අති විශාල නෞකාවක් තද නිල් පැහැ පැසිෆික් සාගරය හරහා සෙමින් සෙමින් ඇදී ගියෙ නිල් තල්මසෙකු මෙනි...
එහි නැව් තට්ටුව උඩ තරුණයෙක් සාගරය දිහා බලාගෙන වැටට අත් දෙක තියාගෙන ටිකක් තරහෙන් මෙන් හිටගෙන සිටියා..
"කමෝන්!! ජන්කුක්! ඔයා මහා මෝඩ වැඩක් කරන්නේ සල්ලි නාස්ති කර කරා.. හෙටම අපි මේක ඇමෙරිකා පැත්තට හරවමු.. දැන් නම් ඇති.. අපි දැන් දවස් පනහක් විතර තිස්සේ මේ නැවේ..? ඉමක් කොනක් නැතිව පාවෙනවා? නිකන් මොකක් ද හ්ලොව්? හම්බුනු දියකිදුරියකුත් නෑ.. සයිරන් කෙනෙකුත් නෑ.." තවත් තරුණයෙක් ඔහු ගේ පිටිපස්සෙන් ඉදගෙන හය්යෙන් කෑගැහුවා...
"ජින් හ්යෝන්ග්! කමෝන්!! මට මේක අත්හරින්න බෑ... ඔයා බොට් එකකින් හරි යන්න.. ලොකු බෝට්ස් තියෙනවා නේ.. මං මේක අත්හරින්නේ නෑ.. මං කොහොම උනත් සයිරන් කෙනෙක් හොයා ගන්නවා.. නැත්නම් මර්මෙඩ් කෙනෙක්.." ජන්කුක් කෑගැහුවා...
එක ඔහු ගේ හීනේ.. අවුරුදු දහයක් පමණ ඉදන් පරීක්ෂණ කරලා අවසානෙදි තමන්ගේම කියලා නෞකාවක් තමංගේ පියාගෙන ඉල්ලා ගත්ත ජන්කුක් දැන් දවස් කීපයක් තිස්සේ මුහුද වටේ යමින් පරීක්ෂණ සිදු කරා..
"ජන්කුක් මෙහෙ ඇති සයිරන් කෙනෙක් නෑ!! මිත්‍යා කතා.." ජින් කෑගහුවේ ආවේගයෙන්මයි..
"කොහොමද ඔයා කියන්නේ හ්‍යුන්ග්!! කොහොමද!! සයිරන් ලා රියල්!! අපි තාම මේ මහා මුහුද ගැන දන්නේ සීයට එකක් වගේ සුළු ගානක්.. ඉතිරි සීයට අනුනවයේ මොනව වෙනවා ඇති ද!!! මේ මුලු ලෝකෙම ගැන අපි කොච්චර ද දන්නේ!! ඔයා හිතන් ඉන්නේ මිනිස්සු උතුම්! මිනිස්සු විතරයි ඉන්නේ කියලා ද!! එක ජෝක් එකක්!!" ජන්කුක් කෑගහන ගමන් වැටට හය්යෙන් ගැහුවේ එයාගේ අත රිදුනත් එයා ජින්ව ගණන් ගන්නේ නැතිවම එතනින් ගියෙ පොඩි බෝට්ස් නවත්වලා තිබුණු තැනට!!
ජන්කුක් බොට් එකක් අරගෙන ඒකට නැගලා එතැන තිබුණු ලණුව වේගයෙන් කැපුවේ එයාව එහෙම්මම වතුරට වැටෙද්දී!!
හද පායපු දවසක රෑ වෙන්න ඔන්න මෙන්න තනියම බොට් එකක යන්න ජන්කුක් තීරණය කරේ එක දෛවය ද?
කෙසේ උනත් එක වෙන්න ඇති ජන්කුක් කරපු නරකම වගේම හොදම දෙය! එයා එයාට අවශ්‍ය දේ සොයාගන්න කරන්න යන්නේ මහා භයානක දෙයක්!
සයිරන්ස් ලා මර්මෙඩ් ලා වගේ නෙවේ..
ඒකත් පිරිමි සයිරන් කෙනෙක්! අඩුම වෙන්න පුළුවන් ද?
YOU ARE READING
𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fantasy"ජන්කුක්! සයිරන් ලා කියලා ජාතියක් නෑ ජන්කුක්.. ඔයා බොරු මිත්‍යාවක් පස්සෙන් යන්නේ.." "කොහොමද ඔයා කියන්නේ හ්‍යුන්ග්!! අපි මේ ලෝකේ ගැන සීයට එක්කවත් දන්නේ නෑ ඔයා කොහොමද කියන්නේ සයිරන් ලා නෑ කියලා! මං කොහොම හරි හොයාගන්නවා..!!"