14.

87 30 16
                                    

"කුකී..."

"ම්..."

"තව ටික වෙලාවයි"

"මේක හරියටම හරි යයිද ටේ?"

"මං දන්නෙ නෑ-" ටේ කතා කරේ ඈත අහසෙ දිලිසී ගෙන, තව තවත් එළිය වෙවී තාමත් පායන පුර හඳ දිහා බලා ගෙන.

මැන්ශන් එකේ උඩම තට්ටුවෙ, හොබී පොප්කෝන් ක කා ෆිල්ම් බල බල ඉද්දි ටේකුක් දෙන්නත් එක්ක අමාරුවෙන් දවල් වරුවෙම මහන්සි වෙලා උස්සන් ආපු ඒ අලි පත කණ්ණාඩිය හරි ලස්සනට පැත්තකට වෙලා බැබලි බැබලි හිටියා.

දැන් දැන් හඳේ චුට්ට චුට්ට කණ්ණාඩියෙන් පේන්නත් අරන් ඉවරයි, ඒ කියන්නෙ... පොතේ හැටියට එයාලට යන්න වෙලාව ගොඩක් ළඟයි.

"කුකී~"

"ම්..."

කණ්ණාඩිය ඉස්සරහට වෙලා බිම වාඩි වෙලා දෙන්න ආයෙමත් පොඩි කතාවක් පටන් ගන්න හැදුවෙ, හඳ තවමත් කණ්ණාඩියට ටිකෙන් ටික වැටෙමින් එළිය දෙද්දි.

"ඔයාට ඉතිහාසෙට ලකුනු කීයද?"

"ඉතිහාසෙද? ආහ්... වැඩිය නෑ ඉතින්. පහළවක් විස්සක් වගේ"

"ආහ්... ඒකයි එහෙනං හේතුව"

"කෝ මොකද්ද?" ජන්කුක් ඇහුවෙ ටේහ්‍යොන් එන්න හදන්නෙ මොකාටද කියල නිකමටවත් එයාගෙ හා මොලේට නොතේරෙද්දි.

"ඔයා අතීතෙට යන්න හදන්නෙ ඒකනෙ. අර චුට්ටයි චුට්ටියි වගේ, එතකොට තව ශර්මන් වගේ... ඉස්කෝලෙ ගිහින් අරක එහෙම නෙවෙයි, මේක මෙහෙම නෙවෙයි කිය කිය කෙල්ලො ඉස්සරහ වැඩ්ඩා වෙන්න නේහ්?" ටේ හිතලම ජන්ග්කුක්ව මේ අවුස්සන්නෙ හවස් වරුවෙ ඉදලම කොල්ලගෙ මූණ ටිකක් හරි නැති නිසා.

ඒත් එයා නයාට ගහල පොල්ල වරද්ද ගත්තා.

"යාහ්!!! කිම් ටේහ්‍යොන්!!! ඔය හැකර කට වහ ගන්නවා! ඔහේට තියෙන අමාරු මට නෑ... ඔහේනෙ කෙල්ලො දැක්කම පාණිය දා ගෙන යන්නෙ මොකාද එකා වගේ-" ඇත්තටම කියනව නං ජන්ග්කුක්ගෙ ටේ කැමතිම ගතිය මේක, එක පොඩි වචනෙකින් නිදන් ඉන්න යකාව අවුස්සා ගත හැකි වීම.

"මේ මේ! මෙතන අනවශ්‍ය කතා කියා ගෙන එන්න එපා හරිද? තමුසෙගෙ පාණිය මම දන්නෙ නැතුවද? තමුසෙ මේ-"

"ඇයි ඇයි මොකද්ද?"

"මේ තමුසෙගෙ කට වැඩියි. වයසටද තමුසෙගෙ කට?"

දෙන්නගෙ වලිය නැගලම යද්දි, එළියෙ එච්චර දෙයක් වෙන්න අර ගෙනත් දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් ඒ ගැන හරි තේරුමක් තිබ්බෙ නෑ.

"නිකන් මෙතන ලොකු මිනිහ වෙන්නැතුව ඉන්නව, මාස දෙකකිනුයි තමුසෙ වැඩිමල්-"

"කුකී-"

"මෙතන නිකං කියව ගෙන එනවා-"

"ජන්ග්කුක්!!!-"

"ඇයි මොකද?-"

ටේ හැරිල ඉන්න දිහාව බලද්දියි ජන්ග්කුක් මෙච්චර වෙලා එයාලට මග ඇරිච්ච දේ දැක්කෙ...

හඳ සම්පූර්ණයෙන්ම කණ්ණාඩියට වැටිල, කණ්ණාඩිය වතුර වගේ බොද වෙනවා. ජන්ග්කුක්ට එකපාරම මතක් උනේ එයා බලපු ෆිල්ම් එක. නම මතක නැති උනත් ඒ ෆිල්ම් එකේ අය ඔහොම කණ්ණාඩියකින් මුලින්ම අතක් විතරක් ඇතුලට දාල බලපු විදිහ එයාට මතක් උනා. එයා ටේවත් තල්ලු කරන් ගිහින් මුලින්ම කණ්ණාඩියට අත දාල බැලුවෙ, එයා තල්ලු කරන් දුවපු වේගෙට එල්ල ගෙන හිටපු අලි බෑග් එකත් එක්කම ටේව ආපස්සට වැටෙද්දි.

"වාව් ටේ... මේ බලන්න. ඒක ඇත්තටමයි. මගෙ අත- අත මේක ඇතුළෙන් යනවා, මේ..." ජන්ග්කුක් එයාගෙ එක අතක් කණ්ණාඩිය ඇතුලට දා ගෙන කතා කරේ, ටේ ඒ අලි බෑග් එකත් උස්ස ගෙන අමාරුවෙන් නැගිටල ඒ පැත්තට එද්දි.

"වාව්... ඒක නං- ආආආආආහ්!!!"

ටේව සම්පූර්ණයෙන්ම කණ්ණාඩිය ඇතුලට විසික් වෙලා ගියේ, එලියෙ තිබ්බ අනිත් අතේ තිබ්බ අර වශී වෙන අලි පොතෙන් ජන්ග්කුක් ටේට දීපු පූඌඌංචිම පුංචි තල්ලුවට.

එයත් එහෙම්මම අඩියක් පිටිපස්සට ගිහින් කණ්ණාඩිය ඇතුලට පැන්නෙ, එයා බලපු තවත් එක නමක් ගමක් නොදන්න ෆිල්ම් එකක ප්‍රධාන නිළිය කෑ ගැහුව වගේ කෑ ගහ ගෙන.

"ජෑඈඈක්!!! අනේ~ කම් බෑඈඈඈක්!!!"


____________________________________________

ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ sᴇʀᴇɴᴅɪᴘɪᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍWo Geschichten leben. Entdecke jetzt