🔴 9 🔴

60 14 0
                                    

කොළම කොළ පාට පරිසරය .. හිත නිවනවා.. ඒත් ඒ කොළ පාට පරිසරය රතු පාට වෙන්න යන්නේ බොහොම ටික වෙලාවයි .. ඉතින් ඒ හිත්වල මරණ බය සැගවිලා .. ඇලෙන්ඩගෙත් ..

කට්ටියම ..ඒ කිව්වේ ඇලෙන්ඩයි කොල්ලෝ හය දෙනයි ආවේ ඒ කොළ පාට පරිසරය දිහා බලන්න .. කට්ටියම කතා කරකර ඉස්සරහට ගියා ..

ඇලෙන්ඩා හැමදාම මේ පරිසරය දැක්කත් .. ඒ හැම වෙලාවෙම ඒ හිතේ බයක් තිබ්බා .. ඒ බය එයාගේ අම්මා අතුරුදහන් වුන දවසේ ඉදන් තවත් වැඩි වුණා..

සමහරවිට ඇලෙන්ඩාගේ අම්මා මැරිල ද ?
නැත්තම් එයාගෙන් විවිධ පර්යේෂණ කරනවා ඇතිද ?

ඉතින් ඇලෙන්ඩා කොහොමද සතුටින් ඉන්නේ .. එයාගේ හිතේ ප්‍රශ්න හෝ ගාලා .. කෑ ගහලා අඩන්න ඕන .. තරහ නිවෙනකම් එවුන්ව මරන්න ඕන ..

ඒත් ඇලෙන්ඩා ඉවසුවා ... ගැලවුම්කාරයෝ එනකම් .. ඇලෙන්ඩා ඉවසිලිවන්තයි .. මහ ගොඩක් ...

👀 - මේක තමයි ශිරාස්ලා ඉන්න පැත්ත
🐰- ඒ කවුද ?

👀 - එයාලද ?

ඇලෙන්ඩා එහෙම කියලා අහස පැත්තට අත දික් කරද්දි කොල්ලෝ ටිකත් ඒ පැත්ත බැලුවා ..

අහසේ මකරෙක් වගේ සතෙක් පියාඹනවා දැකලා කොල්ලෝ ටිකගේ කකුල් ටික සට සට ගාලා වෙව්ලන්න ගත්තේ තිබ්බ බයටම ..

👀 - බය වෙන්න එපා.. එයාලා හීලෑයි ..  අපි හැමෝටම එක්කෙනෙක් ඉන්නවා එයාගෙන් ..
🐻- ඔව්ද මරුනේ .. ඒත් උන්ව දැක්කම බය හිතෙනවා ..

ඒ ශිරාස් ඇලෙන්ඩා දිහාවට පියාඹගෙන එද්දි කොල්ලෝ ටික බයටම පස්සෙන් පස්සට යන්න ගත්තා ..

👀 - සුලා...

ඇලෙන්ඩා එහෙම කියලා සුලාව හුරතල් කරන්න ගත්තේ කොල්ලෝ ටිකව අන්ද මන්ද වෙලා යද්දි ..

අත්තටු හමවලින් තියෙද්දි ඒ සතාගේ පිහාටු නෑ .. කට හරියට ගිරවෙක් ගේ වගේ තිබ්බ නිසා ඒ සතා ගොඩක් භයානක විදියට තමා පෙනුනේ ..

ඒත් ඇලෙන්ඩා ඉස්සරහ එයාගේ හුරතලා විදියට ඒ භයානක සතා ඉද්දි කාටද පුදුම නොහිතෙන්නේ ?

👀 - සුලාව මට හම්බ වුනේ තුවාල වෙලා බිම වැටිලා ඉද්දි.. එයා එතකොට පොඩි පැටියෙක් .. මම තමා එයාට බෙහෙත් කරේ .. ඉතින් සුලා එදා ඉදන් මට හීලෑයි .. මගේ කෙනා තමා සුලා ..

ඇලෙන්ඩා උජාරුවෙන් කියව්වා .. ආඩම්බරකම ..

කොල්ලෝ ටිකත් චූටි හිනාවක් දැම්මා .. ඒත් එයාලගේ හිත කියන්නෙම ' දුවපන් යකෝ ' කියලා ..

🦄 - ඇලෙන්ඩා .. වෙන තැනක් නැද්ද ?

හොබී.. පොඩි දෙයටත් ගොඩක් බයයි .. ඉතින් මෙහෙම අහන එක සාධාරණයි නේද ?
හොබී කොහොම ඉන්නවා ඇතිද අර ලොකු සතා ඉස්සරහ ?

👀 - ලස්සනම තැන තියෙන්නේ මේ පැත්තේ එන්නකෝ ...

ඇලෙන්ඩා එහෙම කියලා යද්දි කොල්ලෝ ටිකත් පස්සෙන්ම ආවා.. පව් කොල්ලෝ ..
ශිරාස් නැත්තම් ඇලෙන්ඩගේ සුලා ආයෙත් අහසට පියාඹලා ගියේ කොල්ලෝ ටිකගේ හිත පොඩ්ඩක් මෙව්වා වෙද්දි ..

🐨 - දන්නවද .. මේ පැළ ඒවා කලින් පෘථිවියේ තිබ්බ පැළවලට ගොඩක් සමානයි .. හරිම ලස්සනයි .. ඔක්සිජන් සාමාන්‍යයි .. මම හිතුවේ මේ වෙනකොට ඔක්සිජන් නැත්තටම නැතිවෙලා විෂ වායු වර්ග තියෙයි කියලා ..
දන්නවද මිනිස්සු කරපු මහා ගොං වැඩ නිසා තමා මෙහෙම වුනේ .. අපිම තමා අපිව විනාශ කරගත්තේ ... නැතුව සොබාදහම නෙවෙයි ..

නම්ජූන්ගේ ඉවරයක් නැති දීර්ඝ පාඩම් මාලාව අහලා ඉවසීමේ අන්තම පලයට ඇවිත් තිබ්බ සෙට් එකේ කුකීයා බනින්න කට ඇරියා විතරයි ..

🐨 - දන්නවද කුකී ඇලෙන්ඩා අපිට කිව්වේ එයාලගේ කණ්ඩායමේ ඉන්නේ කට්ටිය පොඩ්ඩයි කියලා ..

නම්ජූන් එහෙම කියද්දි තමා කට්ටියටම ඒක මතක් වුනේ .. ඔව් ඇලෙන්ඩා බොරු කිව්වා ..

🐼- ඇයි බොරු කිව්වේ
👀- නැත්තම් ඔහේලා එන්නැති වෙයිනේ

ඇලෙන්ඩා ගාණක් නැතිව එහෙම කියලා ඉස්සරහට යද්දි ජින් රව රව ඇලෙන්ඩගේ පස්සෙන් ගියා ..

______________________

හායි 🙂

හොදින් ඉන්නවද ?

මගේ රෝසමල්ටික .. ආදරෙයි ඈහ් 🙂💜❤️

මේ කතාව ඉවර කරන්න හිතෙන්නෑ 🤭

තව ගොඩක් ලියනවා 🙄 කියවන්න පුළුවන්නේ ..

නිවාඩු නිසා දෙන්න බැරි වේවිද දන්නෑ ..

කතාව හොදද ?
අදහස් කියන් යන්න ..

ඉතින් ජිමින්ගේ කතාව ඊළග එකෙන් බලාපොරොත්තු වන්න ..

මීට ,

ජොසා 🙂

බායි 🙃

වෝට් කරන .. කියවන හැමෝටම මගේ හදපිරි මෙව්වා එක 🤭

ආදරෙයි 🙃❤️

AFTER 5000 YEARS 🍃 ( Complete )Where stories live. Discover now