chapter 09🍁

59 10 0
                                    

නව වන දිගහැරුම💐.....

දිනක් හිං සූ උදෑසනම අවදි වී ලිලී මල් පාත්තියට සාත්තු කරමින් සිටියා. යූන්ගීද තම උදෑසන ආහාරය රැගෙන නිවස පිටුපස තිබූ උද්‍යානයට පැමිනියේ කාලයත් සමග තමාටත් නොදැනීම එය පුරුද්දක් බවට පත් වූ නිසා.
ඔහු උද්‍යානයට පය තබන විට දුටුවේ උද්‍යානයට එන සෑම දිනකම තම සිත අපේක්ශාවෙන් සිටින ඒ දසුන.

Yoongi pov :

සුරංගනාවියක්ද මේ කෙල්ල.... ලිලී මල් යායක් අතරින් ලා නිල් පාට දිග ගව්මක් ඇදන් ඇවිදින මේ කෙල්ලව මට පේන්නෙ ඒ වගේ....නෑ ඇවිදිනවා නෙමෙයි පියාබනවා....ඒ හිනාව කිසිම අඩුවක් නැතුව හැම තත්පරේකම  මූනේ රැදිලා තියෙනවා....ඔයාගේ රූපේ දකින එක පවා මගේ හිතට දැන් දැන් බාවනාවක් වගේ. එයාට කලින් මට ඔයාව හම්බුනානම්....මගේ ජීවිතේ මීට වඩා ගොඩාක් ලස්සන වෙන්න තිබ්බා....කොච්චර ආතතියකින් හිස් බවින් ඉන්න  හිතකට වුනත් ඔයාගේ වචන පවා ලොකු සහනයක්.....ආශ්....මං අද ඒක කියනවද එයාට...??ඒත් මං මේ ගත්ත තීරනය හරිද??

"යූන්ගි....මොනාද කල්පනා කරන්නෙ...?"

යූන්ගි උද්‍යානයේ දොරටුව අසල සිට තනිව කල්පනා කරමින් සිටියදි හිං සූගෙ කටහඩ නිසා ඔහු මනො ලොවෙන් එලියට ආවා.

"අහ්...වේ...වේ..."

"ඔයා මොන ලෝකෙද හිටියෙ යූන්ගි?"

"ඔයාගෙ ලෝ...ආහ් මේ....නෑ මං...මට නිව්යෝක් වල ඉදපු කාලෙ මතක් උනා..."

"ඕහ්...නිව්යෝක් වල ඉදපු කාලෙද නැත්තං යූන්ගිගේ gf ව මතක් උනාද??"

ආයිශ්...මේ කෙල්ල මේ මොනාද කියන්නෙ? මං කියන්න ආව දේත් කියාගන්න බැරි වෙනවා මේම ගියොත්. එයා හිතන් ඉන්නෙ මට තාමත් gf කෙනෙක් ඉන්නවා කියලද කොහේ.

"ම්ම්ම් ඇත්තම කිව්වොත් girl කෙනෙක් ගැන තමා මං හිතුවේ. හැබැයි එයා ඉන්නෙ නිව්යෝක්වල නෙමෙයි. අනික එයා තාම මගේ gf උනෙත් නෑ. හැබැයි මං හිතන්නෙ ඒ ගෑනු ලමයට මං ආදරේ කරනවා."

Hin soo pov:

මොනවද මට ඒ ඇහුනේ...? ඒ කියන්නෙ අහීනායි යූන්ගී breakup වෙලාද? ඒත් මට අහීනා කිව්වනේ කවදාවත් යූන්ගිව අතාරින්නෑ යූන්ගි එයාගෙ විතරමයි කියලා. ඒ කොහොම උනත් අන්තිමේ ආයෙත් යූන්ගිගෙ හිතේ කා ගැන හරි අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා....එදා ඔයාව අමතක කරලා ජීවත් වෙනවා කියලා හිතුවට තාමත් මට ඔයා ගැන තීන හැගීම එහෙම්මමයි යූන්ගි...ඔයාට gf කෙනෙක් ඉන්නවා කියලා කියද්දි මගේ පපුව පිච්චෙනවා වගේ....ඒත් ඔයා සතුටින්නම් මට ඒ ඇති....කොහොමත් මට තවත් බෑ සෝහිලට බරක් වෙන්න මේ විදියට....

🍁𝐴𝒉𝑖 📖️🖋️[MYG one Shot]✔️Where stories live. Discover now