පස්වන දිගහැරුම💐 .....
පසුදා උදෑසනම යූන්ගී තම කාරයද රැගෙන තම වැඩිමහල් සහෝදරයා වන නම්ජූන්ගේ නිවසට පිටත්ව ගියේ තම දෙමාපියන්ද මසක පමන නම්ජූන්ගේ නිවසෙම ජීවත් වුන නිසාවෙනි. නිව්යෝක් සිට පැමිනි විට දෙමාපියන් හා සහෝදරයා යූන්ගීට එහි පැමින නවාතැන් ගන්නා ලෙස කීවද ඔහුට තනිව කාලය ගත කිරීමට අවශ්‍ය වූ නිසායි ඔහු කුඩා කල සිටම හැදී වැඩුන මහ ගෙදරට වී සිටියේ.
"හනේ.....මගේ පොඩි එකා...."
"ඔම්මා "
"Sorry බම් උබව ගන්න එන්න බැරි උනාට....තාත්තාටයි මටයි දෙන්නටම ඊයේ මාරම important meeting එකක් වැටුනා. ඒකට නොගියනම් අපේ ශෙයාස් පවා අපිට නැති වෙන්න තිබ්බා."
"අයියෝ....හියුන්ග් ඒකට කමන්නෑ....මං ඉතිම් තනි ජීවියානෙ කෝමත්. මං කැමතියි තනියම ඉන්න. ඔයාලගේ කියවිල්ල අහන් ඉන්නවට වඩා මට මගේ තනිකම සැපයි."
"අනේ තියාගනිම් ඉලව් තනිකම.... බොගේ ලොකුකමනම් අඩු වෙලා නෑ ටිකක්වත්"
යූන්ගි සිනහ සෙමින් නම්ජූන්ගේ නිවසට ඇතුලු වී තම පව්ලේ අය සමග කාලය ගත කලා.
" ඒක නෙමෙයි පුතා....අර අජූම්මාගේ ඥාතී දුවව ඔයාට මුනගැහුනද?"
"ආහ් ඔව් ඔම්මා....එයා ටිකක් උගත් ලමයෙක් මං හිතන්නෙ..."
"නැතුව....අජූම්මා කිව්වද ඔයාට එයා ගැන??"
"ඔව් ඔම්මා....එයාගෙ parents ලා නැති උනාලු අවුරුද්දකට කලින්. මටනම් පුදුමයි එයා කොයි වෙලෙත් හිනා වුන ගමන්මයි..."
නම්ජූන් : "උබ වගේ නෑ හැම එකාම. උබ ඉතිම් ගලක් නේ..."
යූන්ගී : "අනේ හා..."
නම්ජූන් : "එයායි ඔයාගේ නෑනා සෝහීයි එක වයසෙ... ඒ දෙන්නා හොද යාලුවො...."
යූන්ගි : "එහෙමද?? දැන් ඇති අප්පා මට නිදිමතයි....හියූන්ග් මට ටිකක් නිදාගන්න රූම් එකක් දෙන්නකො...."
ඔම්මා : "හපෝ මේකා හැදෙන්නෑ ලොකු පුතේ....සෝහී දුවේ....මෙන්න ඔයාගෙ මස්සිනාට අර උඩ තට්ටුවේ කෙලවරේ තීන රූම් එක ටිකක් සුද්ද කරලා දෙන්න."
යූන්ගී එදා දවසම හිටියේ නම්ජූන්ගේ නිවසේ.
.
.
.
.
"හන් ඔම්මා.....කෝ පොඩි බේබි...??""පොඩි බේබි, ලොකු බේබිලැයි දිහා ගියා දරුවෝ....අද දවල් වෙද්දි ඒවි...මොකද කලබලේ??"
"මේ පොත් ටික පොඩි බේබිගේ..."
"මෙන්න කාමරේ යතුර....ඔය පොත් ටිකත් පිලිවෙලට තියලා කාමරෙත් ටිකක් අස් කරලා දාන්න දුවේ...."
"හරි ඔම්මා..."
හිං සූ , යූන්ගිගේ කාමරයට ගොස් පොත් මිටිය රාක්කට මත තබා කාමරය සුද්ද පවිත්‍ර කිරීමට පටන් ගත්තා.
යුන්ගීගේ ඇද ගසන විට එහි තිබී යමක් බිම වැටුන බව හිං සූ දුටුවා. දනිස් පොලොව මත තබා බිම වාඩි වුන හිං සූ එය තම අතට ගෙන බැලුවා."අහීනා....ඔයා හැමදාම වගේ මේ පාරත් මං ආදරේ කරන දේ උදුර ගත්තා."
_________________________________
YOU ARE READING
🍁𝐴𝒉𝑖 📖️🖋️[MYG one Shot]✔️
Fiksi Penggemar🍁𝐴𝒉𝑖 📖️🖋️ දිනපොතක් ගිය දුරක්... 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 "ඔයාට මාව දාලා යන්න බෑ අහීනා...." "මං මාර්ක්ට ඇත්තටම ආදරෙයි..." __________________________________________ "අපිව දාලා ගිය මිනිස්සු ගැන හිත හිතා දුක් වෙන්නැතුව ජීවිතේට අලුත් බලාපොරො...