"යාහ්! ජියෝන් ජන්ග්කුක්! බලනවකො ඔය මූණෙ හැටි, කුණ්ඩ හට්ටිය වගේ ඕක හදන් ඉන්නැතුව හිනා වෙලා ඉන්නවකො ළමයො" මූණත් දෙක කර ගෙන කාර් එකේ පිටිපස්සෙ ශීට් එකට වෙලා හිටපු ජන්ග්කුක්ගෙ ඔලුවටත් පාරක් ගහල මිසිස් ජියෝන් කෑ ගැහුවෙ ජන්ග්කුක්ගෙ මූණෙ හැටි දැකල.
ඔව් ඉතින් කාටද කේන්ති නොයන්නෙ තමාගෙ නිවාඩු කාලෙ, ගෙදරින් පිට වෙන තැන් තැන් වල ගෙවන්න වෙනව කිව්වම... යාලුවෙක් එක්ක උනත්... නේද?
"මොන නැකතකින් ඉපදිච්ච එකෙක්ද මන් දන්නෑ! ළමයෝ! ආයිශ්! මොන ලැජ්ජාවක්ද මේ!?" අතකින් ඇදල ජන්ග්කුක්ව කාර් එකෙන් එළියට දාපු එයාගෙ ඔම්මා ආයෙමත් කෑ ගහන්න ගත්තෙ, ජන්ග්කුක් කාර් එකෙන් එළියෙ ආයෙ එතනම බිම ඔහේ වාඩි වෙලා ඉන්නව දැකල.
"ආයිශ්! නැගිටිනවකො ළමයො!"
"බෑහ්! වඩා~" ජන්ග්කුක් බිම ඉදන්ම අත් දෙක මිසිස් ජියෝන් ගෙ පැත්තට දික් කරේ පුංචි ළමයි වඩා ගන්න කියනව වගේ.
"ආයිශ්! ජියෝන් ජන්ග්කුක්! තාම පොඩි එකා කියලද හිතන් ඉන්නෙ ආහ්! ආශ්! කෝ මේ බර කරත්තෙ අයිතිකාරයා!? ඒයීඊඊ~"
ඒ ජාතික ආමන්ත්‍රණේ ඇහෙද්දිම එතනට දුවන් ආවෙ මිස්ටර් ජියෝන්.
"මැණිකෙ... මොකද මේ?" බිම වාඩි වෙලා ඉන්න එයාගෙ මහලොකු පුතා දිහයි, පුතාගෙ ඔම්ම දිහයි මාරුවෙන් මාරුවට බල බල මිස්ටර් ජියෝන් ඇහුවෙ හිනාව කා ගෙන.
"මොකද අහන්නෙ? ඇයි පේන්නැද්ද? ඔහේගෙ බර කරත්තෙගෙ තෙල් ඉවර වෙලා. ඉතුරු ටික දැන් ඉතින් කරේ තියන් යනවා"
මිසිස් ජියෝන් කියල ඉවර වෙනවත් එක්කම මිස්ටර් ජියෝන් උස්සල වඩා ගත්තා,
ජන්ග්කුක්ව නම් නෙවෙයි හැබැයි, එයාගෙ ඔම්මව...
"අනේ මැණිකෙ, කියන්න එපැයි... මං එනවනෙ සුටුස් ගාලා" මිසිස් ජියෝන්වත් අත් අතර තියාගෙන ආදර වදන් කියව කියව ඉන්න මිස්ටර් ජියෝන් දිහත්, එයාගෙ බෙල්ල අස්සෙ මූණ ගහන් හිනා වෙවී ඉන්න මිසිස් ජියෝන් දිහත් බලන් හිටපු කෙනෙක්ට නම් මේව දැකල කලන්තෙට වගේ.
"ඕහ් ශිට්! ඊව් අනේ... ඔයාල නම් මහ... නාකි කෝළං~" ජන්ග්කුක් මූණත් හද හද තනියම ම අන්තිමට නැගිටල යන්න ගියේ ජියෝන් කපල් එක තවමත් එතන එළියෙ පෙම් බස් කියවන අතරෙ.
_____________________________________________
"පුතා... පරිස්සමින් කුකී. දඟ නොකර පරිස්සමින් ඉන්න ඕනෙ හරිද? යාලුවටත් කරදර එහෙම කරනව නෙමේ. අනේ දෙවියනේ පරිස්සමින්! අපි එනකන් ඔය හා ඔලුව පරිස්සම් කරන් ඉන්නවා! තේරුනාද~ ම්ම්..." මිසිස් ජියෝන්, ජන්ග්කුක්ගෙ මුලු මූණම අත ග ගා කතා කරේ ලොකු ආදරේකින්, මොන දෙයක් උනත් ඉතින් අන්තිමට බලද්දි ඒ එයාගෙ එකම පුතානෙ.
"ටේ පුතාටත් හරි කරදරේ නේද මේ කොල්ලා හින්දා, නිවාඩු කාලෙ මේ මෝඩ කොල්ලත් එක්ක එකතු වෙලා අකුරක් හරි ඉගෙනගන්න කැමති වෙච්ච එකම කොච්චර ලොකු දෙයක්ද" නිවාඩු මාසෙ පුරාවට ජන්ග්කුක්ගෙ බාරකාරයා වෙන්න ඉන්න එයාගෙ ඥාති සහෝදරයෙක් වගේම හොදම යාලුවත් වෙච්ච කිම් ටේහ්‍යොන් දිහාවට හැරිල මිස්ටර් ජියෝන් ත් කතා කරේ නිවාඩු කාලෙන් සති දෙකක් පුරාවට හරි නිදහසේ ඉන්න හදල දීපු එකට ටේට හිත යටින් දහස් වතාවක් තවත් ස්තූති කරන අතරෙ.
"ආහ්... ඒක ලොකු දෙයක් නෙවෙයි අන්කල්, ආන්ටි. මං මෙයාව හොඳට බලා ගන්නම්කො, ඔයාල පොඩ්ඩක්වත් බය වෙන්න ඕනෙ නෑ"
_____________________________________________
CZYTASZ
ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ sᴇʀᴇɴᴅɪᴘɪᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ
Fanfiction✨ ආඩම්බරකාර මගෙ පුංචි තාරකාව... ආදරෙයි මා... පණටත් වඩා... ✨