Author's pov-
"සූබින්..."
"අපිට මෙහෙ ඉන්න බෑ. අපි යමු මින්යොල්"
මින්යොල් තමන්ගෙ මහත්තයා දිහා බලාගෙන හිටියෙ හරි හමන් උත්තරයක් නැති කමින්. ඒත් අමාරුවෙන් ඇදෙන් නැගිටින්න හදන සූබින්ට මින්යොල් ඉක්මනින්ම වාරු දුන්නා.
"දරුවො දෙන්නා?"
"එයාලාව අපි ඉස්කෝලෙන් ගමු. අපි පුලුවන් තරම් ඈතට යමු මේ හැමදේකින්ම... ම්ම්ම්?"
"හ්ම්ම්ම්"
මින්යොල් කලේ කදුලු පාලනය කරගෙන ඔලුව උඩපහල කල එක. බිම තියන්න බැරි සූබින්ගෙ තුවාල උන කකුල නිසා සූබින්ගෙ සම්පූර්ණ බර දරන්න උනේ මින්යොල්ට. කොල්ලට ඇවිදින්න බෑ. ඒත් තවත් ඉන්න පුලුවන්ද මොහොතක්වත් ජීවිතය ගැන අනාරක්ශාවක් දැනෙන තැනක. බැන්ඩේජ් ඔතපු කකුල පුලුවන් තරම් බිම නොගෑවි අනිත් කලුල පාවිච්චි කරන්න සූබින් උපරිම උත්සාහ කලා.
ඒත් ඒ දෙන්නෙට එන්න ලැබුනෙ සාලේටම විතරයි. දොර ලග උන්නු ගාඩ්ලා එයාලට ගෙදරින් එක අඩියක්වත් එලියට තියන්න දුන්නෑ.
"පැත්තකට වෙනවා!"
සූබින් උගුර යටින් සද්ද දැම්මත් කිසි වෙනසක් සිද්ධ උනෙත් නෑ. ගාඩ්ලා අඩුම තරමින් ඒ දෙන්නට වචනයක්වත් කියන්න මහන්සි උනෙත් නෑ. ඒ ජන්කුක්ගෙ මිනිස්සු. ඉතින් ජන්කුක්ගෙ අණට වඩා එක වචනයක්වත් එයාලට වැඩක් නෑ.
"අපිට යන්න දෙනවා මිනිහෝ!"
සූබින් උත්සාහ කලා එක අතකින් උනත් ඒ ගාඩ්ලා තල්ලු කරගෙන යන්න. එක කකුලකින් ඇග සමබර කරගෙන ඉන්න මනුස්සයෙක්ට පුලුවන්ද ඒත් ගාඩ් කෙනෙක්ව හොල්ලන්නවත්?.
"මෙතන මොකක්ද වෙන්නෙ?"
පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්කම සූබින් වගේම මින්යොලුත් ගැස්සිලා ඒ පැත්තට හැරුනා. එයාලා දිහා බලාගෙන හිටපු ටේහ්යුන් ඒ දෙන්නට ආචාර කලේ මූණෙ කිසි හැගීමක් නැතුවම.
"තමුසෙලාගෙ විකාරෙ ඉවරනන් අපිට දැන් යන්න දෙනවා"
"ජේකේ බොස්ගෙ අවසරේ නැතුව කාටවත්ම යන්න බෑ"
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanfictionකාටවත් නොපෙනුන ඔයාගෙ ලස්සනම ආදරේ දැකපු එකම කෙනා මම උනේ ඔයාගෙ ආදරේ ලැබුන එකම කෙනා මමම විතරක් උන නිසා. ඉතින් ඒක අපේ වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඊළග පාර වැඩි ආයුශ තියන දෙමව්පියො ළඟ ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව මුල ඉදලම ලියමු. මට විශ්වාසයි. ඒ කතාවෙ දුශ්ටයා...