Author's pov-
"අ...අපි එයාව මැරුවා... අපිට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ."
ඉකිය අතරින්ම මින්‍යොල් කියනකොට ජන්කුක්ගෙ මූණෙ කිසිම වෙනසක් උනේ නෑ. කොල්ලා බලාගෙන හිටියෙ හැගීම් නැති ගානට. හිත ඇතුලෙන් කෑගගහා පුංචි එකෙක් වගෙ මින්‍යොල්ගෙ ඊලග වචනෙ ගැන බයේ ගැහෙන ජන්කුක්ගෙන් මින්‍යොල් දැක්කෙ නපුරු හැගීම් නැති ඇස් විතරයි. කොල්ලා ඒ අසරණ හැගීම් හැම එකක්ම හිත ඇතුලටම සීමා කරගත්තා.
"කොලේජ් යන කාලේ ඔයාගෙ හියෝන්ට මම ආදරය කලා ජන්කුක්. ඒ කාලේ.. ඒ කාලෙ මට ඕනි උනේ එයාගෙ වෙන්න. වෙන කවුරුත් එයාට ලන් උනේ නෑ. එයාට හිටියෙත් එකම එක යාලුවෙක් විතරයි. ඒ උනාට මන් එයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ. මම එයාගෙ පස්සෙන් පවා ගියා කරදර කරකර මට කැමති වෙන්න කියලා. ඒ උනාට එයා මගෙ මූණවත් බැලුවෙ නෑ. ඉතිම් කොලේජ් එකෙන් අවුට් වෙලා කාලයක් ගියාට පස්සෙ එයා ප්‍රොපෝසල් එකක් එක්ක අපෙ ගෙදරට එද්දි මම පුදුම උනා."
මින්‍යොල් කතා කරන වචනයක් වචනයක් ගානෙම ජන්කුක්ගෙ හිතේ බය වැඩිඋනා. එතන ඉන්න හැමෝටම වඩා ශක්තිමත් කියලා පෙන්නන් හිටපු කොල්ලා හිත ඇතුලෙන් මින්‍යොල්ට වැද වැටුනා. ජන්කුක්ට රිද්දන කිසිම වචනයක් මින්‍යොල් පිට නොකර හිටියානම්... ජන්කුක්ගෙ කැඩුන හිත තවතව නොපාරා හිටියනම්... ඒ ඇති හොදටම. ඒත් එහෙම වේවිද??
ජන්කුක් දන්නවා හියෝන්ගෙ නෙවෙයිනම් මින්‍යොල්ගෙ වැරැද්ද නිසයි මේ හැමදේම සිද්ධ උනේ. ඒත් කොල්ලට ඕනි අප්පා වගේම අම්මත් හරි කියලා අහන්න. කොල්ලට ඕනි අප්පව වගේම ඔම්මවත් සාධාරණීකරණය කරගෙන ලගින් තියාගන්න. සූබින් වැරදි වෙනවනන් ජන්කුක් කැමතියි. ඒත් එයා වැරදිනම් ඔම්මත් වැරදි ඇති නේද?.
"මගෙ ඔම්මලා කැමති උනේ නෑ ජන්හ්‍යුන්ට. එයා අමුතු කෙනෙක් වගේම අනාතයෙක් නිසා."
අනාතයෙක් කියන වචනෙත් එක්කම ජන්කුක්ගෙ කටකොනේ හිනාවක් ඇදුනා. ජන්හ්‍යුන් අනාතයෙක්ද? එහෙමනම් ජන්හ්‍යුන් මැරිලා ගියාට පස්සෙත් විදවන මේ ජන්කුක් කවුද? ඇයි ඔම්මා ජන්හ්‍යුන් අනාතයෙක්නම් ජන්කුක් තවම හියෝන් වෙනුවෙන් පලිගන්න හදන්නේ?
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanficකාටවත් නොපෙනුන ඔයාගෙ ලස්සනම ආදරේ දැකපු එකම කෙනා මම උනේ ඔයාගෙ ආදරේ ලැබුන එකම කෙනා මමම විතරක් උන නිසා. ඉතින් ඒක අපේ වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඊළග පාර වැඩි ආයුශ තියන දෙමව්පියො ළඟ ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව මුල ඉදලම ලියමු. මට විශ්වාසයි. ඒ කතාවෙ දුශ්ටයා...