"එහෙනම් මං කරන්න ආපු දෙය කරන්න ඕනේ.. ලුනා අහස මැදටම ඇවිත්.." ටේහ්යුන්ග් හිමින් ගල මතට එමින් පැවසුවා..
"මොකක් ද කරන්න ආවෙ..?" ජන්කුක්ත් ඒ විශාල ගල් පර්වතය මතට ආව..
"ලුනා වෙනුවෙන් අවසන් වතාවට ගීයක් ගයන්න.." ටේහ්යුන්ග් හිනාවක් එක්ක ජන්කුක්ට කිව්වා..
"Siren ලා සින්දු කියනවා අහන්න හොද නෑ නේ ද? වශී වෙනවා ලු? ඔයාගේ ලස්සනට මේ වෙද්දීත් වශී වෙලා.." ජන්කුක් හිනා වෙමින් කිව්වා..
"ජන්කුක් දෙයක් කියන්නම් ද?"
"හ්ම්ම්?"
"මොන දේ උනත් අතහරින්න එපා ජන්කුක්.. මොන දේ උනත් මොන දෙයක්වත් අතහරින්න එපා.. මොකද ඔයා හිතනවට වඩා ඔයාට හුගක් දේවල් ලැබිලා තියෙනවා කියලා මතක තියා ගන්න ජන්කුක්.. ඔයාගේ හ්යුන්ග් එක්ක රණ්ඩු වුනා කිව්වා නේ ද? එයාට ආයේ සමාව දෙන්න ජන්කුක්.. සතුට හොයා ගන්න පුළුවන් වෙයි ඔයා බලාපොරොත්තු වෙන.. ඔයාට පුළුවන් කොහොම උනත් ජීවිතය අත්හරින්න එපා.. ජීවිතය වෙනුවෙන් සටන් කරන ජීවින්, තව දවසක් ජිවත් වෙන්න ලුනාව යදින ජීවින් මේ ලෝකේ ඉන්නේ..ඒ නිසා ලැබුණු ඔය ලස්සන ජීවිතය අත්හරින්න එපා.. ප්‍රශ්න නැත්නම් ජිවිතයක් නෑ.. දුක සතුට නැත්නම් ජිවිතයක් නෑ.. අනිවාර්යෙන් ජීවිතය කියන්නේ දුකමයි.. ඒ දුක තුල ඔයා ජිවත් වෙන එක දවස තුල හෝ සතුට හොයාගන්න බලන්න.. හැමදාම දුකින් ඉන්න බෑ..." ටේහ්යුන්ග් තමන්ට දැනුනු ජන්කුක්ට වචනයක් එහෙම කිව්වා....
"ඔයා අර පහලට බහින්න ගිහින් ගල ලගින් ඉදගන්න.. ඔයා මේ ගීතය ඉවර වෙද්දී අයෙත් ඔයාගේ ගෙදරට ගිහින් ඉදිවී ජන්කුක්.. බය වෙන්න එපා.. ඔයාට පුළුවන්.. සතුට හොයා ගන්න ඔයාට හොයා ගන්න ඕනෙයි කියපු... සතුට කියන වචනේ විතරක් දන්නා මට එක හොයාගන්න කියලා දෙන්න බැරි එක පිළිබද සමාවෙන්න..." ටේහ්යුන්ග් කියද්දී ජන්කුක් ටේහ්යුන්ග් කියන විදියටම කළා..
"ටේහ්යුන්ග්.." ගලෙන් බැස්සත් දෙයක් මතක් වුනා වගේ ටේහ්යුන්ග් ලගට ගියපු ජන්කුක් ටේහ්යුන්ග්ව තදෙන් බදාගත්තා..
"ස්තුතියි!" ස්තුතියි කියන වචනයෙන් ජන්කුක් හුගක් දේ කියන්න ඇති!
ටේහ්යුන්ග් ඔලුව වනද්දී ජන්කුක් ගිහින් කොනේම තිබුණු ගල ලගින් ඉදගත්තේ ටේහ්යුන්ග් තමන්ගේ ලුනා වෙනුවෙන් යාතිකාවක් කරන්න ආරම්භ කරද්දී! ටේහ්යුන්ග් ගේ කටහඩ! සයිරන් කෙනෙක් ගේ කටහඩ මෙහෙම ලස්සනයි කියලා ජන්කුක් විශ්වාස කරේ නෑ!!
එහෙනම් ජන්කුක් අවසානෙදි එයාගේ හීනය හැබෑ කරගත්තා!
Last Chapter ඒකට කලින් චැප් එක!!
YOU ARE READING
𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fantasy"ජන්කුක්! සයිරන් ලා කියලා ජාතියක් නෑ ජන්කුක්.. ඔයා බොරු මිත්යාවක් පස්සෙන් යන්නේ.." "කොහොමද ඔයා කියන්නේ හ්යුන්ග්!! අපි මේ ලෝකේ ගැන සීයට එක්කවත් දන්නේ නෑ ඔයා කොහොමද කියන්නේ සයිරන් ලා නෑ කියලා! මං කොහොම හරි හොයාගන්නවා..!!"