9. දිගහැරුම

941 213 109
                                    

දිවිතුරා..

දිවිතුරා
ඔබට මන්
ආදරෙයී
රත්තරන්..

💚 කෝ චූටියෝ ඔයා... ගුම්.. කෝ ආ....

පාසල් නිවාඩු කාලේ.. මේ ඇච්චො දෙන්නව පොතක් බලන්න අල්ල ගන්න තියෙන අමාරුවක්... බැලුවොත් ජෝඩු දාලා සෙල්ලමක්.. ලොකූ නම් ඉතින් පොතේමයි... දැන් එයාගේ විභාගෙටත් තව චූටී කාලයයිනේ තියෙන්නේ.... ඉතින් එයා පොතේ හිටියත් අර ඩබලට ඇස් මානේ ඉදන් සෙල්ලම් කරන්න කිව්වට ගුම්ගෙ වැඩේම චූටී ජාන්වත් කුදලන් එලියට පනින එකමයි....

💚 අම්මා.. කෝ අනේ අර දෙන්නා..

" ආපෝ... අන්න ඔන්චිලි දෙකක් හදලා ඕනා කියලා දෙන්නත් එක්ක තාත්තගෙයි බාප්පගෙයි හිසේ කෙස් ටික ගලෝනවා... මන් හිතන්නේ හතර දෙනාම කැලේට ගියා ගස් කපාගෙන එන්න..."

" අපේ චූටී ඉන්නවා නේද අක්කේ... ඊයේ මාත් එක්ක වලි.. ලොකූ ඉස්සර වගේ නෑලූ.. පොතේමයිලු.. ආසාවට වත් උම්මියක් දෙන්නෑලූ.. මට වෙනස්කම් කරනවලූ.. "

💚 හැ මම...😳😳😳

ඒකනම් ඉතින් කොහෙත්ම වෙන්න බෑ... මොකද ඉස්සරටත් වඩා දැන් යීබෝ චූටී ජාන්ව ඉබිනවා.. නිතරම ලගට අරන් නිදාගන්නවා... නිදාගද්දි නම් අනිවාර්යයෙන්ම ඒ චූටී තොල් ඉබිනවා.. ඉතින් මොකක්ද මේ කොල්ලා ඉබින්නෑ කියන්නේ...

💚 චූටී කපටියා...

පුංචි කමට පේනවා නේද පැහිලා තියෙන හැටී.. ලොකූ කිව්වා වගේම ඒ චූටී තොල් ලොකූ ඉබිනවා කියලා එයා කාවවත් කියන්නෙ නෑ.. ඉතින් බොරුවට තමයි අර ආඩපාලී කියලා තියෙන්නේ..

💚 අම්මා.. මොනාහරි බොමුකෝ අප්පා... මට පාඩම් කරලම මහන්සි ,

කුස්සියේ උන්න පුංචියගේ පිටත් බදාගෙන අම්මී දිහා බලාගෙන කියද්දි අම්මී ඉක්මනින් බීම හදන්න ගත්තා... කොහොමත් දැන් කැලේ පැන්න හතර දෙනා එන්නෙම අම්මෝ අයියෝ ගාගෙන වෙද්දි ඉතින් බොන්න දෙයක් අනිවාර්යයෙන්ම ඕනනේ ඒ ඇගවල් ආයේ පණ ගහලා ගන්න..

" ලොකූ... හොදට පාඩම් කරනවා නේද මයේ මැණික.."

පුංචි කට පුරාම මයේ මැණික ගාද්දි යීබෝ ඒ කම්මුලක් ඉබලා දැම්මා.. අම්මා මොකෝ පුංචි අම්මා මොකෝ නේද.. තාත්තා මොකෝ බාප්පා මොකෝ.. ඔක්කොම අම්මලා තාත්තලනේ...

꧁  දිවිතුරා  ꧂                                                        ✓ Where stories live. Discover now