සෝල් අහස අද ගොඩක් එලි වෙලා...රැ වුනත් අහස පුරාම තිබ්බෙ ලස්සන එලියක්. ටේ මගෙ අතින් අල්ලගත්තෙ එක පාරටම...මම ගැස්සුනා.
" දැන් මෙතන හිටියා ඇති...අපි යමු...තව ගොඩක් දුර යන්නත් තියෙනවනේ...."
මඩමෙ ඉදන් මාව ටේ එක්කන් ආපු එක මට තාම හිතාගන්න බැ. එතනින් එන එක ලේසි වුනේ නෑ. ලොකු ගානක් ඒකට ගෙවන්න සිද්ද වුනා. හරියට මං ඒකටම බැඳිලා වගේ එයාලා කතා කලේ. ටේත් එක්ක ඉන්නකොට හිතට සැනසීමක් දැනෙනවා. මං දන්නෑ ඒ ඇයි කියලා.
" ඔයා...මට ඔයා ගැන කිව්වෙ නෑනේ. ඔයා ඇත්තටම ස්ත්රි දූෂකයෙක්ද?...ඒත් මට එහෙම හිතෙන්නෙ නෑනෙ "
" පලවෙනි එක වුනේ උසස් පාසලේදී...එයා පොඩි කෙල්ලෙක්....ඒත් මගෙ ආසාව සම්පූර්ණ කරගන්න හරියට බැරි වුනා...."
" මො..කක් ඒ කියන්නෙ ඒක ඇත්තක්."
" හ්ම් මට ගනන් කරන්නත් අමාරුයි...ඔය ගණිකා මඩම මට මගෙ ගෙදර වගේ...හැමදාම මං එහෙට යනවා "මට එයා ගැන අමුත්තක් දැනුනා. කවුද මේ..හිටි හැටියේ මගෙ ජීවිතේට ආවෙ ඇයි?
" ඔයා තමයි මගෙන් බේරිච්ච පලවෙනි කෙල්ල...." එයා ඒක කිව්වෙ සැහැල්ලුවට.
" ආහ්...තව දුරයිද ඔයාගෙ ගෙදරට..."
" නෑ...අන්න අර තියෙන්නෙ මගෙ ගෙදර "
මගෙ ඇස් ආයෙම ලොකු වුනේ ටේගෙ මූණට හිනාවක් එද්දි. ඒ ගෙදර ගොඩක් ලොකුයි වගේම ලස්සනයි. අපි තවත් අඩි කීපෙකින් එයාගෙ ගෙදරට ආවා. හරියට මාලිගාවක් වගේ.
"මෙ..මෙහෙ තව කවුද ඉන්නෙ?"
" මං විතරයි..."
" හෑ..මෙච්චර ලොකු ගෙදරක...ඔයා විතරක්...ඔයාගෙ අම්මයි තාත්..."" ඒයි ඒයි වැඩි ප්රශ්න ඕනි නෑ...දැන් මහන්සිත් ඇතිනේ...මොනවහරි කනවද?..හ්ම්"
මම ඔලුව වැනුවා.
ඒ ගෙදර ඇවිදින්න දවසකුත් මදි වගේ. හැම පහසු කමක්ම මෙයාට තියෙනවනේ. මගෙ ඇස් ගියෙ කෙලවරේම තිබුනු පුසාතකාලෙට. ඒක පොත් වලින් පුරවලා දාලා.
" අම්මෝ ඔයා පොත් කියවනවද?..ආ"
" ඒයි...තමුන්ටත් ඕනි නැති දෙයක් නෑ...ඔව් ඔව් කියවනවා "