Author POV
Charu ජිමින් ළඟින් නැගිටලා කතා නැතුවම මුහුද පැත්තට ගියා. ජිමිනුත් අයාගත්ත දෑසින් ඒ දිහා බලාගෙන හිටියා. ජිමිනුත් හිමීට නැගිටල චාරු පස්සෙන් එයා යන දිහාවට ගියා.
Jimin : charu ඇයි මෙ..??
-ජිමින්ට ඇඬෙන්න වගෙ. පළමුවෙනි වතාවට චාරු එයාට පිටුපානවා වගෙ එයාට දැනුණෙ.-
Jimin POV
එයා මට කවදාවත් මෙහෙම කරල නෑ.ඕකෙන් මේකෙන් මට තේරෙන්නේ කුකි කියපු දේ ඇත්ත කියලද? ඒ ගැන මතක් වෙනකොටත් පපුව පැලෙන්න වගෙ.
Jimin : cha...ru.....🥺
චාරු අනිත් පැත්ත හැරිලා වේගෙන් දුවගෙන ගියා. මමත් එයාගේ පස්සෙන් ම දිව්වා. ඇයි එයා මෙහෙම මාව මගාරින්නෙ. අත නිසා මට දුවාගන්නත් අමාරුයි.
Charu POV
මම කොහොමද මුහුණ දෙන්නෙ එයාට. මම කොහොමද? එච්චර එයා තියපු විෂ්වාසය මම කඩ කරා කියල පිළිගන්නෙ.
මම දුවද්දිත් එයා මං පස්සෙන් ම එනව. මට බෑ.. මට බෑ තවත් එයාට මුහුණ දෙන්නෙ. ඒ නිසා ම මම වැලි අහුරක් අරන් එයාගෙ මූණට ගැහුවා.
Author POV
වැලි කාගෙනම ජිමිනා ඇදගෙන වැටුණෙ. ඇස්වලට වැලි ගිය නිසා. නොහිතපූ විදියට ලැබුණ ඒ බාධකයත් එක්ක වැටුණ වැටිල්ලට ජිමින්ගෙ අත පෑරුණා.
"ආ......හ්ඃ............."
ඉවසුම් නොදෙන අතෙ වේදනාවත් එක්ක ජිමින්ගෙන් පිටවුණ ඒ වේදනාබර හඬ ඇහෙන්න කෙනෙක් ඒ පැත්තෙ හිටියනම්, ඒ හැමෝගෙම හදවත් උණු වෙනවා ඒකාන්තයි.
____________________________________
හරිම සෝචනීයයි. 😪
YOU ARE READING
((Drugs))girl..(灬º‿º灬)♡ JM
RandomDrugs girl....... This is a mafia story මාෆියා කතා ලෝකයට තවත් කතාවක් මගෙන්.... කතාවෙ ප්රධාන චරිත දෙකයි.. Jimin × Charu කතාව දිගටම ගලාගෙන යන්නේ drugs business කරන කෙල්ලෙකුත්.. ඒක වලක්වන්න හොඳින්, නරකින් හැමදේම කරන කොල්ලෙකුයි අතරෙ... කතාව මැදදි ඔයාලට...