Author's pov-
උදේ පාන්දරම ඇහැරිලා හිටපු පුංචි උන් දෙන්නට කිරි එක දෙන්න සර්වන්ට්ස්ලට අණ කරපු ටේහ්යුන් එයාගෙ පුංචි බොස්ගෙ කාමරේට එබුනා. ජන්කුක්ගෙ කාමරය තනිකරම කලු පාට එකක්. උදේ පාන්දරනම් තමයි. හැබැයි ජන්කුක්ගෙ කාමරේට ඇරෙන්න මුලු ගෙදරටම මේ වෙනකොට හොදට ඉර පායලා, අව්ව වැටිලා එලිය වෙලා තිබ්බෙ. ඒත් ජන්කුක්ගෙ කාමරේ? තනිකරම කට්ට කරුවල වෙලා තිබුනේ ජනේලෙන් එබෙන ඉර එලියටවත් ඇතුළට එන්න නොදී වහගෙන තිබුන ඝනකම කලු ජනෙල් රෙදි නිසා.
කොටින්ම කොහෙ හරි මුල්ලක ඇනිලා අතපය හතර තුවාල කරගන්න බයටම ටේහ්යුන් දොර ළග ඉදලා ජනෙල් කීපය ගාවට යන්න තිබ්බ පුංචි දුරටත් එයාගෙ ෆෝන්ටෝච් එක පත්තු කරගත්තා. ඕක ඇනිලා තුවාල උනාම ඒකෙත් වේදනාව කොල්ලටමනෙ!.
ජනෙල් රෙදි මෑත් කරද්දිම මුලු කාමරේම එක පාර එලිය උනේ නිකම් ටේහ්යුන් මැජික් එකක් කල ගානට. එකපාරම මූණට වැටුන ඉර එලියෙන් කවර් වෙන්න ජන්කුක් ජනේලෙට පස්ස හරවගෙන බ්ලැන්කට් එක ඔතාගත්තා.
"ජේකේ....."
ටේහ්යුන් ජන්කුක්ගෙ උරහිසට පොඩි පොඩි තට්ටු දැම්මත් ජන්කුක්නම් හෙල්ලුනේවත් නෑ. බ්ලැන්කට් එක අස්සට අත ඔබපු ටේහ්යුන් ජන්කුක්ගෙ නලල වෙනකම්ම හෙමි හෙමි පිටිඅල්ල යැව්වා.
"ම්ම්ම්හ්ම්.. උණක්නම් නෑ...රෑ නින්ද ගියෙ නැද්ද දන්නෑ."
තමන්ටම මුමුණගත්ත කොල්ලා ආයෙමත් තිරරෙදි බාගෙට ඇදලා ජනේල වහන ගමන් කාමරේ කොනක ඇදට මූණලා තිබුන කවුච් එකෙන් වාඩි උනා. ටේහ්යුන්ට ඕනි උනේ නෑ ජන්කුක්ගෙ නින්ද කඩලා දාන්න. මොකද රෑ එලිවෙනකම්, නිදාගන්නම ජන්කුක් මොනතරම් උත්සාහ කරනවද කියලා ටේහ්යුන් දැනගෙන හිටියා.
ටික වෙලාවක් යද්දි කෑම ලෑස්ති කරපු පණිවිඩේ අරගෙන සේවකයෙක් ආවත් ටේහ්යුන් එයාවත් හරවලා යැව්වා කෑම මේසෙ පරක්කුවෙලා ලෑස්ති කරන්න අණ දීලා.
ජන්කුක් ඇහැරෙනකම් ඉන්න හිතාගෙන කකුලක් උඩ කකුලක් දාගත්ත කොල්ලා ෆෝන් එක ඔබන්න ගත්තා. කොහොමත් ජන්කුක් දැන්ම නැගිටින එකක් නෑ කියලා අත්දැකීම් වලින්ම ටේහ්යුන්ට දැන් හිතෙනවා.
![](https://img.wattpad.com/cover/284589026-288-k858229.jpg)
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanfictionකාටවත් නොපෙනුන ඔයාගෙ ලස්සනම ආදරේ දැකපු එකම කෙනා මම උනේ ඔයාගෙ ආදරේ ලැබුන එකම කෙනා මමම විතරක් උන නිසා. ඉතින් ඒක අපේ වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඊළග පාර වැඩි ආයුශ තියන දෙමව්පියො ළඟ ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව මුල ඉදලම ලියමු. මට විශ්වාසයි. ඒ කතාවෙ දුශ්ටයා...