15.

117 30 10
                                    


"යුව රජ ටේහ්‍යොන්~"

"ඔව් පාලකතුමියනි"

ජිමින් කුමාරයත් එක්ක සතුටු සාමීචියක හිටපු ටේහ්‍යොන් කුමාරයා, ජිමින් කුමාරයගෙ කුටියෙන් යන්න එලියට ඇදුනත් මොහොතකින් නැවතුනේ ශිල්ලා වල පාලිකාවගෙ කට හඬින්. එයා ආපස්සට හැරිල කතා කරේ ඔලුව නවල ගෞරව කරලා.

"ගෝර්යෝ දේශයේ පාලන කටයුතු කෙසේද?" පාලකතුමිය කතා කරේ කට කොනේ ඇදුනු හිනාවක් එක්ක.

"ඒවා ඉතාමත් හොදින් පාලකතුමියනි, ඔබ ඒ පිළිබදව නම් කිසිසේත්ම වද විය යුතු නැහැ"

"හහ් එසේද? බොහෝ සතුටුයි මා හට. ඇත්ත වශයෙන්ම ඔබ හා කතාවට ඇත්තේ වෙනත් කාරණයක්- ඒ... ජිමින් ගැන"

එයාගෙ මල් පෙත්තගෙ නම ඒ කටින් කියවෙද්දිත් යුවරජ ටේහ්‍යොන් ගොඩක් බය උනා. එයා අවධානෙන් ඒ කතාවට කන් දෙන්න ගත්තා.

"ජිමින් ගැන කුමක්ද?"

"ඔබ දෙදෙනා බොහා් සේ සමීප නිසයි මා මේ පවසන්නෙ. ඔහුට එතරම් සමීප වන්න එපා ටේහ්‍යොන්. ඔබ කෙතරම් රණ ශූරයෙක් උවත් ඔබේ ඇස් ඉදිරිපිටම ඔහුට අනතුරක් වනු දැකීමට සිදු වුවහොත් ඔබේ ඔය හදවත කම්පා වෙවී, මා මෙය පැවසූ වග ඔබගේ සිහියේ තබා ගන්න ටේහ්‍යොන්. වැඩි කල් නොයාම ප්‍රියයන්ගෙන් වෙන් වීම කෙතරම් වේදනාවක්ද බව ඔබටත් වැටහේවි" ශිල්ලා පාලිකාව කතා කරේ හිත ඇතුලෙ කකියන ලොකු වේදනාවකින් වගේම ඕනවටත් වඩා වැඩි වෛරයකින්.

පාලකාව එතනින් යන්න ගියත්, යුවරජ ටේහ්‍යොන් එතනම ගල් ගැහුනා.

"ප්‍රියයන්ගෙන් වෙන් වීම... ඔබ කිසිත් දන්නේ නෑ, කිසිවක් නෑ. මගෙ හදවත තවමත් ඒ වේදනාවෙන් ඇදුම් කනවා... මගේ සොන්හ්වා..." යුවරජ ටේහ්‍යොන් එතනම දනින් වැටිල ඇඬුවා.

ශිල්ලා පාලිකාව, ම්යොන්සෝ එයාගෙ කුටියට ඇවිත් දොර වසා ගත්තා. එයා දොරට හේත්තු වෙලා එහෙමම පණ නැතුව පහලට ලිස්සල ගිහින් එතනම හඬා වැටුනෙ ඒ පුංචි හුරතල් මූණ, ඒ ලස්සන හිනාව ආයෙ ආයෙම එයාගෙ ඉස්සරහින් මැවෙද්දි.

එකපාරම නැගිටල එයාගෙ කුටියෙ තිබුනු රාක්ක⁣යට අත යවපු ම්යොන්සෝ එලියට ගත්තෙ රාජ කුමාරියක් යැයි කිව හැකි පරිදි රාජකීය ඇඳුම් පැලදුම් වලින් සැරසී හිටි තරුණ ගෑනු ළමයෙකුගෙ චිත්‍රයක්.

"සොන්හ්වා... මා ඒ පලිය ඔහුගෙන් ලබා ගන්නවමයි. මා පොරොන්දු වෙනවා"

'ඔබ කිසිදාක මාව වටහා ගත්තේ නෑ මෑණියනි...'

____________________________________________

ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ sᴇʀᴇɴᴅɪᴘɪᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍDonde viven las historias. Descúbrelo ahora