මට ඔයාගෙන් ලැබුණු අන්තිම තෑග්ග තමයි බදා ගැනීමක් 🫂
.
.
.
අපි කාට හරි ආදරේ කරන කොට අපි හිතනවා ඒ අයටත් ඒ විදියටම දැනෙනවයි කියලා, අපි නොදැනුවත්වම අපි එයාලට තවත් ආදරය කරන්න පටන් ගන්නවා, ඇත්තටම අපි ඒ පුද්ගලයාට ආදරය කරනවම නෙමෙයි, ඔවුන් අපිට ආදරේ කරනවයි කියන ඒ අදහසට අපි වැටෙනවා.ඒත් ඔයා දන්නවද? ඔයා ඔයාට ආදරය කරන තරමට කිසිවෙක් ඔයාට ආදරය නොකරයි. ඔයා කෙනෙක්ට ආදරේ කරන කොට ඒ කෙනා වෙනුවෙන් ඔයා ඔයාවම වෙනස් කරගන්නවා, ආදරයට මේ හැමදේම බැඳුනත් ඒ දේ සදහටම පවතින්නේ නෑ, ඔවුන් දාලා ගියහම ඔයාට හිතාගන්න බැරි තරමටම ඒ දේවල් ඔයාව අසරණ කරවනවා, හැමතිස්සෙම ඔයා ඇතුලේ ගැඹුරින් හැංගිලා ඉන්න ඒ ශක්තිමත් පුද්ගලයව අවදි කරවන්න, එදාට කවරදාකටත් වඩා ඔයා බැබලෙයි.
අතීත අත්දැකීම් එක්ක දිගටම පැටලී ඉන්නත් එපා, අලුත් දේවල් එක්ක අලුත් ජීවිතයක් ආරම්භ කරන්න, අවසානයේ දී ඒ හැමදේම නිසි තැනට වැටෙනවා, ඔයා ඔයාගේ නිදහස නැවත ලබාගන්න, සිනා සීමට ද අමතක නොකරන්න, ඔයාගෙ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි.
දේවල් පහසු නැත්තං සරල වෙන්න ඕනි කියලා කොයි වෙලාවෙ වත් හිතන්න එපා, ගැටළු මතින් දිව යන ජීවිතයට හැමතිස්සෙම සූදානමින් ඉන්න.
--------------------------------------------------
අවුරුදු දහයකට ආසන්න කාලයකට පස්සෙත් මම එයාට තවමත්, සුන්දර හා දුරස්ථ මතකයක් ලෙස ආදරය කරමි.මම දැන් ශක්තිමත් පුද්ගලයෙක්,
මගේ ජීවිතයට ආවටත්, දාලාගියාටත් ස්තූතියි! දැන් මම දන්නවා මගේ ජීවිතේට ඔයා ආවේ ඇයි කියලා 😌thank you my love ♡
Although my first love broke my heart, I still cherish those beautiful memories."ඒ වගේම ඒ කාලේ තමන් ළඟ හිටපු, නොහිතපු කෙනෙක් තමන්ට ආදරේ කරන්නත් ඇති, ඒක අනුකම්පාවක් විතරක් වුණු හැඟීමෙන් වැහිල ගියත්, ඒ හැඟීමට එදා වටිනාකමක් දෙන්න පුළුවන් උනා නම්, සමහරවිට ඔයා වගේම එයත් අද සතුටින්" 😇
As i think,
when you share your life with someone who loves you more than someone you love, you can move your life forward with much happiness and ease..................................................................
« « The End » »
___________________________________
Author's Noteහායි... 🥰
GL Story එකක් ලියන්න ආසාවක් තිබ්බා. මේක මගේ පළවෙනි GL Story එක. Short Story එකක් විදිහට තමයි ඉතින් ලිව්වේ.
අඩුපාඩු නම් ඉතින් ගොඩක් ඇති, කතාව කියවලා Vote නොකලත් කමක් නෑ, ඕ ගොල්ලන්ගේ හිතට දැනෙන දෙයක්, අඩුපාඩුවක් ඒම තියෙනවනම් ඒ හැමදේම comment එකක් විදිහට දාගෙන යන්න.
කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි.
🖤 Blacky Heart🖤___________________________________
YOU ARE READING
𝐖𝐡𝐨 𝐀𝐫𝐞 𝐖𝐞? [ GL ]
Teen Fictionඅපි කවුද ?..... මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ ප්රශ්නයක් කාගෙන්වත් අහයි කියලා, ඒත්... මගේ මේ අවුරුදු 10 තුළ මම කවදාවත් කාගෙන්වත් ඇහුවේ නැහැ මම ඔවුන්ට අදහස් කරන්නේ කුමක්ද හෝ අපගේ සම්බන්ධය කුමක්ද කියලවත්, නමුත් ඔබ වෙත පැමිණි විට... මට පිළිතුරක් අව...