13.

83 31 8
                                    

ජන්කුක් ගෙදර සාලෙ හරි මැද හිටන් හිටියෙ අර කලින් එයා වශී උන පොතත් එක්ක.

ටේ කලබල වෙලා එහෙටයි මෙහෙටයි දුවද්දි ජන්කුක් නං හෙලවෙන්නෙවත් නැතුව ඔහේ බලා ගෙන හිටියෙ අතේ තිබ්බ පොත දිහා.

ඒ කලබල අස්සෙ ම එකපාරටම වැදුනෙ දොරේ බෙල් එක.

ජන්කුක්ට ඒත් සිහියක් නෑ, එයාව එකපාරටම හරි සිහියට ආවෙ කොහෙන්ද මන්ද ඉදන් පාවෙලා ඇවිත් ඔලුව මැදටම වැදුනු කොට්ටයක් නිසා.

"මොකද්දෝයි ඔය පොත දිහා බලන් භාවනා කරනවද? ඔන්න ඕක පැත්තකට කරල ගිහින් අර බෙල් එක උඩ නැගන් ඉන්නෙ මොකාද බලනවා!" ටේ පඩිපෙලේ ඉදන් කෑ ගැහුවෙ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න, කට විතරක් සද්දෙට ලොකුවට ඇරල.

ජන්කුක් අතේ තිබ්බ පොත පැත්තකින් තිබ්බෙ හිතකින් නං නෙවෙයි. ඒත් එක්කම එයාට යන්න පුලුවන් උපරිම හෙමින් දොර දිහාට ඇවිදන් ගියේ ටේ දමල අරින්න තව මොනවහරි හොයද්දි.

"ඔයා කවුද?"

"I'm your hope, you're my hope, I'm J-hope" ඇවිල්ල හිටපු කෙනා කතා කරේ ඇස් පොට්ට කරවන තරමෙ හිනාවකුත් එක්ක.

"තාම ඔක්තෝම්බර් ආවෙ නෑ!"

"මොකක්- ඔක්තෝම්බර්? ආ ඔව්, තාම නෑ"

"ඉතින් එහෙනං ආවෙ මොකටද? අනික චොක්ලට් ඉල්ලන් ගෙවල් ගානෙ යන්න තරං ඔයා පොඩි ලමයෙකුත් නෙවෙයිනෙ"

"ආහ් හැලොවීන්... මාත් ආසයි ඒ කාලෙට ගෙවල් වලට ගිහින් චොක්ලට් එකතු කරන්න, අනික මං පොඩි නොවුනට මොකද මං හරිම හුරතල් නේඒඒ..."

ජන්කුක් ඔහේ ගල් ගැහිල බලන් හිටියෙ ඒ ඇවිත් හිටපු කෙනා එක එක කියුට් සද්ද කර කර එයාගෙ මූණ ඉස්සරහ කැඩිච්ච පණුවෙක් වගේ දගලන දිහා. ජන්කුක්ට නං ඒක හරිම සංවේගජනක දර්ශනයක් උනා.

ටේත් පහලට දුව ගෙන ආවෙ ජන්කුක්ගෙන් සද්දයක් නැති වෙද්දි. එතකොටයි එයා දැක්කෙ දොර ළඟ ගල් වෙලා වගේ ඉන්න ජන්කුක්වයි ඒ ඉස්සරහ උඩ පැන පැන ඉන්න එයාගෙ අතිජාත මිත්තරයවයි.

"හොබීඊඊඊ!"

"ටේයාආආ!"

හොබී, දොර ළඟ හිටපු ජන්කුක්වත් තල්ලු කරන් ඇතුලට දුවන් ඇවිත් ටේගෙ ඇගට පැන්නෙ, ටේත් පැනල හොබීව අල්ල ගනිද්දි.

"අනේ ඔයා ආපු එක ලොකු දෙයක් හොබී, මේක ඇත්තටම ලොකුම උදව්වක්"

"ඕක මොකද්ද ටේ"

වීහෝප් ඩබල කියව කියව ඇතුලට ගියත් එයාල කාටවත් ජන්කුක්ව මතක් උනේවත් නෑ. අසරණයා තාමත් දොරකඩට වෙලා පිස්සු ජෝඩුව ගියපු මග දිහා ඔහේ බලන් ඉන්නවා.

තප්පර ගානකින් හැමදේම මොලේට දා ගත්ත ජන්කුක් දොරත් වහල දාල කලින් තැනටම ඇවිත් ඔහේ හිටන් හිටියා.

_____________________________________________

"උබගෙ ඔම්මව මං ගානට ශේප් කරන්නං"

"තෑම්ස් බං! ජියෝන් ආන්ටිත් ඉදල හිටල කෝල් කරයි හැබැයි"

"එතකොට මූව ඇහුවොත් එහෙම?" හොබී කිව්වෙ සාලෙ මැද පර්වතේ වගේ හිටපු ජන්කුක්ව පෙන්නල.

"නෑ නෑ. මූව අහන්නෙ නෑ. ආන්ටි දන්නව මූ කෝල් වලට එන සතෙක් නෙවෙයි කියල. උබෙන් මොනාහරි ඇහුවොත් උබ ගානට හදල කියපං"

දෙන්නට දෙන්න අතට අත දී ගෙන ඔලුව වනා ගත්තෙ කතා කර ගත්ත විදියටම හැමදේම සිද්ධ වී ගෙන යද්දි, දැනට...

_____________________________________________

ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ sᴇʀᴇɴᴅɪᴘɪᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍDonde viven las historias. Descúbrelo ahora