හය වන දිගහැරුම💐 ....
නම්ජූන්ගේ නිවසේ සිට උදෑසනම නැවතත් නිවසට පැමිනි යූන්ගී තම කාමරය වෙත ගියා.
යූන්ගී කාමරයේ දොර වැසීමට සැරසුනු අතරේ ඔහුගේ දෑස් හදිසියේම නතර වුනේ තම මේසය මත හිස තබා නිදාගෙන වාඩි වී සිටින හිං සූ දෙසයි."ආශ්...මේ කෙල්ල මොකද මෙහේ..."
හිං සූ ව අවදි කිරීමට සිතුවද යූන්ගී හදිසියේම එය නවතා කාමරය පුරා ඇස් යැවුයේ වෙනදාට වඩා අලංකාරවත්ව මෙන්ම පිරිසිදුව එය සකසා තිබූ නිසා.
"වෝහ්....හරිම පිලිවෙලයි..."තම කාමරය පුරා ඇස් යවමින් සිටි යූන්ගී නැවතත් හිං සූ දෙස බලා තරමක් උශඩින් උගුර පෑදුවා.
"අහ්ම්...අහ්ම්..."
ඇසුනු කටහඩත් සමග අලබලෙන් මෙන් අවදි වූ හිං සූ පුටුවෙන් නැගිට යූන්ගීට ආචාර කලා.
"අ..අන්‍යාසෙයෝ පොඩි බේබි....ම..මට මේ කාමරේ සුද්ද කර කර ඉන්න අතරේ ද...දන්නෙම නැත්..තුව නින්ද ගියා...මියානෙ..."
"අහ් it's ok හිං සූ....කුමාවෝ...මගේ රූම් එක ලස්සන කලාට."
"අනේ..ඒක සුලු දෙයක් පොඩි බේබි.... හැබැයි මට හිතාගන්න බෑ පොඩි පින්සල් තුඩකින් එක හිස් කඩදාසියක් ලස්සන කරන ඔයාට මේ කාමරේ ලස්සනට පිලිවෙලට තියාබැරි හැටි..."
හිං සූ කියූ දේ පිලිබද හොදින් අසා සිටි යූන්ගී මදක් සිනහ සුනා.
"ආශ්...හිං සූ මට විහිලු කරනවද?? මගේ ජීවිතයම හිස් කඩදාසියක්..."
යූන්ගී තමාටම සිනහ සෙමින් තම පොත් රාක්කයේ වූ පොතක් අතට ගනිමින් පැවසුවා.
"ඉතින්....ඒක හිස් කඩදාසියක් නම් තවත් හොදයිනේ...?"
" ඇයි හිං සූ එහෙම කියන්නෙ ? "
"පොඩි බේබීගේ ජීවිතේ හිස් කඩදාසියක්නම් පොඩි බේබිට පුලුවන් ඒක ලස්සනට පින්තාරු කරන්න....අලුත් ලස්සන චිත්‍රයක් ඇදලා ඒ කඩදාසියේ වටිනාකම වැඩි කරන්න."
"හිං සූ හිතන්නෙ මහ අමුතුම විදියකට....කාගෙන්ද ඔය දේවල් ඉගෙන ගත්තෙ??"
අතට ගත් පොතද රැගෙන තම පොත් මේසය අසලින් වාඩි වුනු යූන්ගී, තවමත් මේසය අසලට වී සිටගෙන සිටින හිං සූ ගෙන් විමසුවා.
YOU ARE READING
🍁𝐴𝒉𝑖 📖️🖋️[MYG one Shot]✔️
Fanfiction🍁𝐴𝒉𝑖 📖️🖋️ දිනපොතක් ගිය දුරක්... 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 "ඔයාට මාව දාලා යන්න බෑ අහීනා...." "මං මාර්ක්ට ඇත්තටම ආදරෙයි..." __________________________________________ "අපිව දාලා ගිය මිනිස්සු ගැන හිත හිතා දුක් වෙන්නැතුව ජීවිතේට අලුත් බලාපොරො...