ඔව්.. ලෝකෙට පේන තරමටම, මිනිස්සු මාව අදුරන තරමටම මම නරක මනුස්සයෙක්. එලියක් දැකලා නැති කළුවරක ජීවත් වෙන මනුස්සයෙක්. අදුරට තනි රකින මනුස්සයෙක්. සිය දහස් ගාණක් පායලා තියන තරු දිහා නොබලන අමාවක හද හොයන මනුස්සයෙක්. සුන්දරයි කියලා ඔයාලා විදින ආදරය කියන හැගීම පෙන්නගන්නවත් නොදන්න මනුස්සයෙක්. ජීවිතය විදින්න නොදන්න කිසිකෙනෙක් ලග පාතකවත් රැදෙන්න අකමැති තරම් ගුප්ත හිතක් තියන මනුස්සයෙක්. හැම ලක්ෂණයකින්ම ඔයාලට එපා වෙන මනුස්සයෙක්.
ඒත්.....?
ඇයි ඔයාලා නොදැක්කේ.. ඒ හැම නොහැකියාවක්ම අග ඇමිණිලා තියන "මනුස්සයෙක්" කියන වචනේ. මේ පොලොවෙම ජීවත්වෙන ඔයාලා වගේම මනුස්සයෙක් මමත්. ආදරණීය උණුහුමක් නොලබපු, දුක පිට කරන්න නොදුන්නු, හැමදේම දරාගන්න ඉදපු මගේ හදවත කාටවත් විවෘත නොකරපු කෙනෙක්.මම තනි වුණු මොහොතේ , පිළිසරණක් හොයපු මොහොතේ , මට තුරුල් වෙන්න උණුහුමක් හොයපු මොහොතේ ඒ විලාප දිදී අඩපු හිත අතරමන් කරපු මිනිස්සු ගොඩක් මැද අසරණයෙක් වුණු කෙනෙක් මම.. හහ් !! එහෙම කරපු ඔයාලම මට අද ආදරයක් පෙන්නන්න නොදන්න රාක්ෂයෙක්ලු..
මම කොහොමද දන්නේ??
මගේ පපුව පිරිලා තියන මේ හැගීම ආදරේද කියලා. මානුෂීය හැගීමක ගුරුහරුකමක් නොලබපු මට මේ පපුවේ පොදි ගැහෙන හැගීම් එක එක තෝරගෙන ඔයාලට දැනෙන්න අරින්න අමාරුයි.
ඔයාලා මැද මන් අසරණයෙක් වුණා. වයසින් මුහුකුරා ගියත් කොච්චර පරිණත වුණත් තාමත් හිතේ කොනකින් ඇස් ඇරලා බලන පුංචි හදවත ඔයාලා කවුරුත් දැක්කේ නෑ. තාම පීදිලාවත් නැති අහිංසක හැගීම් නපුරින් මෝරපු හැගීම් වලට වඩා ලස්සනයි කියලා ඔයාලා දැක්කේ නෑ. ඒ ලාමක හිත මරපු ඔයාලම ඒ හිත ආයෙමත් ගොඩගන්න හදනකොට මට තරහා යන එක සාධාරණ නැද්ද ? මටත් රිදෙනවා ඔයාලා ඒ තුවාලේ පාරණ හැමවෙලේකම... කෑගහලා කියන්නද ? මට රිද්දන එක නතර කරන්න කියලා.. ඔයාලගේ ආගන්තුක බැල්මවල් මට දරාගන්න බෑ කියලා. මේ වෙනස් වුණු මිනිහා ඇතුලේ තාමත් ඔයාලට පුදුමාකාර විදියට ආදරේ කරපු, ඒ වගේම ආදරයක් ඔයාලගෙනුත් බලාපොරොත්තු වුණු අහිංසකයා තාම හුස්ම ගන්නවා. මම කොච්චර මරලා දාන්න හැදුවත් ඒ හිත මැරිලා යන්නැති අමරණීයත්වයක් ලබලා තාමත් ජීවත් වෙනවා.
![](https://img.wattpad.com/cover/284589026-288-k858229.jpg)
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanficකාටවත් නොපෙනුන ඔයාගෙ ලස්සනම ආදරේ දැකපු එකම කෙනා මම උනේ ඔයාගෙ ආදරේ ලැබුන එකම කෙනා මමම විතරක් උන නිසා. ඉතින් ඒක අපේ වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඊළග පාර වැඩි ආයුශ තියන දෙමව්පියො ළඟ ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව මුල ඉදලම ලියමු. මට විශ්වාසයි. ඒ කතාවෙ දුශ්ටයා...