE READING
Emotionless puppet || JJK [Completed]
Fanfictionකාගෙවත් ඇගිලිතුඩු කියන දේ කරනවා ඇරෙන්න රූකඩයකට කොහෙන්ද හැගීම් රසවිදින්න අයිතියක්? ❤️