"එහෙනම් මගේ කාලේ අවසන් වීගෙන එනවා..ස්තුතියි හුගක් නරක දේවල් අමතක කරලා මොහොතක් සතුටෙන් ගෙවන්න අවස්තාවක් ලබා දුන්නට.." ටේහ්යුන්ග් අහස මැද්දට එන හද දිහා බලමින් කිව්වා..
"අවසන් වීගෙන එනවා? ඔයාට වයස කීය ද?" ජන්කුක් තමංගේ කකුල් දෙක වතුරට දාගෙන ටේහ්යුන්ග් ගේ වරල දිහා කන්න වගේ බලන් ඇහුවා..
"හ්ම්ම්.. ඔයා අහන දෙය තේරුනේ නෑ..." ටේහ්යුන්ග් මනුස්සයෙක් නෙවේ සයිරන් කෙනෙක්..
"හාකෝ.. මට ඔයාගේ ටේල් එක ටච් කරන්න පුළුවන් ද? ආනී!! ඔයාගේ ඔය වරල? අල්ලන්නම්?" ජන්කුක් ටේහ්යුන්ග් ගේ වල්ගය දෙසට අත දික් කරලා ඇහුවා..
"අනිවාර්යෙන්.." ටේහ්යුන්ග් තමන්ගේ හිස පිටි පස්සට කරලා විශාල වල්ගය ජන්කුක් ලගට එන විදියට ජන්කුක් ලගට ලං වුණේ ජන්කුක් පුදුමෙන් එක දිහා බලන් ඉද්දි!
ඒවා එක එක පාටයි.. එත් එයාගේ වල්ගය එයාට වඩා වෙනස්.. එක රෞද්‍ර ගතියක් තිබුණු එකක් වුනා.. එක දැක්ක කෙනෙක් අනිවාර්යෙන් බය වෙනවා! Mermen කෙනෙක් නෙවේ සයිරන් කෙනෙක් කියන එක ඒ වල්ගය ජන්කුක්ට මතක් කරලා දුන්නා..
ජන්කුක් තමන්ගේ අත් ඒ වල්ගය මත ගෙන ගියා... ඒවා හුගක් තියුණුයි!!
"අහ්!" එක පාරටම ජන්කුක් ගේ අත ඒ එක කොර පොත්තකට කපුනේ ජන්කුක් ටිකක් සද්දෙන් හඩක් නැගල අත ගද්දි.. එකෙන් කලබල වුනු ටේහ්යුන්ග් ඉක්මනින් තමන්ගේ වල්ගය ගසා තමා කකුල් දෙක මුහුදට දාගෙන ගලක් මත ඉන්න ජන්කුක් ලගට ලං වුනා..
"ඔයාට මොකෝ උනේ?" එක පාරටම ටේහ්යුන්ග් බයෙන් ඇහුවා..
"එක මහා දෙයක් නෙවේ.." ජන්කුක් එහෙම කිව්වත් ඊට කලින් ටේහ්යුන්ග් ජන්කුක් ගේ අගිල්ල අරන් ඒ ඇගිල්ල සුප්පු කරේ කිසිම අප්පිරියාවක් නැතිව..
නමුත් හිතා ගන්න බැරි විදියකට ජන්කුක් ඒ මොහොතේදී ටේහ්යුන්ග් ගේ ඇස් අතර හිර වුනා!! ලා කොළ පාට මුහුදේ නිල් පාටත් එක්ක මිශ්‍ර වුනු හරිම වෙනස් පාටක්!!
එත් එක්කම ටේහ්යුන්ග් ගේ ඇස් ජන්කුක් ගේ ඇස් වලට යාවුනේ හැම දෙයක්ම වේගයෙන් වෙමින් පවතිද්දී..
විනාඩි කීපයක් ටේහ්යුන්ග් ජන්කුක් ගේ තද කළු පාට ඇස් දෙක දිහාත් ජන්කුක් ටේහ්යුන්ග් ගේ කොළපාට ඇස් දිහාත් බලාගෙන ඒවාගේ හිර වෙලා හිටියේ ලුනාටම විතරක් මෙය පෙනෙද්දී! ටේහ්යුන්ග් ගේ සයිරන් ජිවිතයේ අවසානයට පෙර ඔහු ගේ සහකරයාව ටේහ්යුන්ග්ට පෙන්වන්න ලුනා යොදපු උපක්‍රමයක් ද මේ?
නමුත්? එකෙන් ජන්කුක්ට රිදෙයි ද? ටේහ්යුන්ග්ට රිදේවි! ලුනා ඔයා මොකක් ද මේ කරන්නේ!
ලුනා කියන්නේ සද දෙව්දුව..
YOU ARE READING
𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fantasy"ජන්කුක්! සයිරන් ලා කියලා ජාතියක් නෑ ජන්කුක්.. ඔයා බොරු මිත්‍යාවක් පස්සෙන් යන්නේ.." "කොහොමද ඔයා කියන්නේ හ්‍යුන්ග්!! අපි මේ ලෝකේ ගැන සීයට එක්කවත් දන්නේ නෑ ඔයා කොහොමද කියන්නේ සයිරන් ලා නෑ කියලා! මං කොහොම හරි හොයාගන්නවා..!!"