chapter 11🍁

60 10 0
                                    

එකොලොස්වන දිගහැරුම💐....

යූන්ගී තවත් වචනයක්වත් කතා නොකර හිං සූවත් ඇදගෙන කාරයට ඇතුලු වුනා.

මිසිස් මින් : "පුතා....ඔහොම ඉන්න..."

🐨 : "ඒ දෙන්නා ඒක තනියම විසදගනීවී ඔම්මා...අපි යමු ගෙට..."

හිං සූ ඇස්වල කදුලු පුරවන් බලා සිටින අතරේ යූන්ගී නිහඩවම කාරය පැදවන් තම නිවසට ගියා.

Hin soo pov :

"යූන්ගී...මියානේ......මට කලින් ඔයාට මං කව්ද කියලා ඇත්තටම කියන්න බැරි උනා. මට තවත් ඔයාලගේ පව්ලේ අයට වදයක් වෙන්න ඕනි උනේ නෑ...."

යූන්ගි : "ඔ..ඔයා මේ මොනාද කියන්නෙ....හිං සූ...??"

"අහී....අහී තමයි මගේ නම ලී අහී නා. ඔයාගෙ පොඩි කාලෙ යාලුවා. ඔයාගෙ අහී...."

යූන්ගි : "අහී...?? එහෙම වෙන්නෙ කොහොමද?? අහී පොඩි කාලෙම කොරියාවෙන් ගියා."

"ඔව් ගියා අවුරුදු අටක් වෙද්දි මං ඔම්මායි අප්පායි එක්ක නිව්යෝක් වල පදිංචියට ගියා... පොඩි කාලෙ ඉදන්... මගේ හිතේ යූන්ගි ඔයා ගැන අමුතු හැගීමක් තිබ්බා... එහෙට ගියාට පස්සෙත් මට හුගාක් පාලු දැනුනා....මොකද මට ඔයා විතරක් නෙමෙයි මගේ හොදම යාලුවා සෝහිවයි නම්හූන් හියුන්ග්වයිත් නැති වුනා...."

යූන්ගි : "නිව්යෝක්??"

"ඔව්....එහෙදි මං හුගක් පාලුවෙන් හිටියේ. ඒ අතරේ තමයි දවසක් මායි ඔම්මායි අප්පායි ලමා නිවාසෙකට ආධාර කරන්න ගියේ....එහෙදි අපට මුන ගැහුනා මං වගේම මගේ වයසෙ පොඩි girl කෙනෙක්....එයා හරිම social කෙනෙක්....
අපි එයාව අදුනගත්තු ටික වෙලාවට එයා මටයි ඔම්මාටයි අප්පාටයි ගොඩාක් ලං උනා....ඊට පස්සෙ එයා තමා මගේ හොදම යාලුවා වුනේ...ඒ වගේම මගේ එකම සහෝදරී විදියට ඔම්මායි අප්පායි එයාව දරු කමට හදාගත්තා."

යූන්ගී : "හිං සූ...ඔයා මේ මොනාද කියවන්නෙ...?? මට මොකුත් පැහැදිලි නෑ."

"මේ අහන්නකො....ඒ girl මට මගේම සහෝදරී වගේ දැනුනේ. එයා මට වඩා මාස පහක් විතර වැඩිමල් නිසා මං එයාට ඔන්නි කියලා කතා කලේ....ඒත් මට පොඩි කාලෙ තේරුනේ නෑ මගේ ඔන්නි මට අයිති හැමදේම ටිකින් ටික උදුර ගන්නවා කියලා...මට scl එකේ පවා යාලුවො හිටියේ නැති නිසා මගේ ඔන්නි තමා මට ඉදපු එකම යාලුවා....ඉතින් මං එයා කියන හැමදේම කරනවා. සමහර වෙලාවට එයා කරන වැරදි පවා ඔම්මාගෙ ඉස්සරහ මං බාර ගත්තා..."

පරන දේවල් මතක් කරද්දි මගේ ඇස් වලින් ඉබේම කදුලු වැටෙන්න පටන් ගත්තා. එක අතකින් මගේ හිතට ලොකු බයක් දැනුනා යූන්ගීගෙන් හැමදේම හංගපු නිසා එයා මා එක්ක තරහා වෙයිද කියලා.

"මට අවුරුදු දහයක් විතර කාලෙ...ඔන්නි කිව්වා එයා මගේ නමට ගොඩාක් ආසයි කියලා....එයා කිව්වා මගේ නම එයාට දුන්නෙ නැති වුනොත් එයා ගෙදරින් යනවා කියලා...හැබැයි ඔම්මටයි අප්පාටයි එයා ඒම කිව්වා කියලා කියන්නෙපා කිව්වා....මට තාම හිතාගන්න බෑ ඇයි කියලා මං එදා ඒකට කැමති වුනේ....අන්තිමේදි මං ඔම්මාටයි අප්පාටයි කිව්වා මං මගේ නමට ටිකක්වත් කැමති නෑ කියලා. මට නම මාරු කරලා දෙන්න නැත්තං මං ගෙදරින් යනවා කියලා. ඊට පස්සෙ තමයි මං ලී හිං සූ උනේ...."

යූන්ගී : "එ...එතකොට ඔයාගෙ ඔන්නි අහීනා වුනා...එහෙමද??"

"හ්ම්ම්...ඔව් යූන්ගී එහෙම තමා උනේ...."

යූන්ගී : "වට්??? එතකොට ඔයාගෙ ඔන්නි...මං කිව්වෙ අහීනාගේ කලින් නම මොකක්ද??"

"එයාගෙ කලින් නම සොෆීයා...එයාගෙ ඇත්ත දෙමාපියෝ නිව්යෝක්වලම ඉදපු අය. එයාට කිසිම කොරියන් සම්බන්දයක් නෑ...."

යූන්ගි : "මේ ෆොටෝ එකේ ඉන්න කෙනාද ඔයාගෙ ඔන්නි??"

හැගීම් විරහිත මූනක් මවාගෙන යූන්ගී එයාගෙ ෆෝන් එක පීරලා පීරලා හොයාගත්තු ෆොටෝ එකක් මට පෙන්නුවා. මං දැන ගත්තා යූන්ගී පෙන්නන්න හදන්නෙ මගේ ඔන්නිගේ ෆොටෝ එකක් තමා කියලා. මොකද මං කලින් ඉදන් දැනගෙන හිටියේ යූන්ගීගෙ ex gf එයා කියලා.

"ඔව් එයා තමයි....එයා තමයි මට ඔයාවත් නැති කලේ......"

යූන්ගි : "ඒ කිව්වෙ??"

________________________________

🍁𝐴𝒉𝑖 📖️🖋️[MYG one Shot]✔️Where stories live. Discover now