- 41 -

1.6K 191 38
                                    

Not edited නිදිමතේ ලිව්වෙ it's a mess ඒත් පබ්ලිශ් කරනවා 😑♥️ ( නැත්තම් අප්ඩේට් පරක්කුයි කියල බනිනවනෙ 🤧 )

Comments & messages වලට නැගිට්ටම රිප්ලයි කරන්නම් හොදේ 🥺♥️

             " හරි දැන් මොකද්ද උබ කරන්න යන්නෙ? "

මෝටර් බයිසිකලය අවන්හලක් අසල නැවැත්වූ මිහින් හෙල්මටය ගලවා අතට ගත්තේය. ඔහුගේ අතින් එය උදුරාගත් කේශු නැවත එය ඔහුට පළඳවා හිසට පහරක් ගැසුවේය. " හෙල්මට් එක දාන් ඉදපං බූරුවා. "

   " උබ කොල්ලව උස්සන්නද යන්නෙ?! " මිහින්ගේ කටේ සද්දය නිසා උගුර යටින් ගෙරවූ ඔහු සිය මිතුරාගේ උරහිස අතින් තල්ලු කළේය. " හිමින් බල්ලො! ආව වැඩේ කරගන්න කලින් පොලිසියෙන් ගෙන්නන්නද හදන්නෙ ගණ්ඨාරෙ ගහලා..?! "

      " උබ ඉතින් අම්බරුවනෙ! කරන දේ කලින්ම අහන්නෙ දෙන්නටම කල්දේරම් බත් සෙට් වෙන වැඩක් කරන්න ආවද දන්නෑනෙ.! "

     " කන බතක් මං තනියෙන් කන්නං. තොට දෙන්නෑ. "

" සිරාවට මචං කියහංකො. තේජානයා අපි දෙන්නගෙම ඔලු ගෙවල්වලට යවයි භල්ලො අහුවුනොත්! "

     " ........... " කේශුගේ අවධානය අවන්හළේ ඇතුල්වීමේ දොරටුව වෙතම යොමු වී තිබුණි. මිහින්ගේ හිතට බයක් දැනුණේ කේශු කරන තරමක් කළ මෝඩකම් නිසා තවමත් විදවන හැටි සිහි වෙද්දී ය. " කේශූ! "

    " අන්න! අර වාහනේ ෆලෝ කරහං! ස්ටාට් කරගනින් හු#තො ඕක! "

" ඉදපං! උබ කෑගහද්දි මං කලබල වෙනවනෙ භල්ලො! "

    " මගඇරගත්තොත් මරනවා තෝ! "

    " හු#කාගන්නැතුව හ්‍යියෙන් අල්ලන් ඉදපං! ඒක අස්ප වේගෙන් නෙ බං යන්නෙ! මේක හයිවේ එක කියලද දන්නෑ හිතාගෙන ඉන්නෙ! "

     " වාහන නැති පාරෙ හිමින් ගාටන්නෙ ප#කටයැ හු#තො! බය නැතුව යමන්  ටිකක් වේගෙන්! "

   " තෝ නං කියයි! එහෙනං අල්ලගනින් ප#යා.. "

    වෙලාව මධ්‍යම රාත්‍රියද ආසන්නව තිබූ බැවින් මාර්ගය බොහෝදුරට හිස් විය. මිහින්ගේ මෝටර් බයිසිකලය කෙමෙන් ඉදිරියේ ඇති මෝටර් රථයට ලං කළද සැක නොසිතෙන තරම් පසුපසින් ගමන් කිරීමට වෛද්‍ය සිසුවා වගබලාගත්තේය.

ටොක්සික් | T O XI C  [ Complete | Novel + Sequel ] [ Ongoing New Version ]Where stories live. Discover now