දස වන දිගහැරුම💐....
යූන්ගී, හිං සූ සමග උද්‍යානයේ තිබූ ඔන්චිල්ලාව මත වාඩි වී ඇගයේ කරවටා අතක් ගෙනයමින් කතා කර කර හිටියා.
"යූන්ගී....ඔයා කවදාවත් මාව දාලා යන්නෑ නේද??"
"ශ්...මොනවද මැනික මේ අහන්නෙ?? ඔයා කොහොමද එහෙම හිතන්නෙවත් ආහ්.... මුලු ජීවිතේම එපා වෙලා කිසිම හැගීමක් දැනීමක් නැතුව ආදරේ කියන වචන හතරට පවා වෛර කරපු මං අද මෙහෙම හිනා වෙලා ඉන්නෙ ඔයා නිසා....මං ජීවත් වෙන්නෙ ඔයා නිසා....ඔයාගෙන් තොර ජීවිතයක් මට නෑ හිං සූ.... ඇත්තම ආදරේ කියන්නෙ මොකක්ද කියලා මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්.....සමහර වෙලාවට මට හිතෙනවා මගේ ඔම්මාටත් වඩා ඔයා මාව තේරුම් ගන්නවා කියලා. මං හැමදේම වචනෙන් නොකියුවත් මගේ ඉරියව්වකින් පවා ඔයා තේරුම් ගන්නවා මගේ හැගීම්...."
මුල ඉදන් යූන්ගී කියපු දේවල් ඇස්වල කදුලු පුරවන් අහන් ඉදපු හිං සූ අන්තිමට කදුලු අතරින්ම මූනේ මනමාල හිනාවක් රදවාගනිමින් මෙලෙස කිව්වා.
"ම්ම්ම් ur body language speak to me...."
"ඔහ් හෝ....මගේ කෙල්ල දැන් හොදටෝම නරක් වෙලා."
"කවුද දන්නෑ නරක් කලේ හුම්ම්"
හිං සූ එසේ කියමින් යූන්ගීගේ පපු තුරුලේ මූන හංගා ගත්තා.
ට්‍රීං ට්‍රීං....(යූන්ගිගේ දුරකථනය නාද උනා)
"ආශ්....හරි හරි ඔම්මා..."
"......."
"මියානේ....අමතක උනා...දැන්ම එන්නම්"
"......."
"හා හා...ඕ...."
"......."
"නෑ...හරි හරි.....ඔව්...ඔව්....හා...හා....ඔව් ඔව්....ඔව්...හහා....නෑ නෑ....හරි ගේන්නං....ඔව් ඔව්....හා හා මං තියනො බායි."
මිසිස් මින්ගේ තොරතෝන්චියක් නැති කියවිල්ල නිසා යූන්ගී ඉක්මනින් දුරකථනය විසංදි කලා.
මේ අතරේ හිං සූ , යූන්ගී දෙස බලමින් සිටියේ සිනහ සෙමින්.යූන්ගී හිං සූ ලගට ගොස් නලලෙහි හාදුවක්ද තබා ඉක්මනින් සූදානම් වී නම්ජූන්ගේ නිවසට යාමට පිටත් උනා.
.
.
."ඔම්මා...ඇයි මට එන්න කිව්වෙ..."
දවල් ආහාර ගෙන මිසිස් මින්ගේ කීම නිසාඅ යූන්ගී, නම්ජූන් ගේ නිවසට පිටව ගියා.
YOU ARE READING
🍁𝐴𝒉𝑖 📖️🖋️[MYG one Shot]✔️
Fanfiction🍁𝐴𝒉𝑖 📖️🖋️ දිනපොතක් ගිය දුරක්... 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 "ඔයාට මාව දාලා යන්න බෑ අහීනා...." "මං මාර්ක්ට ඇත්තටම ආදරෙයි..." __________________________________________ "අපිව දාලා ගිය මිනිස්සු ගැන හිත හිතා දුක් වෙන්නැතුව ජීවිතේට අලුත් බලාපොරො...