chapter 03🍁

89 16 0
                                    

තෙවන දිගහැරුම💐 .......

රෝහලේ ඇදෙන් නැගිට ටීශර්ට් එකක් හා කලිසමක් හැදගත් යූන්ගී කබඩ් එක මත තිබූ තමන්ගේ බෑගයත් රැගෙන පිට වීමට සැරසුනද බෑගය තුල තිබී වැටුන දිනපොතක් ඔහුගේ අවදානය ගත්තා.

"මේ මොකක්ද??? මගේ නෙමෙයි නෙ...Min Ahi...කව්ද මේ....මගේ sir name එකමයි....මෙයා කොරියන් කෙනෙක්ද? හහ්....ඒ නම....දැක්කම මට තව කෙනෙක් මතක් වෙනවා. ම්ම්ම්....ඒත් ඔක්කොම english අකුරුනෙ."

යුන්ගී ඇද මත වාඩි වී අහීගේ දින පොතේ පිටු එකිනෙක පෙරලා බැලුවා.

පෙම්බදිමි රහසින්
ගන්න හැම හුස්මින්
දෙසිත් බැදෙමින්
හිදිනට සැම දා ඔබ අසලින්...

හීනයකි ඔබ ජිවිතේ
අහිමි සද මට නිසසලේ
හිමිවන්න පින් මදිද දිවි තෙරේ
තනිව සිබිනෙමි සිහිනයේ...

එක් වරක් දුටු ඔබේ රූපය
මන්ද නොමැකි ගියේ
හිමි නොවුනද ඔබ මගේ
හදේ රැදි ඒ ප්‍රේමයේ....

"වාහ්හ්...කවිකාරියක් වගේ..."

පිටු එකිනෙක පෙරලන අතරේ යුන්ගී හට වරදකාරි හැගීමක් දැනුනේ නාදුනන අයකුගේ නොව දන්නා අයකුගේ පවා දින පොතක් කියවීම වැරැද්දක් බව දන්නා නිසා.
ඒ අතරේ ඔහුගේ නෙත් එක් පිටුවක නැවතුනා.

       අනේ......එයාගේ ඒ ඇස් දෙක දෙයියනේ....හරියට පූස් පැටියෙක් වගේ....එයා මනුස්සයෙක් නෙමෙයි කියලමයි හිතෙන්නෙ. ආශ් පිස්සුද මට. එයා මනුස්සයෙක්.නෑ නෑ මනුස්ස වෙසින් ආව සූටී පූස් පැටියෙක්. මට හිතාගන්න බෑ  මං ඇයි කියලා මේ මනුස්සයා ගැන මෙච්චර හොයන්නෙ?? හැබැයි ටිකක් ආඩම්බර පාටයි කෝමත් එයා ඒමනේ.... මේ මනුස්සයාට ඇයි මං මෙච්චරට ආකර්ශනය වෙන්නෙ??? දවසක් මියුසියම් එකෙදී දැක්ක ඒ මනුස්සයාව මං දැන් ෆලෝ කරන්නෙ අවුරුද්දක් තිස්සෙ. මේක මට නවත්ත ගන්න බෑ දෙයියනේ. හැමදාමත් එයාට නොපෙනී හරී එයා ලගින්ම ඉන්නවා මං. මං ආදරෙයි කියලා නිම කරන්න බැරි තරම්....මගේ පූස් පැටියා මින් යුන්ගී...

"චින්චා??? මෙයා මේ මං ගැනද කියන්නෙ??? දෙවියනේ....කව්ද මේ කෙල්ල??"

දින පොතේ පිටු එකින් එක ඉක්මනින් පෙරලමින් යූන්ගී පරීක්ශා කලේ කොතැනක හෝ අහී ගේ පින්තූරයක් තිබෙනවාද කියා.
නමුත් දින පොතේ පමනක් නොව අහීගේ බෑගයේ පවා ඇය පිලිබද සොයා ගත හැකි කිසිවක් තිබුනේ නෑ.
එදින තමා නැවතී සිටිය නිවස වෙත ගියද යූන්ගීගේ මනසේ රැදුනේ "අහී" කියන නම.
" මං ඔයාව හොයාගන්නවාමයි.."

යූන්ගී තනිව හිනා වෙමින් අහීගේ දිනපොතද තුරුලු කරන් තම ඇදෙහි නිදාගත්තා.

පසු දින උදේන්ම යූන්ගී අහීගේ බෑගයද රැගෙන විශ්ව විද්‍යාලය වෙත ගියා.
පිටුපස පේලියේ සිටි සතියකට පෙර තමාට පහර දුන් තරුනයෝ පිරිස දෙස බලා ඔරවමින් යූන්ගී ඉදිරි පේලියකින් අසුන් ගත්තා.
ඒ අතර තුරේ විශ්ව විද්‍යාලයට අලුතින් පැමිනි තරුනියක් වාඩි වෙන්න්නට තැනක් සොයමින් සිටියා. ඇය ඉතාමත් රෑමත් තරුනියක් වුවද යූන්ගි ඇයව තබ සතේකට මායිම් නොකර සටහන් පොතක් දෙස බලා සිටියා.

"හායි....ඔ..ඔ..යා මින් යූන්ගී නේද???"

"ඔව්...ඔයා මාව අදුනනවද??"

"අයියෝ....ඔව් අප්පා...ඔයාගෙ පේන්ටින්ග්ස් මාරම ලස්සනයි...ඇත්තම කිව්වොත් මං ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක්....මං ඔයාව දවසක් දැක්කා මියුසියම් එකේදි....ඔයාට මාව මතක නැතුව ඇති හැබැයි...."

"ඕහ් නයිස් ටූ මීට් යූ....ඔයාගෙ නම?"

_____________________________
Kim_onara🖋️ 📚 ......

🍁𝐴𝒉𝑖 📖️🖋️[MYG one Shot]✔️Where stories live. Discover now