((Drugs))girl(灬º‿º灬)♡ - 4 Ep

16 4 0
                                    

🚓🚕

🚕🚓

Charu POV

ඇවිල්ලා තියෙන්නේ පොලිසියෙන් කියල දැන ගන්න මට වැඩි වෙලා ගියෙ නෑ.. කීප දෙනෙක් ම උන්ගෙ ඉස්සරහට දාල මම උඩ තට්ටුවට ගියෙ බේරෙන්න වෙන ක්‍රමයක් නැති හින්දා..

පොලිස් කාරයො ටික දින්නොත් මාත් අනිවාර්යයෙන්ම රිමාන්ඩ් හින්දා ලාච්චුව අවුස්සල අවුස්සල රිවෝල්වර් එක හොයා ගත්තා..
මමත් දොර ඇරගත්තෙ පහළට ගිහින් ආපු සෙට් එක කුඩෙ කුඩු කරන්න හිතාගෙන.. ඒත් එකපාරටම මගෙ ඔළුව ගොඩක් ම ඇදුම් දෙන්න ගත්තා.. වටේට කළුවර වේගෙන ආව විතරයි මතක.

Jk POV

ජිමිනට අහුවුණ අළුත් ම ගේමට ඌ අපිටත් එන්න කිව්වනෙ.. අපෙ කැබ්දෙක මුලින්ම දාල ජිමින් හෝල් එකේ සෙට් එකට නෙළන අතරෙ මම ටේත් එක්ක උඩට ගියෙ මහමොළකරු අල්ල ගන්න.. අපි උඩට යනකොටත් කීපදෙනෙක් ම අපෙ පිස්තෝලෙන් එලොව ගියා.. අන්තිම තට්ටුවට යනකොට තමයි තඩි පොල්ලක් එක්ක එකෙක් අපි එක්ක හැප්පෙන්න ආවෙ..

ඌ දුන්න පාරකට ටේ ගේ පිස්තෝලෙ විසික් වෙනවත් එක්කම මගෙන් පත්තු වුණා උන්ඩෙ ඌව ස්වර්ගස්ථ කරන්න සමත් වුණා.. වේ පොල්ලත් ඇහිඳන් මගෙ පස්සෙන් එන කොට අපි ජිමින කියපු විදිහට ම කාමරෙ හොයා ගත්තා.. ඇතුලෙන් සද්දයක් ඇහුන හින්ද අපි දොර දෙපැත්තට වෙලා හැංගුනා.. ඒ මදිවට කට්ට කරුවලයි.. ලාවට හඳ එළියෙට කාමරෙ දොර අරිනව පෙනුනා.. ඒත් එක්කම ආපු එකා හෝ එකීගෙ අතෙ පිස්තෝලයක් තිබ්බා ලාවට වගෙ දැක්කා.. මං හිතන්නේ ඒක ටේත් දැක්කා ඒ හින්දම ද කොහෙද ඌ පොලු පාරක් දුන්නෙ ආපු පොර එතනමයි..

Jimin POV

එළියෙ ඉඳන් සටනට ආපු සෙට් එකම රිමාන්ඩ් කරන්න ජිප් එකට දාගත්තා.. මං බලං හිටියෙ ඇතුලට යවපු කුකියයි, ටේයි එයිද කියලා.. කට්ට කලුවරෙ මොකුත් පේන්නෙත් නෑ.. මේන් එක ඕෆ් කරපු පරය මොකාද මන්ද..

ඈතින් කුකිගෙ කට හඬ ඇහුන හින්ද මං ඒ පැත්තට ඇස් දාලා බැළුවෙ මොනව හරි පේනවද කියලා.. කළු පාට විතරයි.. හඳ ත් වළාකුළු අස්සෙ...

Author POV

චාරු දාපු කට්ටිය ඔක්කොම ජිමින් ජිප් එකට දාල පොලිසියට යවපු අතරෙ තමයි කුකියයි ටේයි ගිහින් චාරුට පොල්ලෙන් ගහල අල්ල ගත්තෙ..
කට්ට කරුවලෙ මොකෙක් ද කියල දන්නැතුව මේ ජාවාරමෙ මහ මොළකරු ව කුකියායි ටේයි උස්සන් ජිමිනා ළඟට ආවා...

🤷🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️

__________________________________

චාරුව අහුවුණා ළමායි... හැබැයි ඉතින් තවම මේ කෙල්ලෙක් කියල පොඩි තුන නොදන්නා එකයි ප්‍රශ්නෙ 😜

__________________________________

((Drugs))girl..(灬º‿º灬)♡ JMWhere stories live. Discover now