දවසක් මීනූ කෙනෙක්ට කිව්වා මට කැමතියි කියලා, දුරකථන හාදු දුන්නයි කියලත්, මම කලබල උනා
කියන්න ඕනේ, කරන්න ඕනේ මොනාද කියලවත් නොදැන.කොහොම උනත් කවුද හිතුවේ ඔයා මෙච්චර නිර්භීතයි කියලා.
එකපාරටම මීනූ මගේ පැත්ත හැරිලා මගේ කම්මුල් සිප ගත්තේ උන්හිටි තැන් මට අමතක කරලා
මං එතනම පිළිමයක් වගේ ඉදගත්තා
සිහිය එනකොට මට කරගන්න පුළුවන් උනේ රතු උනු මගේ මූණ හංග ගන්න එක විතරයි
එවිට තව තවත් ඔයාගෙන් හාදු බලාපොරොත්තු වීම හැර වෙන කිසිවක් මේ හිත පැතුවේ නෑ,
ඔයාගේ සිප ගැනීම මගේ ජීවිතයේ මා ලද මිහිරිතම හා උණුසුම්ම හාදුවයිමං හොදින්ද?
මේක සාමාන්‍ය දෙයක්ද?...
කියලා අහන්න පවා මට මා ලෝබ වුණා................................................................
ඔයාටත් එහෙම උනොත් කියන්න
එදා "අපි කවුද?" කියලා 🙂මට මේ තරම් අමුතු හදවතක් තියෙනවයි කියලා මං මීට කලින් දැනන් ඉදියේ නෑ, මං ඔයාගේ ළග ඉන්න හැම වෙලාවකම මගේ හදවත බෙරයක් වගේ ඔයාගේ පැවැත්ම ගැන දැනුවත් කරා,
ඔයාගේ හැම වචනයක්ම, හැම ස්පර්ශයක්ම මගේ හදගැස්ම තව තවත් වැඩි කරා
ඔයා එකපාරටම මට ලංවුණු මොහොතේ හුස්ම ගැනීම පවා මට අමතක වුණාදෝදැ'යි මං අදටත් අනුමාන කරනවා.. ඔයාටත් ඒක තේරුනාද? නැද්ද? කියලවත් මං දන්නෑ, මොනාවුනත් මං ඔයා ගැන
හොද සිහිකල්පනාවෙන් හැමවෙලේම ඉදියා.. ඒ ඇයිද කියන්නවත්, ඒ හැගීම ඇයි මෙහෙම මට දැනෙන්නේ කියන්නවත් ඒ හැම ප්‍රශ්නයක් අස්සෙම මං නිහඩ වෙනවාඔයා මට ළංවෙන හැම වෙලවකම මං ඔයාගෙන් ඈත් වෙනවා, ඒ මගේ හදවතේ ඇති වූ මේ ගැස්ම වගේම හුස්ම හිර වීම මට දරා ගැනීමට අපොහොසත් වෙන විටයි
මං දන්නෑ කෙනෙක්ට ළංවෙන එක මේ තරම්ම තමන්ව අසරණ කරන හැගුම් ගොන්නක ගිල්වන්න පුළුවනි කියලා
වෙලාවකට මට ඔයා ළගට එන්නත් විටෙක පලා යන්නත් අවශ්‍යයි,
මට මොකද මේ වෙන්නේ? එක්කෝ මට පිස්සුද? මං දන්නෑ....මං ඉරිසියා කරන වගක් මං දැනන් ඉදියෙත් නෑ, ඔයා මා එක්ක නැතුව අනික් අය එක්ක කතා කරන කොට පවා මට පිස්සු හැදෙනව, හැමෝම ඔයාට මෙච්චර කැමති ඇයි? ඒ ගොල්ලෝ ඔයාට කැමති වෙන්න ඕනේ ඇයි?
ඒත් ඔයා මට කියයි කාටවත් කැමති නැහැයි කියලා, 'කාටවත්' කියලා අදහස් කරන්නේ මා ද ඇතුළුව 'සියල්ලන්' නෙවේද?
මට ඔයාගෙන් මොනවත් ඕනෙ නෑ, දැනටමත් ඔයා මගේ ලගින්ම ඉන්න එක ගැනම මට සතුටුයි. ඒත් පැතුවේ ඔය හිතේ අයිතිකරු මම ම විතරක් වෙන්න'යි කියලා
ඒත් ඔයත් මට ඉරිසියා කරන වගක් මං දැනන් ඉදියේ නෑ, එය සැබෑවක් උනත් මට පුදුමයි!
...............................................................
එහෙම නම් ඔයාටත් මගෙන් අහන්න තිබ්බා
"අපි කවුද?" කියලා 🙂___________________________________
Please if you find any mistake tell me so I can fix it . Leave a comment please :)
YOU ARE READING
𝐖𝐡𝐨 𝐀𝐫𝐞 𝐖𝐞? [ GL ]
Teen Fictionඅපි කවුද ?..... මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ ප්‍රශ්නයක් කාගෙන්වත් අහයි කියලා, ඒත්... මගේ මේ අවුරුදු 10 තුළ මම කවදාවත් කාගෙන්වත් ඇහුවේ නැහැ මම ඔවුන්ට අදහස් කරන්නේ කුමක්ද හෝ අපගේ සම්බන්ධය කුමක්ද කියලවත්, නමුත් ඔබ වෙත පැමිණි විට... මට පිළිතුරක් අව...