පහුවදා මට අසනීප ගතියක් තිබ්බ හන්දා ඉස්කෝලේ නිවාඩුවක් දා ගත්තා.
@ schl 🏫
අසනීපෙන් පස්සේ Clz එකට යනකොට ළමයි වාඩිවෙලා ඉන්න තැන් ඔක්කොම වගේ සෙට්ල් වෙලා තිබ්බේ, මං ආවේ නැති හන්දා කිසිම තැනක් පේන්න තිබුනේ නෑ
ඒත් පිස්සු හෝන්තුව මට තැනක් අල්ලගෙන ඉදියේ, ඒත් මං ඒක දැක්කේනෑ වගේ ඉදියේ මීනූ ළගින්ම කෝමහරි ඉදගනින් කියලා හිතේ පොරබදින ඒ සිතුවිල්ල හන්දා.
ටීච කෙනෙක් Clz එකට එනකොටම වගේ මං මීනූගෙන් ඇහුවා මට ඉන්න තැනක්, එයා අහම්බෙන් තැනක් මට පෙන්නුවා ඒ කොහෙවත් නෙමෙයි එයා ඉන්නම තැන පිටිපස්සේ පේලියේයි. 🙈
සතුටක් ආවා උනත් ඒ ගැන වැඩිය නොපෙන්නුවේ එක අතකට ඒ දේ තාවකාලික දෙයක් විතරක් වෙන හින්දයි.
සුලාට මං මෙතන ඉන්නම් කිව්වා.
ඒ පේලියේම මීනූත් එක්කම තවත් කෙල්ලො දෙන්නෙක් ඉදියා එතනට අලුත් සාමාජිකයෙක් කියන හැඟීම වගේ ම මගේ හීනියට තියන පොඩි ලොකුකමත් නිසා මම උන් කා එක්කවත් කතාවට ගියෙ නෑ,
එතන ඉතින් දවස ගෙවිලා යද්දි මීනූ මා එක්ක කතාවට මුල පුරන්න ගත්තෙ මාවත් පුදුමයට පත්කරමින්
මීනූ මට කතාකර මුල්ම වචනය "Hi" පස්සේ මගේ නම ඇහුවා, මං ඒ තරම් උනන්දුවෙන් කතා නොකරත් එයා ඒ ගැන කිසිම කහටක් නැතුව මායෙක්ක දිගට ම කතා කළා.
ඒ රෝස තොල් වලින් කතා කරන මං බැලුවෙම මුතු කැට වගේ දිලිසෙන ඒ පුංචි ඇස් දෙක දිහායි
අනේ මට හැමදාම මෙහෙම බලාගෙන ඉන්න පුළුවන්නම්...
මනෝ පාර ගහන අතරේ මගේ මූණ මීනූ මිරිකලා ගත්තෙ, "ඒ
මං කියන දේවල් අහන්ද ඉන්නෙ ආහ් "
නැතුව මං මොනා කරන්නද අනේ."පිස්සි" 😏
මීනු මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හැම දෙයක්ම වගේ කතා කරා.. ඒ හැමදේටම මාත් මට අයිති හැඟීම් දෙමින් නිදහසේ මීනූ එක්‌ක කතා කරා.
මං හිතුවෙ නෑ එදා මට ජීවිතේටම ළඟ ම කෙනෙක් හමුවුනා'යි කියන ඒ හැඟීම
ඇත්තටම මට ආව ඒ හැඟීම, සතුට කොච්චර වුණත් මං ඒ දේ මීනූට දැනෙන්න ඉඩ දුන්නේ නෑ
.................................................................
එහෙනම් අයෙත් මට අහන්න අවසර "අපි කවුද?" 🙂
___________________________________
Please if you find any mistake tell me so I can fix it . Leave a comment please :)
YOU ARE READING
𝐖𝐡𝐨 𝐀𝐫𝐞 𝐖𝐞? [ GL ]
Teen Fictionඅපි කවුද ?..... මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ ප්රශ්නයක් කාගෙන්වත් අහයි කියලා, ඒත්... මගේ මේ අවුරුදු 10 තුළ මම කවදාවත් කාගෙන්වත් ඇහුවේ නැහැ මම ඔවුන්ට අදහස් කරන්නේ කුමක්ද හෝ අපගේ සම්බන්ධය කුමක්ද කියලවත්, නමුත් ඔබ වෙත පැමිණි විට... මට පිළිතුරක් අව...