රජතුමනි.. අපිට එහෙම සයිරන් ව අපෙන් ඈත් කරන්න බෑ.. අපේ ලෝකයේ ඉන්න අවසාන සයිරන් ඔහු! ඔහු හුගක් විශේෂයි, ඔහු සද දෙව් දුවගේ ත්‍යාගයක්!" Merman කෙනෙක් වුනු ජිමින් තමංගේ ඉදිරියේ සිටි ඔවුන්ගේ රජු ට එය පැහැදිලි කරා..
"ඇති ජිමින්! කිසිම වැඩකට නැති දේවල් කියන්න එපා... අපිට බැහැ සයිරන් කෙනෙක් තියාගන්න.. ඔහු භයානකයි.. ඔහු දිහා බලන්න.. ඔහු භයානකයි.." රජතුමා වේගයෙන් පැවසුවා!
"ඉතින් අපි මොකද කරන්නේ ඔහුට රජ තුමනි අපිට බෑ සයිරන් ව-----"
"මරන්න! ඔහුව මරා දමන්න වෙනවා! අද වැනි පුර්ණ සද පායන දිනයක ඔහුව මරා දමන්න.. ඔහු ගේ ලෙයින්ම ලෝකඩ කිනිස්සක් තෙත් කර එයින් ඔහු ගේ හදවතට අනින්න.. එය තමා අප හට කල හැකි එකම දෙය.." රජතුමා පැවසුවා..
ජිමින්! ජිමින් කොහොමද සයිරන් ව මරා දමන්නේ!! ජිමින්ට බෑ තමංගේ හොදම යාළුවව මරා දමන්න! නමුත් ජිමින්ට බෑ! ජිමින්ට බෑ merman කෙනෙක් විදියට තමන්ගේ රජුට අපක්ෂපාති වෙන්න..
"ඔහුව මරන්න කා හට ද නියම කරන්නේ රජතුමනි?" ජිමින් යටහත් පහත් ලෙස විමසුවා..
"මං ඔබට නියම කරනවා මාව මරා දැමීමට පියාණනි..!!" එක වරම ගැඹුරු හඩක් හිමින් කෙනෙක් ඔවුන් දෙසට වේගයෙන් පිනා ඇවිත් පැවසුවේ ඔහු ගේ වල්ගය පහලට කොට කෙලින් සිට ගනිමින්..
"ටේහ්‍යුන්හ්!" රජතුමා පුදුම වුනා! සයිරන් නැත්නම් තමංගේ පුතා ටේහ්‍යුන්ග්... සාගර පහකටම ඉන්න සියලු ජිවින්ගේ අනාගත නායකයා වීමට සිටි ටේහ්‍යුන්ග්! සයිරන් ටේහ්‍යුන්ග්! ඔහු ඉදිරියේ සිටියා! ඔහු අනිවාර්යෙන් භයානක පෙනුමක් තිබුණු කෙනෙක්.. නමුත් ඔහුගේ වල්ගය පමණක් එසේ විය.. ඔහු රූපයෙන් අග තැන්පත් විය! ඔහු තරම් රූමත් කුමාරයෙක් මුළු විශ්වයේම සොයා ගැනීමට නොහැකි වේ යැයි මුළු දිය කිදුරු ලෝකයම විශ්වාස කරා!
"ඔව් ටේහ්‍යුන්ග්.. ඔබට පුළුවන් ඔබේ දෑතෙන්ම මා මරා දමන්න... නමුත් එයාට මුලින් මා හට යමක් අවැසි.. මා හට අවශ්‍යයි අවසාන වරට ලුනා වෙනුවෙන් ගීයක් ගයන්න.. ඒ වෙනුවෙන් මං අද රාත්‍රියේ සාගරයෙන් පිටතට යමි.. නමුත් මා උදෑසනට පෙර එන බව දිවුරුම් දෙමි.." ටේහ්‍යුන්ග් තමන්ගේ ගැඹුරු හඩෙන් එසේ පවසද්දී..
රජු කුමක් හෝ පවසන්න පෙර ටේහ්‍යුන්ග් තම වල්ගය ගසා වේගයෙන් අතුරුදහන් වී ගියෙ අඩි දාහකට වඩා උඩින් ඇති ගොඩට පිනා ගියා..
YOU ARE READING
𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fantasy"ජන්කුක්! සයිරන් ලා කියලා ජාතියක් නෑ ජන්කුක්.. ඔයා බොරු මිත්‍යාවක් පස්සෙන් යන්නේ.." "කොහොමද ඔයා කියන්නේ හ්‍යුන්ග්!! අපි මේ ලෝකේ ගැන සීයට එක්කවත් දන්නේ නෑ ඔයා කොහොමද කියන්නේ සයිරන් ලා නෑ කියලා! මං කොහොම හරි හොයාගන්නවා..!!"