පස්වන කොටස

201 43 22
                                    

"හිමීට හිමීට නැගිටින්න...ඔයාගෙ කොන්දට ගොඩක් damage වෙලා නිසයි නැගිටින්න අමාරු..."

හොස්පිට්ල් එකේ නර්ස් කෙනෙක් මාව ඇඳේ කෙලින් කරලා සුප් එකක් දුන්නා.

" ඕක බොන්න...ඔයාට අමාරුනම් අර ගර්ල්ට මං එන්න කියන්නම්.  "

" ක..කවුද?" මම අමාරුවෙන් ඇහුවා. කතාකරගන්නත් අමාරු තරමට මට තුවාල වෙලා.

" ඉන්නකෝ " නර්ස් එලියට ගිහින් ආපහු ඇතුලට ආවේ දෝහි එක්ක. කෙල්ල අඬලද කොහෙද. ඇස් හොඳටම රතු වෙලා.

" ඔන්නී...අනේ ඔන්නී මට සමාවෙන්න මං නිසා මේ ප්‍රශ්න සේරම...I'm really sorry "

" ඒකට කමක් නෑ දෝහි...ගිය දේ ගියා..ඒත්..ඒත් කෝ ටේ...ඊයෙ මොකද වුනේ?"

" ඊයේ?" කෙල්ල මං දිහා අමුතුවට බලාගෙන ඇහුවා.

" ඇ..ඇයි "

" ඔන්නි ඔයා නැගිට්ටෙ හරියටම මාස එක හමාරකට පස්සෙ "

" මොකක්!" දෝහී ඔව් කියන්න වගේ ඔලුව වැනුවා. ඒ කියන්නෙ මම මාස එක හමාරක් කෝමා එකක ඉදලා තියෙන්නෙ. මට හිතාගන්නවත් බෑ.

" එදා ගොඩක් නරක දවසක් ඔන්නී මට ඒ දවස මතක් වෙනකොට තාමත් බයයි...මේ හැමදේම පටන්ගත්තෙ මීට මාස දෙකකට කලින්...මට..ම..ට boyfriend කෙනෙක් හිටියා...එ..එයා තමයි ඔප්පගෙ හොදම යාලුවා. මම හිතුවෙ එයා මට ඇත්තටම ආදරේ කරනවා කියලා...ඒත් නෑ.
මං හිතුවට වඩා එයා වෙනස්. එයා ආස කලේ අපේ සල්ලි වලට...කීප වතාවක්ම අප්පට අපේ සම්බන්ධෙ අහුවුනා. දවසක් එයා මට අයතු යෝජනාවක් ගෙනාවා.
මං ඒකට බෑ කියපු නිසා එයා මාව..එයා මාව.."

" මට තේරෙණවා දෝහි..ඒත් ඇයි ටේ ඒකෙ වරද භාර ගත්තෙ?"

" ඔප්පා මට ගොඩක් ආදරෙයි...ඔම්මලා දෙන්නෙක්ගෙ වුනාට අපි දෙන්නා එකම අප්පගෙනේ..."

" ඒ කිව්වෙ?" මට විසදන්න ප්‍රශ්න ගොඩක් තිබ්බා. මේ හැමදේම මට පැටලිලා තියෙන්නෙ.

" මම ඔම්මගෙ දරුවෙක් නෙවේ..ටේ ඔප්පා තමයි ඔම්මගෙ. මගෙ ඔම්මව මං දැකලා නෑ. එයා මං ඉපදිලා මාසෙකින් විතර මැරිලා...ඇත්තටම කිව්වොත් එයාව මරලා දාලා. ඒත් මාව හදාගත්තු ඔම්මා මට වෙනසක් කලේ නෑ.. පොඩි කාලේ ඉදන් අපේ ගෙදර තිබුනෙ ප්‍රශ්න...මං දන්න තරමින් මාව  ලැබුනෙත් අත්වැරද්දකින්. ඒ අප්පගෙ වැරදි නිසා තමයි...අප්පත් ඔප්පා වගේම වැඩ කලා...මේ දැනුත් එයා ඒ දේවල් කරනවා ඔන්නී. මට දුක ඒක ගැන..මගෙ අසරණ ඔම්මා...."

කෙල්ල වචනෙන් වචනෙට අඬන්න ගද්දි මට දුක හිතුනා. බලාගෙන ගියාම මට විතරක් නෙමේ මේ ප්‍රශ්න තියෙන්නෙ.

"මම ඔම්මගෙ දරුවෙක් නෙවේ කියලා මං දැනගත්තෙත් ලඟදි..මට දරාගන්න බැරි වුනා...මම මගෙ ඇත්තම ඔම්මාව හෙව්වා...මට එයාව දකින්න ආස වුනත් බැහැනේ..."

" එයා...කොහෙ කෙනෙක්ද?"

" ජින්හෙ වල...එයාගෙ නම සෝ කන්ග් හී"

ඒ නම ආත්මෙ පුරාවට දුවන්න ගත්තා..,මගෙ අවසරයකින් තොරව...එහෙම කොහොමද වෙන්නෙ.

" ඔම්මා!" මට එක පාරටම කියවුනා. ඔව්  ඒ මගෙ ඔම්මා. මට නැති වුනු මගෙ ඔම්මා...ඒ කියන්නෙ දෝහී...එයා මගෙ නංගිද ?

" මොකක්ද ඔන්නී "

" සෝ කන්ග් හී කියන්නෙ මගෙ ඔම්මා දෝහී..හරි..ඒ ඒ කියන්නෙ ඔයා තමයි මගෙ නැතිවෙච් නංගි..මට මේක විශ්වාස කරන්නත් අමාරුයි..මං හිතුවෙ ඔයා මැරිලා කියලා...."

" මොකක්...ඔයා මේ කියන්නෙ ඇත්තද? ඔයා මගෙ ඔන්නිද? මටත් හිතාගන්න බෑ...ඔන්නී "




____________________________

ඉතුරු කොටස දෙන්නනම් ටිකක් පරක්කු වෙයි 🙁4n එකේ පොඩි අවුලක්. ඒක හදාගත්ත ගමන් කතාව දෙන්නම්

කුමාවෝ 💜🌚

අනංගයා [KTH] Completed ✔Where stories live. Discover now