"ජන්කුකා!! නැගිටින්න!! ජන්කුකා!! දැන්වත් නැගිටින්නකෝ ජන්කුක්!!" ජින් ගේ අඩන කටහඩ ඇහුනු ජන්කුක් හිමින් ඇස් ඇරිය..
"ඩොක්ටර්!! එයා ඇස් අරිනවා!!" ජන්කුක්ට තවත් පුරුදු කටහඩක් ඇහුනා.. ජිමින්! ජින් හ්යුන්ග් ජිමින් හ්යුන්ග් දෙන්නා..
වටේම එක එක සද්ද ඇහෙද්දී ජන්කුක්ට අයෙත් ඇස් දෙක පියවුනේ දැනුනු මහන්සියත් එක්කමයි...
අයෙත් ටික වෙලාවකින් ජන්කුක් තමන්ගේ ඇස් අරිද්දි හැම දෙයම නිස්කලංක වෙලා තිබුනා.. හැමදේම සාමාන්‍ය වෙලා තිබුනා.. එයා එයාගේ ඇස් ඇරියේ කලින් වගේ සුදු සිවිලිමක් තිබුණු තැනක නෙවේ...
එයා ඇස් වහල ඇස් පියා ගත්ත වුනාට දවස් දෙකක් ගත වෙලා තිබුනා එයා මුලින්ම ඇස් ඇරියට පස්සේ.. එයා ඇස් ඇරිය ගමන්ම දැක්කේ එයාගේ නිල් පාට ගාපු කාමරය.. උඩ මුහුද වගේ mermaid, siren ලා ඇදල තිබුණු උඩ සිවිලිම..
ජන්කුක් හිමින් ඇස් අරිද්දි එයාගේ බෙල්ලේ තිබුණු යම් දෙයක් එයාට දැනුන!! එක හීනයක් නෙවේ දෙවියනේ!! ජන්කුක් තමන්ගේ බෙල්ලේ තිබුණු දෙයට අත තිබුණු මොහොතේම එක ගැලවිලා ජන්කුක් ගේ අතට ලැබුනා.. තනිකරම මුතු වලින් හදලා තිබුණු එහි නිල් පාටින් බෙල්ලෙක් එල්ලලා තිබ්බා.. එකේ තිබුන එක ලාංඡනක්.. එක siren කෙනෙක් ගේ වල්ගයක්.. එක හීනයක් නෙවේ කියලා ජන්කුක් තෙරුන් ගත්තා..
ටේහ්යුන්ග් හා සයිරන් ඇත්තක්..
"කුක්!!" එක පාරටම සුප් ඒකත් අරගෙන ආපු ජින් ඇදේ ඉදගෙන මුතු මාලයත් අල්ලන් ඉන්න ජන්කුක් දැකලා සුප් එක පෙරලා ගන්නේ නැතිව ආවෙ අමාරුවෙන්..
'ඔයාට සිහිය ආවා..!" ජින් ජන්කුක්ව තදෙන් බදාගත්තේ ඇදේ ඉදගෙන..
"මොකද උනේ හ්යුන්ග්?" ජන්කුක් ටිකක් පුදුමෙන් ඇහුවා...
"ඔයා හිතාගන්න බැරි විදියට වෙරළට ගොඩ ගහලා හිටියා ඒකත් විශ්වාස කරන්න බුසාන් වලට.. අපි ඇමෙරිකාවට ලං වෙලා හිටිය.. හුගාක් දුර.. කොහොමද එහෙම වුණේ ජන්කුක්? කොහොම උනත් කෙනෙක් ඔයාව දැකල පොලිසියට කියලා.. පොලිසිය තමා ඔයාව අප්පට බාර දීලා තිබ්බේ.. "ජින් පුදුමෙන් කියවන් ගියා..
YOU ARE READING
𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fantasy"ජන්කුක්! සයිරන් ලා කියලා ජාතියක් නෑ ජන්කුක්.. ඔයා බොරු මිත්‍යාවක් පස්සෙන් යන්නේ.." "කොහොමද ඔයා කියන්නේ හ්යුන්ග්!! අපි මේ ලෝකේ ගැන සීයට එක්කවත් දන්නේ නෑ ඔයා කොහොමද කියන්නේ සයිරන් ලා නෑ කියලා! මං කොහොම හරි හොයාගන්නවා..!!"