-27-

1.9K 241 18
                                    

       " කේශු! මොකද වුණේ? "

තේජාන් කලබලයෙන් රෝහල් කාමරයට ඇතුලුවන විට කේශු නිදිකිරා වැටෙමින් සිටියේ ය. ඔහුගේ තුවාල ද පරීක්ෂා කරවනු ලැබ තිබුණි. ප්ලාස්ටර් කැබලි හතරකින් සිර වුණු බෙහෙත් ගැල්වූ පුලුන් කෑල්ලක් ඔහුගේ නළලේ විය. දරුවා ඇදේ තද නින්දක පසු විය. ඔහුගේ මුහුණේ සුදුමැලි ගතිය තේජාන්ගේ පපුව සිර කළේ ය. ඇද පාමුළ දණින් නැවී ඔහු දරුවාගේ හිස අතගෑවේ ඇස් යන්තම් කදුලින් බොඳව යද්දී ය.

 

     " දැන් එයාට ප්‍රශ්නයක් නෑ තේජාන්.. බෙහෙත් සැරට නින්ද ගිහින් ඉන්නෙ. ලේ ගොඩක් ගිහින් තිබුණා ඒකයි සුදුමැලි වෙලා ඉන්නෙ.. ගඟුලැල් ලේ දුන්නා.. දැන් බයවෙන්න දෙයක් නෑ. "

       " මොකද්ද දරුවට වුණේ කේශු? "

" අත කපාගෙන වීදුරු කෑල්ලකට. "

    " මොනවා කරන්න ගිහින්ද? ගඟුලැල් කෝල් කරලා කොල්ලා හොස්පිට්ල් කිව්වම මට දෙලෝ රත් වුණා.. " තේජාන් දරුවාගේ සේලයින් බටය සහිත අත ප්‍රවේශමෙන් සිය දෝතින් ගනිමින් ඇදේ කුඩා ඉඩක හිදගත්තේ ය. පොරෝනයෙන් ආවරණය වී තිබූ තුවාල සහිත අත මෘදුව පරීක්ෂා කළ ඔහු වෙළුම්පටිය උඩින් සිය ඇගිලි තුඩු ඉතා ප්‍රවේශමෙන් ගෙන ගියේ ය. සුසුමක් ලමින් මෘදු පොරෝනය නැවත දරුවාගේ ගෙල දක්වා හොදින් ආවරණය කල ඔහු නැවී දරුවාගේ නළලේ හාදුවක් තැබුවේ ය. දරුවාගේ මුහුණට වැටුණු හිසකේ හිස පිටුපසට හෙමින් පිරිමදින්නට පටන්ගත් ඔහු කේශු දෙස හැරුණි.

        කුඩා ඇදි පුටුවක වාඩි වී සිටි කේශු ඈනුමක් පිට කරමින් ඇස් අත්ලවලින් පිරිමැන්දේ ය. " මං ගැහුවා. ඒකට.. "

    " ඇයි? "

" හිතුවක්කාරකම වැඩී.. පොඩි ළමයෙක් කියලා අමතකයි එයාට.. "

    " ඒකට අත කපාගෙනද? "

" හ්ම්ම්... "

     " මං දන්නෑ කේශු.. මට පිස්සු වගේ.. "

" මං කවදාවත් එයාට ගහලා නෑනෙ. ඒක හින්දා දුක හිතෙන්න ඇති. හෙට උදේට එයා එක්ක කතා කරන්නං මම. "

       " එක්කො දරුවව අම්මට බාරදෙමු කේශු. "

" මොන පිස්සුවක්ද ඔයා කියවන්නෙ?! "

ටොක්සික් | T O XI C  [ Complete | Novel + Sequel ] [ Ongoing New Version ]Where stories live. Discover now