"තමුන් වගේ ගෑණුන්ට
දෙන්න රස්සාවල් මෙතන නෑ...යනවා අහකට...."ඒ වචන වලට මාව පිච්චිලා යනවා වගේ මට දැනුනා. දහසක් තැන් වලින් මාව මේ විදිහට එලවලා දාලා ඇති....පහත් කරලා කතා කරලා ඇති....ඒත් අද වෙනකනුත් ඒ ඇයි කියලා මම දන්නෙ නැහැ. මොකක්ද මං එයාලට කරපු වරද?
" taxi...taxi...හෝ හෝ "
යන්න එන්න තැනක් නැතත් මම එහෙම්මම ටැක්සියට නැගගත්තෙ වෙන දෙයක් වෙච්චාවෙ කියලා.
" මිස් කොහෙටද යන්නෙ?...මිස්!"
ඒ කටහඬින් මං පියවි සිහියට ආවා.
" මං දන්නෑ"
" මොකක්?..මැඩම් මටත් වැඩ තියෙනවා..ඉක්මනට "මම ටැක්සියෙන් බැහැලා පාරට ආවා. ටැක්සිකාරයාටත් මගෙත් එක්ක තරහ ඇති. වැඩි දුරක් ආපු නැති නිසා මං සල්ලි දුන්නෙත් නෑ.
මේ මං ගෙවන අන්තිම පැය කීපය කියලා මට දැනෙන්න ගන්නවා...ඒත් ඇයි? ප්‍රශ්න ප්‍රශ්න..කො මේවට උත්තර !
වසර කිහිපයකට පෙර 🌸
" ඔන්න ඔන්න ඔය ඔය කොටුව පෑගුවොත් ඔයා පරාදයි..මං කලින්ම කිව්වා "
අපි ඒ කාලෙ ගොඩක් සතුටින් හිටියා. ඔම්මා, අප්පා, ඔප්පා...මම අපි හතර දෙනා ඡීවත් වුනේ ජින්හේ වල.අපේ අප්පට තිබුනේ පොඩි restaurant එකක්. ඒකෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න අමාරු නිසා ඔම්මත් ගෙදරක වැඩ කරා. ඔප්පා මට වඩා අවුරුදු දෙකක්වැඩිමල්. හැමදේම හොඳින් වෙයි කියලා මං කොච්චර හිතුවත් එහෙම වුනේ නෑ.
" දැන් අපිත් එක්ක එනවා...ආයෙ ඉතින් එලියට එන එක බොරු..හහ් "
එතකොට මට අවුරුදු දොලහක් විතර ඇති. හිතාගන්නවත් බැරි විදිහට අපේ ජීවිත වෙනස් වුනා. ඔම්මා වැඩ කරපු තැන ලොක්කා එක්ක සම්බන්ධයක් තිබිලා,ඔම්මා එයා නිසා pregnant වෙලා..ඒක අප්පා දැනගත්ත ගමන් හුඟක් තරහ ගියා. අන්තිමට අප්පා ඔම්මව මරන්න දෙපාරක් හිතුවෙ නෑ. මගෙ එකම ඔප්පා drugs වලට ඇබ්බැහි වෙලා ඒ වෙනකොටත්. මට මේ දේවල් එක මට තාමත් ලොකු කම්පනයක්.
වර්තමානය 🥀
මට ඔහේ කල්පනා කර කර ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මම එක තීරනේකට ආවා...මේක හරිද වැරදිද කියන්න මං දන්නෙ නෑ. ඒත් දැන් මට කරන්න වෙන දෙයක් නෑ.