දන්නවද ඔයාගේ ඔය පුංචි ඇස් කොච්චර ලස්සනද කියලා.. එක විදිහකින් නෙමෙයි හැම විදිහකින්ම ඇත්තෙන්ම මට ඔයාව ලස්සනයි
මීනූට කිසිම අඩුපාඩුවක් තිබුනේ නෑ, නැත්තම් මං ඒ අඩුපාඩු නොදකින තරමට අන්දයෙක් වගේ මං ඇයට ආදරේ කලා
දවසක් මං මීනූ දිහා බලන් ඉන්න අතරේ ඒ නෙතු මා නෙතු හා ගැටුනේ මාද නොදැනුවත්වමයි
මීනූ මගේ ළගට ඇවිත් මාව අල්ලගෙන ඇහුවේ "මේ ඇයි?" කියලයි
රතු උනු මට අනිත් පැත්තට ඔලුව හරවලා ලැජ්ජාවෙන් හිනාවක් දානවා ඇරෙන්න වෙන මුකුත් කරගන්න පණක් තිබුන්නෑඇත්තටම මීනූත් මං දිහා බලන් හිටියද?.. නැත්තම් මං ඒක හිතින් මවා ගත්තවත් ද?
මං දන්නෑ... එක්කෝ මට පිස්සුමුළු Clz එකෙන්ම මීනූව විතරක් ම
හොරකම් කරගන්න මං සමත්වුණා
ඒ වගේම මුළු Clz එකෙන්ම මට ඉන්නෙත් පේන්නේත් එයාවම විතරක් උනාමීනූ මගේ ලෝකෙ ම උනේ කවදද කියල මං දන්නෑ, දෙයියනේ!!
.................................................................
"අපි කවුද?" 🙂 මං මගෙන් ම
ඇහුවා.මගේ පුංචි සුරංගනාවිය ඉස්කෝලේ ආවේ නැති උනහමත් දුරකථන ඇමතුමකින් පවා මං එයාව හොයන්නේ ඇත්තෙන්ම මට එයාව පිස්සුවෙන් වගේ ඕනේ වෙන හින්දයි
ඉස්කෝලේ අපායක් ! මං ඒ අපායේ හිරවෙලා !
මීනූ නැති මගේ හදවත මාව බාර ගන්නේ එහෙමයි 😔
මං ආවේ නැති උනාම මීනූ මට කතා කරනවා, අම්මා බනිනකන් අපි පැය ගානක් කතා කර කර හිටියත් මං ඒ ගැන පොඩ්ඩක්වත් පසුතැවිලි උනේනෑ, මොකද ඒ ඔයා නිසයි
මීනූ දුරකථනයෙන් දෙන හාදු මා රතු කරවනුයේ කොට්ටයක මූණ හංගගෙන තනියෙම හිනාවෙන පිස්සෙක් විදිහට මාව පත් කරවමින්
ඔයා දන්නවද මට ඔයා ගැන දැනුනේ කොහොමද කියලා?
සමහරවිට ඔයා දන්නවා, මට පුදුමයි!................................................................
ඔයා කවදහරි හිතුවද"අපි කවුද?"
කියලා.. 🙂 නෑ නේද?___________________________________
Please if you find any mistake tell me so I can fix it . Leave a comment please :)
YOU ARE READING
𝐖𝐡𝐨 𝐀𝐫𝐞 𝐖𝐞? [ GL ]
Teen Fictionඅපි කවුද ?..... මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ ප්රශ්නයක් කාගෙන්වත් අහයි කියලා, ඒත්... මගේ මේ අවුරුදු 10 තුළ මම කවදාවත් කාගෙන්වත් ඇහුවේ නැහැ මම ඔවුන්ට අදහස් කරන්නේ කුමක්ද හෝ අපගේ සම්බන්ධය කුමක්ද කියලවත්, නමුත් ඔබ වෙත පැමිණි විට... මට පිළිතුරක් අව...