මේ අලුත් පාසල් වාරයක් වුණත් මට ඒක තවත් සුපුරුදු දවසක් විතරයි, කිසිම උද්යෝගයක් සතුටක් තිබුනෙත් නෑ, නීරස වගේම තවත් එක අදුරු දවසක්.
මගේ නම "ඇනා"🌸
මං ඉතින් පන්තියේ ඉන්න එවුන් එක්ක එහෙමට ඇයි හොඳයියක් නෑ, ඒත් මගේ කොයි දේටත් තනි වෙච්චි එකා වගේ ඉන්න හන්දා පිස්සු හෝන්තුවක් නම් ඉන්නවා ඔහේ කියව කියව, ඒත් ඒකිටත් ඕනේ උදව්වක් ඒම කරලා මම අයින් වෙනවා,
ඒකිගේ නම "සුලා" 🌼
එක අතකට ඒකි පව් මං ගණන් ගත්තේ නැතත් මා එක්කම ඉන්නවා, ඒකි මා එක්ක ඉන්න කැමැති වුණත් ඒක අනුකම්පාව කියන හැඟීමෙන් හැමදාමත් වැහිලා ගියා.
වෙනදා වගේම Clz එකට ඇහුම්කන් දෙනවා වගේ රඟපාන අතරේ තමයි ටීච කෙනෙක් අලුතෙන් කෙල්ලෙක්ව ගෙනල්ලා අදුන්නලා දුන්නේ,
නම "මීනු" කියලා.🌹
මම නම් අවුරුදු ගාණක් එකම ඉස්කෝලේ, එකම පන්තියේ, එකම පරණ එවුන් එක්කමයි.
ඒත් ඔයා... වෙනස් ! මං කවදාවත් දැකලා නැති හිතට මෙල්ල නැති අලුත් මූණක්.
ඔන්න ඉතින් පන්තිය ඉස්සරහා සිරික්කියකුත් දැම්මා;එයා උසයි ඒ හින්දා පන්තියේ පිටිපස්සේ පේළියෙන් ගිහින් තමා ඉදගත්තේ, මං ඉතින් හැම වෙලාවෙම වගේ ඉස්සරහ පේලියේ, ඒ නිසා ඒ තරම් තැකීමක් කළෙත් නෑ.
මීනු ඉතින් ආගන්තුකයෙක් විතරයි.. මං හිතන් ඉදියේ ඒම
.................................................................
එදා මං දැනගෙන ඉදියේ නෑ දවසක මං එයාගෙන් "අපි කවුද?"යි
කියලා අහන වගක්. 🙂___________________________________
Please if you find any mistake tell me so I can fix it . Leave a comment please :)
YOU ARE READING
𝐖𝐡𝐨 𝐀𝐫𝐞 𝐖𝐞? [ GL ]
Teen Fictionඅපි කවුද ?..... මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ ප්රශ්නයක් කාගෙන්වත් අහයි කියලා, ඒත්... මගේ මේ අවුරුදු 10 තුළ මම කවදාවත් කාගෙන්වත් ඇහුවේ නැහැ මම ඔවුන්ට අදහස් කරන්නේ කුමක්ද හෝ අපගේ සම්බන්ධය කුමක්ද කියලවත්, නමුත් ඔබ වෙත පැමිණි විට... මට පිළිතුරක් අව...