පෙර කොටසින්....
"මේඩ්ලට එන්න කියන්නම් කෑම භාජන ටික අරගෙන යන්න. ආහ්... මට මේ දවස් ටිකේ මෙහෙ සැරින් සැරේ එන්න වෙය් මිස්ට ජියෝන්. මොකද මම මෙහෙට එන වැඩේ හරියට කරන්න ඕනිනේ. ඒක ඇත්තටම අමාරුයි ඔයා එපා කියද්දි මහන්සි වෙවී මන් කියන් දේවල් වලට පිටින් වැඩ කරනකොට."
වචන වලින් දමලා ගහපු ජිනුත් කාමරෙන් එලියට ජියේ ජන්කුක්ව තනි කරලා. ඒ වනතුරුත් කෑම කටේ පුරෝගෙන එයාගෙම ලෝකෙකට වෙලා කෑම රසවිදිනවා වගේ රගපාපු ජන්කුක් චොප්ස්ටික් දෙකත් අතෑරලා දාලා හෙඩ්බෝඩ් එකට හේත්තු උනා.
එයාට ඊටවඩා හොද විදියකට ජින්ට ඒක තේරුම් කරලා දෙන්න තිබ්බද???
ජන්කුක් ඒ වනතුරුම කටේ පිරුනු කෑම කට හෙමින් හෙමින් හපන්න ගත්තෙ ඇසුත් තද කරලා වහගෙන.
____________________•••__________________
Author's pov -
"ටේ ඔහොම ඉන්නවා. මාත් එනවා"
මින්යොල්ලා හිරකරලා තිබුනු කාමරෙ පැත්තට හෙමින් හෙමින් අඩි තිබ්බ ටේහ්යුන් නැවතුනෙ ජින්ගෙ කටහඩින්. කොල්ලගෙ පස්සෙන් මේඩ්ලා කීපදෙනෙක් එක එක කෑම ජාති ගොඩාක් උස්සගෙන ආවා උනත් ටේහ්යුන් පැකිලුනා එක පාරම ඒ කාමරේට යන්න.
"හියෝනුත් මාත් එක්ක එනවද?"
"ඔව්! ඇය් එපාද!"
"අප්පෝ... නෑ එන්න ඉතින්"
කොල්ලා මූණ බෙරි කරගත්තා ජින්ගෙ කොච්චි කරල වගෙ මූණ දැක්කම. ඒක නිකම් සෝස් උලපු රත් වෙච්ච පෑන් එකක් වගේ. තා ඕනනම් ඒකට තෙල් රත්කරපු පෑන් එකකට වතුර බින්දු කීපයක් දැම්මා වගේ කියන්නත් පුලුවන්.
දෙන්නත් එක්කම ඇවිත් නතර උනෙ ගාඩ්ලා දෙන්නෙත් හිටපු පියානෝ රූම් එක ලග. ජින්නම් කලින් මේකට ඇවිත් තියනවා. කොල්ලට පියානො ප්ලේ කරන්න බැරි උනත් ජින් හිතාගෙන හිටියා එයාට එහෙම පුලුවන් කියලා. ඉතින් එයා ගොඩාක් වෙලාවට මේ කාමරේට වෙලා අලුත් අලුත් විදියෙ තාල පියානෝ එකෙන් ප්ලේ කලා. අනිත් අයට අහන්න බැරි උනත් , කමක්නෑ. ඒ ජින්ගෙ හැකියාවනේ. ජින්ට අනුව ඒයාගෙ වාදනය තමය් හොදම පියානෝ වාදනය.
YOU ARE READING
°DarkSide° || JJK [Completed]
Fanficකාටවත් නොපෙනුන ඔයාගෙ ලස්සනම ආදරේ දැකපු එකම කෙනා මම උනේ ඔයාගෙ ආදරේ ලැබුන එකම කෙනා මමම විතරක් උන නිසා. ඉතින් ඒක අපේ වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඊළග පාර වැඩි ආයුශ තියන දෙමව්පියො ළඟ ඉපදෙමු. අපි ආයෙමත් මේ කතාව මුල ඉදලම ලියමු. මට විශ්වාසයි. ඒ කතාවෙ දුශ්ටයා...