තෙවන කොටස

211 47 15
                                    

" අනේ කවුරුත් නැද්ද....ම්...මට යන්න දෙන්න " මගෙ කෑගැහිල්ලට අර ගාඩ් එක්ක ටේගෙ තාත්තා එතනට ආවා.

" තමුන් කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ කෙල්ලේ...කිම් ටේහියුන්ග් මෙතනට එනකන් උබට මෙතන ඉන්නම වෙනවා..."

" අනේ...මට බෑ..."

" වැඩිය දැඟලුවොත් තමුන්ට වෙන්නෙත් අපේ අවශ්‍යතා සපුරන්න තමා "

එහෙම කියලා එයාලා කාමරෙන් ගියා. මීට වඩා හොඳයි මඩමෙම හිටියනම්. ටේ කොහෙද ඔයා ඉන්නෙ? ඉක්මනට එන්නකෝ...ඔයා ඇයි ඒ වගේ දෙයක් ඔයාගෙ නංගිට කලේ.

දින කිහිපයකට පසු 🌸🍃

"මේකා කොහෙට වෙලා ඉන්නවද දන්නෑ..අසමඡ්ඡාතියා..."

" ඒ තමුන්ගෙම පුතානේ...අප්පා වගේම ආසාවල් විතරයි..අන්තිමට මගෙ කෙල්ලට කරපු දේ "

මං හිතන්නෙ ඒ ටේගෙ ආම්මා. ටේගෙ අප්පා ලොකු දේශපාලනඥයෙක් කියලා මං පලවෙනි දවසෙම දැනගත්තා. මේ තරම් දෙයක් කරලා ටේ කොහෙද ඉන්නෙ. දැන් නම් මට ටේ ගැන තියෙන්නෙ අප්පිරියාවක්.

" සර්...ටේහියුන්ග් බේබි කෝල් එක ආන්සර් කරා "

පහල තට්ටුවෙන් ඇහුනු සද්දෙට මට නැගිටුනා. දවස් ගානක් එකම විදිහට ඉදලා මගෙ ඇඟටත් පන නෑ.

" අහපන්...උබට ඔය කෙල්ලව ඔච්චරම වටිනවනම් වරෙන්...ඇවිත් අරන් පලයන් "

ටේ දවස් ගානකට පස්සෙ කෝල් එක ආන්සර් කරලා. දැන්වත් මට ගැලවීමක් ලැබෙයිද.

" හහ් හහ් හ...මේ සුරංගනාවියක් වගේ කෙල්ල මගෙ අතින්ම ඉඳුල් වෙනවා දකින්න මට දැන් ආසාවක් තියෙනවා "

මොනවද දෙයියනේ මේ වෙන්නෙ..මට හැමදාමත් ප්‍රශ්න විතරයි.

" ආ...උබම කතා කරපන් " ටේගෙ අප්පා ෆෝන් එක මගෙ කනේ තිබ්බා. මම වෙව්ල වෙව්ල කතා කලා.

" හෙ...හෙලෝ "

" ගායල් " ටේගෙ සීතල කටහඬ එහා පැත්තෙන් ඇහුනා. ජීවිතේ කවදාවත් නැති විදිහට අමුතුම හැඟීමක් මට දැනුනා. මගේ හිතේ තිබ්බ බය ටේගෙ කටහඬ ඇහෙනවත් එක්කම නැති වෙලා ගියා. ඒත් ඇයි ඒ. මොකක්ද එයාගෙයි මගෙයි අතර තියෙන සම්බන්ධෙ.

අනංගයා [KTH] Completed ✔Where stories live. Discover now