ඔප්පා , අදයි දවස ........ මම ඔයාගෙන් වෙන්වෙලා ආපවු නොයෙන්නම යන්න යන දවස....
රෝස පැහැ දිග ගවොමකින් සැරසුණු ඈ වෙනදාටත් වඩා පියකරුය. රත් පැහැ ගැන් වී ඇති කොපුල් තලය මත මද සිනාවක් ඇදී ඇත. අල්තාරය වෙතට ගමන් කරන ටේකුක් දෙපළ දෙස ඈ බලා සිටියේ සිනහමුසු මුහුණෙනි.
අල්තාරය මත සැමදා එකට විසින බවට දිවුරුම් දුන් ඔවුන් දෙපළ විවාපත් වූහ. ඔවුන් හට සුබපැතුම් එක් කළ අයවලුන් අතර ටේහ්‍යුන්ග් දෙමව්පියන් ද සිටියහ.
ගොඩක් ස්තූතියි අප්පා ..... මාව තේරුම් අරගෙන මේ විවාහේ කරන්න දුන්නට......
සිනහමුසු මුහුණින් තමන්ට කතා කරන ටේහ්‍යුන්ග් දෙස බැලූ පියා ,
නෑ ටේ, ඔයා මට නෙවෙයි ස්තූති කරන්න ඕනි . මං මේකට තාමත් කැමති නෑ..... ඒත් මං මේ දේ කරන්නේ ලිලී වෙනුවෙන් .....
යැයි පවසා එතනින් නික්මුණේ ඔහුගේ සිත මහත් කුහුලෙන් පුරවමිනි.
මොකක්ද අප්පා ඒ කිව්වේ..... මේක කරන්නේ ලිලී වෙනුවෙන් .... ඒ කිව්වේ...
නොසන්සුන් හදින් තමාට ම මුමුණා ගත් ඔහු කුකී ගේ හඬින් අවදි වුණි.
හියුන් , අපි යමු ලිලීට කතා කරන්න ....
කූ සමග ලිලී වෙත ඇවිද ගිය ඔහු ඈ හට කතා කළත් වෙනස් හැගීමකින් ඔහුගේ සිත නොසන්සුන් වී ඇත.
ගොඩක් ස්තූතියි ලිලී, අපි දෙන්නා වෙනුවෙන් කරපු හැමදේටම....
ස්තූති කරන්න එපා ඔප්පා ..... ඒ වෙනුවට එකම එක දෙයක් කරන්න .
මොකක්ද ලිලී ?
මාව හැමදාමත් මතක තියාගන්න.
YOU ARE READING
𝑻𝒉𝒆 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆 𝒍𝒐𝒗𝒆 🥀 [Taekook] ( Completed )
Fanfiction" sometimes the hardest part of loving someone is that moment when you realise the best thing you could do for them is let them go " 💕🥀 " If you truely love someone then...