💕❽💕

138 34 7
                                    

ලිලී මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද?

දිදුලන තරුකැට පිරි අහස දෙස බලා ගත්වනම සිටි තරුණිය පියවි සිහියට පිය නැගුවේ තම සැමියාගේ හඩිනි.

කියන්න ඔප්පා......

මදක් රත් පැහැ ගැන්වුනූ සොදුරු මුව කමලෙන් යුතුව සිටි ඇය ඔහු දෙස යටැසින් බැලුම් හෙලුවේ නව මනාලියකට උරුම කෝල බව ඇයටද හිමි හෙයිනි.

මට මේක ඔයාට හංගන්න වුවමනා නෑ.... ඒ නිසා කෙලින්ම කියන්නම්

තිගැස්සුණු හදකින් යුතුව ඇය ඔහු දෙස බැලුවේ නුහුරු හැගීමකින් සිත වෙළුණු හෙයිනි .

මො.....මොකක්ද ඔප්පා

තමා ඉදිරිපිට සිටින රුවැති තරුණිය ගේ හද තමා තව මොහොතකින් බිදන බව දන්නා ඔහුගේ සිතට දැනුනේ මහත් පසුතැවිල්ලකි.නමුදු සත්‍යය කෙදිනක හෝ එලිවෙන හෙයින් ඔහු එය කීමට සිතුවේ ය.

ඇත්තටම ලිලී, මේ විවාහේ සිද්ධ වුනේ මගෙන් කැමැත්තෙන් නෙවෙයි..... අප්පා ගේ බල කිරීමෙනුයි මේක සිද්ධ වුනේ....

අහ්.....

ඒ..... ඒ වගේම ම....මට කවදාවත් ඔයාට ආදරය කරන්න බෑ.....ම....මට සමාවෙන්න

ඇයට දැනුනේ තම මුලු ලොවම සුණු විසුණු වී ගිය අයුරකි.වෙවලන ගතින් යුක්තව ඇය සයනය මත හිද ගත්තා ය.

ඒ...ඒ.... ඇයි ඔප්පා ....

ගලා යෑමට උත්සහ කරන කඳුළු බිඳු තම දෙනෙතෙහිම සඟවා ගත් ඇය විමසුවේ වෙව්ලන හඩිනි.

මොකද....මොකද.... මං වෙන කෙනෙක් ට ආදරය කරනවා.....

ඒ වදන් පෙළ තම හදවත සිදුරු කර යන සේ ඈට දැනුනි...ඇය තම ආලය දෙස දෙනෙත් විදහා බැලීය .

ම...මට සමාව දෙන්න ලිලී... ඒත් මට බෑ ඔයාට බොරුවට බලාපොරොත්තු දෙන්න.

ම...මට තේරෙනවා ඔප්පා ...... ඒ...ඒකට කමක් නෑ

ගොඩක් ස්තූතියි ලිලී මාව තේරුම් ගත්තට .....

සිනාවෙන් ඔප වැඩුණු මුව කමලින් යුක්ත වූ ඔහු ඇයට තුති දෙමින් නික්මුණේය.නමුදු ඔහු ට ඇගේ වේදනාව නොපෙනුණි.

තමා පසු කර යන ඔහු දෙස ඇය බැලුවේ වේදනාවෙන් පීඩිත හදිනි.මුවෙන් නික්ම නොවුණු වේදනාව ඇය කදුලින් පිට කළාය..... මුලු රාත්‍රිය පුරාවටම වේදනාවෙන් හැඩූ ඈ ගැන නිදි දෙව්දුවටද දුකක් දැනුනා සේය.එහෙයින් අවසානයේ නින්දට වැටුණු ඈ ගේ කොපුල් තලයෙන් කඳුළු බිඳු දිගටම ගලා වැටුණි.

එහෙයින් අවසානයේ නින්දට වැටුණු ඈ ගේ කොපුල් තලයෙන් කඳුළු බිඳු දිගටම ගලා වැටුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀



Hey guys ,

කතාව හොදයි කියලා හිතනවා. ඔයාලගේ අදහස් මට කියන්න . මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා 🥺.
ආදරෙයි හැමෝටම ....

Kim Ari 🥀

𝑻𝒉𝒆 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆 𝒍𝒐𝒗𝒆 🥀 [Taekook] ( Completed )Where stories live. Discover now