"කිඳුරන්? ඔවුන් සැබැවින්ම මෙලොව පවතින ජීවින් කොටසක්ද? මිනිස් හිසක්, මත්ස්ය ශරීරයක්? මට නම් එය විශ්වාස කිරීමට අපහසුයි. ඔබේ අදහස කුමක්ද යොබෝ? ඔබටත් එය විශ්වාසයට ගත නොහැකියි නොවෙද?"
හතර වටේම රාක්ක පිරෙන්නම පොත් පිරිල තිබුනු ලොකුම ලොකු රාජකීය පුස්තකාලෙ ඇතුළෙ කාලෙ ගෙවිල ගිහින් මධ්යම රාත්රියත් උදා වෙලා කියල නොදැනම දෙන්නෙක් රැය පහන් කරනවා.
එයාලගෙ මාතෘකාවත් හරිම සිත් ඇද ගන්නා සුලුයි, කිඳුරන්... විශ්වාස කරනව නම් මේ ලොකේ තියෙන්න පුලුවන් ලස්සනම මිථ්යාවක්...
කුතුහලය කියන දේ... ම්ම්... ඒක මේ ලෝකෙ ලස්සනම දෙයක්, අපිව අපි නොහිතනම දේවල් වලට පොලඹවන්න පුලුවන් තරම් මහ අමුතු දෙයක් ඒක... ඉතින් මේ රාජකීය පුස්තකාලෙ ඇතුළෙ මේ ඉන්න රාජකීය අමුත්තන්වත් ඒක දැනටමත් වහ ගෙන ඉවරයි, කුතුහලය...
අඳුරු පුස්තකාලෙ මෝල්ගහක් තරම් ඉටිපන්දමත් බලන් ඉද්දි දිය වෙලා ගිහින් ඉවර වෙන්න ඔන්න මෙන්න, ඒත් මේ රාජකීය අමුත්තන්ට තාම ඒ ගැන වගක් නෑ. පොත් රාක්කයක් ළඟ දන ගහන් පොතකට ඔලුව ඔබන් ඉන්න මේ රාජ කුමාරයටවත්, එයාගෙ මහලොකු යොබෝ, එයාගෙ පූස් පැට්ටටවත්...
"යොබෝඕඕ... එසේ නම් මෙන්න අපිට අවැසි පොත මෙය විය යුතුයි" පොත් රාක්කෙ යටම කෙළවරක දූවිලි නෑවිල තිබ්බ අලි පොතකුත් අතට අරන් දූවිලි පිහි දැම්ම පුංචි කුමාරයා එයාගෙ විශ්ලේෂණය පටන් ගන්නයි හදන්නෙ.
"දෙවන පිටපත? මෙය දෙවැන්න නම් කොහිද එවිට පළමු පිටපත? කුමක් හෝ කම් නෑ, දැන් මෙය ගැන බලමු. හ්ම්... මෙය නම් බොහෝ පැරණි පාටයි. මගෙ රෝස අත් වල දුහුවිලිත් ගෑවිලා. ඔහෝ මේ කුමක්ද? ඔබ මෙය කලින් දුටුවාද?"
පොතේ මැද්දෙ ලියවිල තිබ්බ අකුරු පේළිය දිගේ එයාගෙ බෝල ඇගිලි ගෙනියන ගමන් එයා කතා කරේ ඇස් දෙකත් බෝල කරන් ලොකු කුතුහලේකින්.
"කුතුහලය මායාවේ දොරටු විවර කරවයි~"
පොතත් මූණටම ළං කරන් එයා මහ හයියෙන් කියෙව්වෙ පොතේ මැඳ රත්තරන් අකුරු වලින් ලියවිල තිබුනු ඒ අකුරු පේළිය. ඒත් එක්කම පොතේ පිටු පෙරළී ගෙන, පෙරළී ගෙන ගියේ හරියට අපි ඉස්සර අහල තියෙන මායා කතාවල කියනව වගේ. අර කියන්නෙ වටේම සුළි කුණාටුවක් වගේ ආපු ගහ ගෙන යන හුළඟත් එක්ක පොතේ පිටු පෙරළී ගෙන ගියා කියල, අන්න ඒ වගේ. මේ රාජ කුමාරයටත් එක පාරටම මැවිල පේන්න ගත්තෙ පොතෙන් ආපු මායා ආලෝකෙකින් මුලු පුස්තකාලෙම වැහිල යනවත් එක්කම එයාව නිකන්ම පාවෙන්න ගත්ත විදිහ, හරියට එයා පුංචි කාලෙදි පුස්තකාලෙ අස්සට වෙලා මහ රෑ වෙනකන්ම කියවපු කතාවල තිබුනා වගේම. ඒත් එයාගෙ පුංචි හීන බිඳෙන්නෙ ගියේ එක තප්පරයයි, එළියෙ මහ කුණාටුවක සලකුණු ඇදෙන්නෙ ගනිද්දි බාගෙට වහල තිබ්බ ජනේලෙන් ඇතුළට කඩා වැදිච්ච හුළඟ තමයි ඔක්කොටම මුල.
එතකොටයි මේ කුමාරයටත් එයා මේක ඇතුළෙ කොච්චර නම් වෙලාවක් කාලෙ ගත කරලද කියල දළ අදහසක් ආවෙ, පොතත් වහල එතන බිමින් ම තියපු පුංචි කුමාරයා එයාගෙ යොබෝවත් උස්ස ගෙන පුස්තකාලෙන් එළියට ඇවිදන් ගියේ අන්තිම අඩියෙ පත්තු වෙවී තිබුනු මෝල්ගස් ඉටිපන්දමත් නිවල දාල.
ඒත් ඒ පොතේ මැද ලියල තිබ්බ ඒ අකුරු පේළිය රත්තරන් පාටට දිලිසිල ආයෙත් නිවිල යන විදිහ නම් එයා දැක්කෙ නෑ...
_____________________________________________
ŞİMDİ OKUDUĞUN
ʏᴏᴜ ᴀʀᴇ ᴍʏ sᴇʀᴇɴᴅɪᴘɪᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ
Hayran Kurgu✨ ආඩම්බරකාර මගෙ පුංචි තාරකාව... ආදරෙයි මා... පණටත් වඩා... ✨