මෝඩ කෙල්ල,
ඉතින් අපි කවදා හම්බවුනත් මේ ගමනට අවසානයක් නම් නෑ...ඔයා මගෙ ජීවිතෙට ඇවිත් තාම සතියක් වත් නැතුව ඇති...මම දැක්ක ගමන් ඇති වෙන ආදරේ විශ්වාස කරන්නෙ නෑ....ඒත් මටම ඒක වුනහම මම අසරණ වුනා. ඇයි තමුසෙ මට එහෙම කරේ....එදා මඩමෙදි ඔය අහිංසක ඇස් මට හම්බුනේ නැත්තන් අදටත් මං සල්ලාලයෙක්.....ඒත් උබේ ඔය අහිංසකකම ඉස්සරහා මගෙ පිපාසෙ නිවුනා.
ඇයි මට එහෙම කරේ...ආ....දැන් ඇස් ගෙඩි දෙක ලොකු කර කර බලන්න එපා.මට ලෝබ හිතෙනවා. ඔයා හිතන තරම් මං හොද කෙනෙක් නෙවේ...මම ගොඩක් නරකයි...මිනිස්සුන්ට මාව ස්ත්‍රි දූෂකයෙක් උනේ එ හින්දා.
ඒත් එක දෙයක් කියන්නම්....මම අසහනකාරයෙක් නෙවේ හරිද...මම ඔයාගෙ අනංගයා කියලා හිතන්න.
අන්තිමට මම එක ඉල්ලීමක් කරන්න කැමතී. හැමදාම මම ඔයාගෙ විශ්වාසෙ ඉල්ලුවානේ...දැන් මගේ වාරෙ, මේ පාර මම ඔයාව විශ්වාස කරනවා.
මගෙ හදවත පරිස්සම් කරන්න...මම ආස නෑ අඬලා මගෙ හදවතට රිද්දනවට...කායිකව දැන් ඒක ඔයාගෙ වුනාට මානසිකව ඒක ඔයාගෙ වෙලා ගොඩක් කල්....මෝඩ කෙල්ල.
මම යනවා...මට හෑලි ලියලා පුරුද්දක් නැ...අනික මට දැන් මහන්සි හුස්මගෙනම......
_ අනංගයා _
ටේගෙන් ලැබුන ලියුම මම එක හුස්මට කියවගෙන ගියා. ඒ ඇස් ආයෙමත් මං ලඟට එන්නෙ නැති වෙයි....සදහටම...ඒත් එයාගෙ හදවත තියෙන්නෙ මං ගාව. අපේ සංසාර ගනුදෙනු මෙතනින් ඉවරයි ටේ. දැන් ඔයා මට ණය නෑ.....හැමදාමත් ඔයාව පරිස්සම් කරන්නම් මගෙ පපුවෙ තියාගෙන ❤
_ සමාප්තයි _
______________________________________
හලු🤧❤
ඔන්න කතාව දීලා ඉවරයි...මේ කතාවෙ plot එක ගොඩක් මෝඩ එකක් කියලා මට හිතුනේ පස්සෙ...කමක් නෑ ඉතින්🙂💔
මේක මේ එක පාරට ආපු අදහසක්...හරියටම plot එකක් ඔලුවෙ තිබ්බෙ නෑ. එක කොටසකින් ඉවර කරන්න හිටියත් බැරි වුනා. ඔයාලගෙ කමෙන්ට්ස්, වෝට්ස් වලට ගොඩක් තෑනාක්ස්. අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒවා මට inbox කියන්න 🤗මම හදාගනානම්.කියවපු හැමෝටම කුමාවෝ ❤😅🤗
කැතයි නේද මේක
අදහස් කොටම් යම්න byeee💜