Chapter 19 ❤

202 40 44
                                    

මිනූට සිහිය එද්දි එයාට ඇහුනෙ මිනිස්සු එහාට මෙහාට යන සද්ද ගොඩක්... ඒත් එක්කම තමන් ලගින්ම ඉදගෙන, යූහිට තුරුල් වෙලා නිදියන් ඉන්න ෂෙනූවත්... එතනම තිබ්බ බංකුවක නිදියන් ඉන්න ජූන්,යුන්ගි,හොබී,කුකී,ජිමින්වත් දැක්කම මිනූට ඇතිවුනේ ලොකු දුකක්... තමන් එයාලටත් දුක් දෙනවා කියල හිතුන මිනූට දැනුනෙ තමන් ගැනම වෛරයක්... මිනූට ඕන උනේ මේ වෙච්ච හැමදෙයක්ම හීනයක් කියලා හිතන්න.

ඒ නිසාම එයා බැලුවේ ටේ  ඉන්නවද කියලා...

ඒත් අවාසනාවකට මේ හැම දෙයක්ම හීනයක් නොවන බව ඔප්පු කරමින් ටේ එතන හිටියේ නැහැ...

ඒත් එක්කම මිනූගෙ ඇස්වලින් කදුලු වැටෙන්න ගියෙ සුලු මොහොතයි... ඒත් ඉක්මනින්ම එයා කඳුළු පිහා ගත්තේ ජන්කුක් ඇහැරෙනවා දැකපු නිසා..

🐰නූනා..නූනා ඔයාට සිහිය ආවාද... හියුන්ලා.. නූනලා නැගිටින්නකෝ මේ මිනූ නූනාට සිහිය ඇවිත්

කුකී කෑ ගැහුවෙ ඇස්වල සතුටු කදුලු පුරෝගෙන

🌼අනේ මිනූ... ඔයාට දැන් හොදයි නේද

ෂෙනූ කතා කලේ මිනූගෙ අත අල්ලගෙන

ඒත් එක්කම මිනූ දැක්කෙ ෂෙනූගෙ ඇස් රතු වෙලා තියෙන විදිහ... ෂෙනූ ඊයේ රෑම අඩලා කියන එක තේරුම්ගන්න මිනූට වැඩි වෙලාවක් ගියෙ නෑ..

💙අනේ මැණික ඔයාට දැන් හොදයි නේද

යූහිත් ඇහුවේ සැනසුම් හුස්මක් හෙලන ගමන්

මිනූ ඔව් කියන්න වගේ ඔලුව හෙල්ලුවා..

🐨අනේ මිනූ දැන් අමාරුවක් නෑ නේද

🐱කන්න මොනාහරි ගේන්නද මිනූ

🦄නැත්තන් බොන්න මොනා හරි

🐥දැන් මෙයාට කන්න දුන්නට ප්‍රශ්නයක් නෑ නේද යූහි නූනා..

💙පොඩ්ඩක් ඉන්න ජිමින් මං මෙයාව චෙක් කරනකන්

එහෙම කියපු යූහි මිනූව චෙක් කරල බැලුවා..

💙ඔව් දැන් නම් ප්‍රශ්නයක් නෑ... තාම ටිකක් දුර්වලයි.. කන්න දුන්නම හරි

🐥ඉන්න මං කන්න මොනා හරි අරන් එන්නම්

🐰ඉන්න හියුන් මාත් එන්නම්... නූනා කැමති කෑම මමනෙ දන්නෙ

● Don't Leave Me ●  (Completed)Where stories live. Discover now