Chapter 05

485 155 28
                                    

"ඒ කියන්නේ ඔයා ආවෙ මාව දඩයම් කරන්න ද?" සයිරන් පුදුමයෙන් ඇහුවා..

"නෑ.. මං ආවෙ ඔයාලා කියලා කට්ටියක් ඉන්නවද කියලා හොයා ගන්න විතරයි.. මට ඕනේ වුනු දෙය මං කරා.. එත් මට හිතෙනවා මං ඔයාව අදුරනව ද කියලාත්?" ජන්කුක් ගලක් උඩින් ඉදගෙන සයිරන් ට ලගටම වෙලා කතා කරා..

"ඔයා මගේ ආත්ම ගත සහකරු වෙන්නත් පුළුවන්.." සයිරන් ජන්කුක්ට කිව්වේ හිනා වෙමින්..

"මං එහෙම seen එකක් දන්නේ නෑ නේ.. Werewolves ලට වගේ ඔයාලටත් මෙට් ලා ඉන්නවා ද?" ජන්කුක් පුදුමෙන් ඇහුවා..

"වර් මෝ?" සයිරන් ට ජන්කුක් ගේ භාෂාව නම් තේරුනේ නෑ..

"අර්ධ වෘකයෝ.." ජන්කුක් හය්යෙන් හිනා වෙලා උත්තර දුන්නා..

"අහ්හ්හ්.. මං එහෙම අය දන්නේ නෑ.. කොහොම උනත් අපිටත් ඉන්නවා සහකරුවෙක්.. මං කියන්නේ දිය කිදුරන්ට ඉන්නවා මං වගේ වෙනස් ජීවියෙක්ට----"

"ඔයා වෙනස් නෑ.. සයිරන් ලා අපේ ලෝකේ ප්‍රසිද්දයි.. ස්ටර්ට්බක් කියලා එකක් තියෙනවා එකේ ලෝගෝ ඒකට ඉන්නේ සයිරන් කෙනෙක්.." ජන්කුක් හිනා වෙන ගමන් කිව්වා..

"අහ්හ්හ්.. එහෙම ද?" සයිරන් පුදුමෙන් කිව්වා..

"ඔව්.. ඉතින් ඔයා කොහොමද පිරිමි කෙනෙක් වුණේ? I mean.. අපි ඉගෙන ගෙන තියෙන විදියට ගෑනු අය විතරයි සයිරන් ලා වෙන්නේ.." ජන්කුක් ඔලුව කසමින් ඇහුවා..

"ඒ ඔයාලා දන්නා දෙය නේ.." ටේහ්යුන්ග් තමන්ගේ වල්ගය ගසා දමා කිව්වා..

"සෝ ඔයා වතුරේ ඉන්නේ ඇයි? ඔයාලා ඇවිත් භාගයක් කුරුල්ලෝ නේ.." ජන්කුක් ඇහුවේ ටේහ්යුන්ග් අන්ද මන්ද වෙද්දී..

"මට ඔයාව මේ වතුරට දාලා ගිල්වන්න හිතෙනවා.. ලුනා ගෙන් අහන්න වෙන්නේ.." ටේහ්යුන්ග් හිනා වෙමින් කිව්වා..

"ඔයාලා මිනීමරු සත්ව කොට්ටාශයක්.." ජන්කුක් එයාගේ දෙවෙනි ප්‍රශ්නය යොමු කරා..

"හ්ම්ම්.. සමහර අය.. දියකිදුරු ලෝකෙත් ඉන්නවා.. මනුස්සයින් පමණක් නෙවේ අපේම අයත් විනාශ කරනවා එයාල.." ටේහ්යුන්ග් ජන්කුක්ට උත්තර දුන්නා..

"වෙලාව කීයට විතර ඇත් ද?" ජන්කුක් හද දිහා බලන ගමන් ඇහුවා..

"තව පැය එකොළහකින් ඉර පායනවා.." ටේහ්යුන්ග් හද දිහා බලන ගමන් උත්තර දුන්නා..

"එහ්?" ජන්කුක් පුදුමෙන් ඇහුවා..

"ඉර පායන්න.." ටේහ්යුන්ග්ත් ඒ විදියට උත්තර දුන්නා..

"ඉර පායන්නේ හයට ද හතට ද?" ජන්කුක් තමන්ගෙන්ම අහ ගත්තා..

"හතට වෙන්න ඇති.. නෑ නේ හයට නේ.. ඒ කියන්නේ දැන් එකොළහෙන් හයක් අයින් කරාම පහයි.. What? තාම හතයි? Wtf?!" ජන්කුක් ගණන් හදමින් තනියම කියෙව්වා..

"හරි ඉර පායන්නේ කීයට ද?" ජන්කුක් බය වෙලා වගේ ඉන්න ටේහ්යුන්ග් ගෙන් ඇහුවා..

"පාන්දරට.." ටේහ්යුන්ග් උත්තර දුන්න..

"අහල වැඩක් නෑ.. මේ එක නෙවේ.. මං මනුස්ස ලෝකෙට ආයේ යයි නේ?මට උදව් කරනවා ද මුහුදෙන් ගොඩට යන්න?" ජන්කුක් බලාපොරොත්තු සහගතව ඇහුවා..

"හ්ම්ම්.. ඔව්.. මං උදව් කරන්නම්.. ඔයා යයි.." මේ වෙද්දීත් ජන්කුක් කියන්නේ තමන්ගේ ආත්මගත සහකරු කියලා හොයාගෙන හිටිය ටේහ්යුන්ග්ට නම් එක ඇත්තටම වේදනාවක්.. නමුත් නැවතත් ලුනා ගෙන් අවස්ථාවක් ඉල්ලා ගන්න බැරි වෙයි ද ජන්කුක් ලගට යන්න?

"මං ගොඩබිමට ගියාම ඔයා ගැන කියන්නේ නෑ මොකද කවුරුත් මාව විශ්වාස කරන්නේ නෑ.. ඒ උනාට මටම හිතෙයි මං දැක්කේ හීනයක් කියලා.." ජන්කුක් මිමිනුවා..

"නෑ එහෙම නොවෙයි.. එහෙම වෙන එකක් නෑ.. මං ඔයාට මගේ ගානේ තෑග්ගක් දෙන්නම්.. ඔයාට මාව මතක් වෙන්න.." ටේහ්යුන්ග් හිනා වෙලා උත්තර දුන්නා...

𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now