💕❾💕

139 37 2
                                    

හිම වැටෙන සීතල රැයේ  ඇය කවුලුව අසල හිද සිටියාය . රැයෙහි පවත්නා සීතලෙන් ඇගේ සිතද ගල් වී ඇති සෙයකි. වෙනදා මදහසින් ඔප් නැංවුණු මුව කමල අද කිසිම හැගීමක් පෙන්නුම් නොකරයි. කඳුළු බිඳු පමණක් කොපුල් තලය මතින් ගලා බසී.

තමාගේ ස්වාමියා ආලය කරන්නේ වෙනකෙකුට යන්න දරාගත හැක්කේ කුමන කාන්තාවටද? දෙදිනකට පෙර ඔහු කී වචන ඇයට දැනුදු ඇසෙන්නේ ඔහු ඇගේ ඉදිරියේ සිට කතා කරන ලෙසිනි.

ඔප්පා , ඔයාගේ ආදරේ මට හිමි නැතුව ඇති..... ඒත් මගේ ආදරේ ඔයා විතරමයි ඔප්පා .... ඔ... ඔයා විතරමයි....

කඳුළු සලමින් ඈ කී වචන ඇසුණේ ඇගේ කාමරේ බිත්ති හට පමණකි. මද වෙලාවකට පසු කඳුළු පිස දමමින් නැගි
සිටි ඈ සෙමින් සෙමින් පියගැට පෙළ බැස පහළ තට්ටුවට ගියාය. ඉදිරියට ඇවිද ගිය ඇය සිනා හඬක් ඇසී නැවතුණාය. සාලයට එබී බැලූ ඈ දුටුවේ තම සැමියා කුකී සමග මහත් ප්‍රීතියෙන් කතාබස් කරන අයුරුයි.

 සාලයට එබී බැලූ ඈ දුටුවේ තම සැමියා කුකී සමග මහත් ප්‍රීතියෙන් කතාබස් කරන අයුරුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔප්පා , මං දන්නේ නෑ ඔයා ආදරය කරන්නේ කාටද කියලා ..... ඒත් එක දෙයක් මං දන්නවා ඒ කෙනා හරි ම වාසනාවන්තයි . මට ඒ වාසනාව නෑ.ඒත් ඔප්පා ඔයා සතුටින් නම් මාත් සතුටින් .

කොපුල් තලය මත කඳුළු බිඳු දිලිසුනත් ඇගේ මුහුණ මත මද සිනාවක් ඇදී තිබිණි .

ටේ ඔප්පා .....

ඇගේ කටහඩ ඇසුණු ටේත් කුකීත් ගැස්සුණේ එය බලාපොරොත්තු නොවූ හෙයිනි.

කි....කියන්න ලිලී

බයෙන් මෙන් ඈ දෙස බැලූ ටේ ඇසුවේ වෙව්ලන හඩිනි.

මං එලියට ගිහින් එන්නම් ඔප්පා ....

මෙතෙක් තම රහස එලී වී ඇත යන්නෙන් බිය වී සිටි ඔවුන් දෙපලට දැනුනේ තම හිසෙන් විසල් බරක් ඉවත් කල ලෙසිනි.

අහ්.... හරි ලිලී ....පරෙස්සමින් ගිහින් එන්න.

හරි ඔප්පා

මදහසක් පෑ ඇය නිවෙසින් පිට වුනේ ඔහුගෙන් එවන් වචනයක් හො ලැබීම ගැන ප්‍රීතියෙනි.

Hey guys ,

බෝරින්ග් ද මංදා 😅 මං පුලුවන් තරම් උත්සහ කරනවා ඔයාලට දැනෙන්න ලියන්න . ඉතින් මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි .
ඊලග එපියෙන් හම්බ වෙමු .

Kim Ari 🥀

𝑻𝒉𝒆 𝒔𝒂𝒄𝒓𝒊𝒇𝒊𝒄𝒆 𝒍𝒐𝒗𝒆 🥀 [Taekook] ( Completed )Where stories live. Discover now