"Ahhhhhhhhhhh!!!" වේගයෙන් කෑගහන ගමන් ජන්කුක් නැගිට්ටා! තවමත් රෑ!! එයා හිටියේ එළියේ.. ඒ වගේම එයාගේ වටෙන්ම මුහුදේ ගැඹුරු සද්දයක් ඇසෙමින් තිබුනා..
ජන්කුක් අපහසුවෙන් කෙලින් වෙලා තමන්ගේ ඇස් දෙක ඇරලා හොදින් වට පිට බැලුවා.. තාමත් ඉන්නේ මුහුදේ.. ලොකු ගලක් තියෙන දුපතක් වගේ ඒ උනාට කොන් හතරම ජන්කුක් ගේ ඇස් දේකට පෙන්න තරම් පොඩි තැනක් වුනා..
"කවුද!" එක වරම වට පිට බලමින් තමන් ඉන්න තැන තෙරුන් ගන්න උත්සහ කරන ජන්කුක්ට තමන්ගේ ඉදිරියෙන් ගැඹුරු කටහඩක් ඇහුනා.. හරියට මුහුද වගේ ගැඹුරු!
"Oh Lord!!!!!!!!! ඔම්මා!! ඔම්මා!!" ජන්කුක් හය්යෙන් කෑගැහුවේ ඇගේ උඩු කොටස විතරක් ගලක් උඩින් තියාගෙන ඉතිරි ටික වතුරේ හංගන් ඉන්න කෙනෙක්ව දැක්ක නිසා!!
"මං ඔබේ භාෂාව දන්නවා!" තමා ඉදිරියේ සිටිය අඩ මිනිස් සිරුරක් තිබුණු කවුරු හරි කෙනා කියනවා ජන්කුක්ට තේරුණා. What! මේ මේ!!මේ ජන්කුක් හොයපු කෙනා ද!!
"What? ඔයා කවුද!!" ජන්කුක් බයෙන් වගේ කෑගැහුවා..
"මං ටේහ්යුන්ග්.. " ඔහු පැවසුවා..
"Wait a fucking minute? Are you a siren.. අනියා.. ඔයා සයිරන් කෙනෙක් ද? යාහ් ඔයා කොල්ලෙක් වගේ නේ??!!! ඔයා පිරිමි කෙනෙක් ද??" ජන්කුක් දනගහගෙන ගිහින් සයිරන් ගේ මුහුණ ලගට ලං වෙමින් ඇහුවා..
"මං සද දෙව්දුවගේ දුතයෙක්.. ඔවුන් පවසන ආකාරයට.." ඔහු පැවසුවේ ජන්කුක් ගේ මුහුණ ලගට ලං වෙමින්...
ජන්කුක් පුදුම වුනා... ඒ රුව.. ඒ රුව ජන්කුක් දැකල තියෙන්නේ ග්රීක මිත්යා වල ඉන්න දේවතාවන්ගේ පමණයි.. ඒ අතරවත් මෙතරම් ලස්සන රුවක් ඇති කෙනෙක්? කවදාවත් ජන්කුක් නොදැකපු නිල් පාට හිස කෙස් තෙත් නොවීම ඔහු ගේ නළලට වැටි තිබුනා.. ඔහු ගේ හමේ වර්ණය? කහ පාටට හුරු ක්රීම් පාටක් එක්ක මිශ්ර වුනු ටෑන් පාටක්.. එත් එත් එච්චර පිරිසිදු හමක්? එච්චර වර්ණවත්! ඒ තොල්! ඒ රතු පාට තොල් නම් කිසිම කෙනෙක්ට එහෙම නොලැබෙන්න ඇති.. රතු පාටට හුරු රෝස පාටක් ඒ තොල් වල ඇදිලා තිබුනා..සියල්ල පැත්තකින් තියන්න පුළුවන්! ඔහු ගේ ඇස්! ලා කොළ පාටට හුරු නමුත් ලා නිල් පැහැයක් තිබුණු ඔහු ගේ ඇස් මුහුද යටදී කළු පාට වනවා කියලා ජන්කුක් දැනන් හිටියා.. ඔහු සයිරන් කෙනෙක්...නමුත් ඔහු සයිරන් කෙනෙක් ද කියලා විශ්වාස කරන්න බෑ!
මේ කතාව කියවන්න කට්ටිය නෑ නේ
YOU ARE READING
𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fantasy"ජන්කුක්! සයිරන් ලා කියලා ජාතියක් නෑ ජන්කුක්.. ඔයා බොරු මිත්යාවක් පස්සෙන් යන්නේ.." "කොහොමද ඔයා කියන්නේ හ්යුන්ග්!! අපි මේ ලෝකේ ගැන සීයට එක්කවත් දන්නේ නෑ ඔයා කොහොමද කියන්නේ සයිරන් ලා නෑ කියලා! මං කොහොම හරි හොයාගන්නවා..!!"