chapter 01🍁

232 26 1
                                    

පළමු දිගහැරුම....💐
🍁Ahi📖️🖋️

"අහීනා....නෑ...නෑ...මේක වෙන්න බෑ...ඔයාට මාව මෙහෙම මග අරින්න බෑ..."

"Please leave me alone යුන්ගී...තවදුරටත් අපි දෙන්නට එක පාරක යන්න බෑ..."

"අනේ මැනික....ඒත් මට තව එක චාන්ස් එකක් දෙන්න....මං ඔයාට ඕන විදියට හැඩ ගැහෙන්නම්....මාව දාලා යන්නෙපා..."

"මට තමුසෙව එපා මිස්ට මින් යූන්ගි...."

වෙනදා සේම සුපුරුදු පරිදි නිව්යෝක් හී පිහිටි සුවිසල් ආපන ශාලාවේදි යුන්ගීව හමු වුන අහීනා සදහටම යුන්ගීගෙන් වෙන්වීමට තීරනය කලා.

"ඒත් මැනික...ම "

යුන්ගීගෙ වදන් අතර මග නතර වුනේ ආගන්තුක පිරිමියෙකු ඇවිදින් අහීනාගේ ඉනවටා තම දෑත් යවමින් තුරුල් කර ගත් නිසාවෙනි.

"හේයි...මාර්ක්...then මිස්ට මින් යූන්ගී....so let's breakup....මේ ඉන්නෙ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මාර්ක්...."

"වට්?"

"සොරි යුන්ගී....ඇත්තටම මට ඔයාව දැනෙන්නෑ මාර්ක් වගේ....මං ඇත්තටම ආදරෙයි මාර්ක්ට. මං එයාව දන්නෙ ඔයාව දැනගන්නත් කලින් ඉදන්...ඒත් මට මගේ හැගීම් තේරුම් ගන්න කල් ගියා..."

තම අධ්‍යාපන කටයුතු සදහා වසර දෙකක් තිස්සෙ නිව්යෝක් හී නතර වී සිටී යූන්ගී මීට සතියකට පෙර සිදු වූ සිත් රිදවීම දරාගත නොහැකිව නැවතත් තම මව් රට වන දකුනු කොරියාවට පැමිනියා.
ඔහු සිදු වූ සිද්දීන් පෙල එකිනෙක මතක් කරමින් සුවිසල් නිවසක ඉහල මහලයේ පිහිටි තම කාමරය තුලට වී ඇදෙහි වැතිරුනා. සතියක් පුරා මතකයන් සමග පෑරුන පිරිමි හිත දිනෙන් දින ශක්තිමත් වූවත් තම පෙම්වතිය ගැන තිබූ මතකයන් යුන්ගීට සෑහෙන දුරකට මානසිකව පීඩා දුන්නා.

" පොඩි බේබී.....පොඩි බේබී....."

පහල මහලින් ඇසුන කටහඩත් සමග අතෙහි තිබුන අහීනාගේ ජායාරූපයද පසෙක තමා යූන්ගී තම මුහුන පුරා රටා මවා තිබූ වේලුනු කදුලු පැල්ලම් තම දෑත් වලින් පිස දමා කාමරයෙන් පිටතට ආවා.

"ඇයි අජුම්මා...?"

"බේබි දවල්ට මොනාද කන්නෙ ??  වෙනදා වගේ බේබි ආස විදියට කිම්චි රයිස් හදන්නද?"

යූන්ගීගේ නිවසෙහි සිටි වැඩකාර කාන්තාව වුවද මිසිස් හන් යූන්ගිගේ දෙවෙනි මව මෙන් විය.

"ආ..ම්....ඔයාට පහසු දෙයක් හදන්න අජුම්මා..."

මීට වසර දෙකකට පෙර යූන්ගීගේ මුවෙහි තිබුන ඒ සුපුරුදු සිනහව නොමැති වීම අජුම්මා හට සියුම් වේදනාවක් ඇති කලා.
යූන්ගි ආපසු තම කාමරය දෙසට හෑරි ඒ තුලට යෑමට ගියද කොහෙන්දෝ ඇසුන කටහඩක් ඔහුගේ අවදානය දිනා ගැනීමට සමත් වුනා.

"හන් ඔම්මා....මේ....මං ලිලී මල් අරන් ආවා..."

මූන වැහෙන්න තරම් ලොකු මල් පොකුරක් අත් දෙකෙන් දරාගෙන මිසිස් හන් දිහාවට දුවගෙන පැමිනි තරුනිය මහ හයියෙන් කෑගසමින් හිනා සෙන අයුරු දැක යූන්ගීගේ කට කොනින් කුඩා සිනහවක් පිට වුනේ අහම්බෙනි. මද වෙලාවක් පහල මහලය දෙස බලා සිටි යූන්ගි නැවතත් තම කාමරයට ගොස් දොර වසා ගත්තා.

"හන් ඔම්මා....අර ගියේ යුන්ගිද??"

_________________________________
Kim_onara🖋️ 📚 ....

🍁𝐴𝒉𝑖 📖️🖋️[MYG one Shot]✔️Where stories live. Discover now